අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

ප්‍රශංසාවේ මිටියාවත

කවියෙක් වූ විලියම් කව්පර් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් මානසික විශාදිය සමග පොර බැදුවේය. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමකින් පසුව ඔහුව මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. එහිදී කිතුනු වෛද්‍ය වරයෙක්ගේ සැළකිල්ල තුළින් කව්පර් යේසුස්වහන්සේ තුළ උණුසුම් අගනා ඇදහිල්ලකට පැමිණියේය. ඉන්පසුව ඔහු සභාපාලක සහ ගීතිකා රචක ජෝන් නිව්ටන් හඳුනා ගත් අතර ඔවුන්ගේ සභාවට ගීතිකා පොතක් රචනා කරන්න ජෝන් නිව්ටන් ඔහුව දිරි ගැන්වූයේය. ඔහු…

අයිතිකරුද නැත්නම් භාරකරුද?

“මම අයිතිකරුද නැත්නම් භාරකරුද?” තම පවුලට වඩාත් හොඳම දෙය කුමක්දැයි යන්න ගැන සිතන ලොව දැවැන්ත සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා තමාගෙන්ම මෙම ප්‍රශ්නය ඇසුවේය. අධික වස්තුව සමග පැමිණිය හැකි පරීක්‍ෂාවන්ගේ අභියෝගයන් තම උරුමක්කාරයින් මත පැටවීමට ඔහුට අවශ්‍ය නොවීය. එම නිසා ඔහු තම සමාගමේ අයිතිය අත හැර භාරකාර මණ්ඩලයකට පැවරීය. තමාට අයිති සියල්ල දෙවියන්වහන්සේට අයිති බව තේරුම් ගෙන රැකියාව ජීවනෝපායකට හුවමාරු කිරීමට…

යේසුස්වහන්සේගේ පාවහන් වල ගමන් කරමින්

රාජකීය පාවහන් වල ගමන් කිරීම කෙසේ වේවිද? වරාය සේවකයෙක්ගේ දියණියක් සහ හෙදියක් වන ඇන්ජලා කෙලී දශක දෙකක පමණ කාලයක සිට මිය ගිය එලිසබෙත් රැජිනගේ රාජකීය ජීවිතයේ නිල ඇඳුම් පළඳවන්නිය ලෙස කටයුතු කළාය. ඇයගේ එක් වගකීමක් වූයේ වයස්ගත රැජිනගේ පාවහන් හරි ගැස්සෙන පිණිස ඒවා පැළඳ ගෙන මාලිගා පරිශ්‍රයේ ඇවිදීමය. ඊට හේතුවක් තිබුණි. ඒ සමහර අවස්ථාවන් වල උත්සව වලදී වයස්ගත කාන්තාවන්ට සෑහෙන…

ගණන් කළ නොහැකි ප්‍රේමය

“මම ඔබට කෙසේ ප්‍රේම කරම්ද? මාර්ග මම ගණන් කෙරේවා!” එලිසබෙත් බැරට් බ්‍රවුනිංගේ “පෘතුගීිසි පද දහහතර” ඉංග්‍රීසි භාෂාවේ ඇති සුප්‍රසිද්ධ කවි පංතියකි. ඇය මෙම කවි විවාහයට පෙර බ්‍රවුනිංට ලියන ලදී. ඒවා ඔහුගේ සිත කෙතරම් ආකර්ශණය කර ගත්තේද යත් මුළු එකතුවම මුද්‍රණය කිරීමට ඔහු ඇයව දිරිගැන් වූයේය. නමුත් මෙම පද දහහතරේ භාෂාව ඉතා මෘදු වූ නිසා පුද්ගලීකත්වය රැක ගැනීම පිණිස බැරට් ඒවා…

යේසුස්වහන්සේ තුළ නව අනන්‍යතාවයක්

මම පෙර සිටි පුද්ගලයා නොවෙමි. මම අලුත් මනුෂ්‍යයෙක්මි”. පාසැල් රෑස්වීම වෙලාවේදී මාගේ පුත්‍රයා සිසුන්ට පැවසූ එම සරල වචන වලින් ඔහුගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළ විශාල වෙනස පෙන්නුම් කරයි. වරක් හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි ජෙෆ්රි තම පෙර පාප සහ වැරදි තුළින් තමන් දෙස බැලුවේය. නමුත් දැන් ඔහු තමාව දකින්නේ දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙසිනි.

බයිබලය මෙම පොරොන්දුව තුළින් අපව දිරි ගන්වයි. “එබැවින් යමෙක්…

නත්තල් තරුව

“ඔබ ඒ තරුව සොයා ගතහොත් ඔබට සෑම විටම නිවස සොයා ගත හැකිය”. ඒ මම කුඩා දරුවෙක් කාලයේ උතුරු තරුව සොයා ගන්නා ආකාරය කියා දෙමින් මගේ පියා කී වචන වන්නේය. යුද්ධ කාලයේදී පියා හමුදාවල සේවය කර තිබූ අතර සමහර කාල වලදී ඔහුගේ ජීවිතය යැපුණේ රාත්‍රි අහස බලා කරන ලද ගමන් වලිනි. ඒ හෙයින් තාරකා මණ්ඩල කිහිපයක සහ ස්ථාන ගැන මා දැන…

පූර්ව නිගමනය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය

“ඔබ මා බලාපොරොත්තු වූ කෙනා නොවෙයි. මම ඔබට වෛරකරනවා කියා මම සිතුවෙමි. නමුත් එය එසේ නොවේ”. තරුණයාගේ වචන කුරිරු ලෙස පෙණුන නමුත් එම වචන කරුණාවන්ත වීමට දැරූ උත්සාහයකි. වසර ගණනාවකට පෙර මගේ රට සමග යුද්ධයක පැටලී සිටි ඔහුගේ රටෙහි මම අධ්‍යාපනය හදාරමින් සිටියෙමි. අප පංතියේ එක්වී කණ්ඩායම් සාකච්ඡාවක යෙදෙමින් සිටිය නමුත් ඔහු දුරස්ව සිටින බව මම දුටුවෙමි. මම ඔහුට යම්…

විනාශය විනාශ කරන ලදී

“කුරුලු පැටවුන් හෙට පියාසර කරයි!” අපේ ඉදිරිපස ආලින්දයේ එල්ලෙන කූඩයක කුරුලු පවුලක් ලබමින් සිටින ප්‍රගතිය ගැන මගේ බිරිඳ කැරි සතුටු වූවාය. කුරුළු අම්මා කැදැල්ලට කෑම ගෙන එන අයුරු ඡායාරූප ගනිමින් මගේ බිරිඳ දිනපතා ඔවුන් දෙස බලා සිටියාය.

කැරි පසුදා උදෑසනම අවදි වූයේ ඔවුන් ගැන බැලීමටය. ඇය කූඩුව ආවරණය කරමින් තිබූ කොළ පැහැති කොළ කිහිපයක් පසෙකට තල්ලු කළාය. නමුත් කුරුලු පැටවුන්…

දෙවියන්වහන්සේගේ අනපේක්ෂිත මාර්ග

දේවගැති වරයා, ඔහුගේ දේශනාව දෙස නෙත් යොමා බැලුවේ තමන්ට වචන පෙනෙන පරිදි එම පිටු තමන්ගේ මුහුණට ළං කර ගනිමින්ය. ඔහු බොහෝ සෙයින් දුර නොපෙනෙන අයෙකු වූ හෙයින් ප්‍රවේසමෙන් තෝරාගත් සෑම වාක්‍ය ඛණ්ඩයක්ම ඒකාකාරී ස්වරයකින් කියෙව්වේය. නමුත් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට ජොනතන් එඞ්වර්ඞ්ස්ගේ දේශනා කිරීම හරහා ප්‍රථම මහා පිබිදීමේ පුනර්ජීවන ගිනි දැල්වීමට සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට දහස් ගණනක් ගෙන ඒමට හැකි…

"සියල්ල මට විරුද්ධයි"

"මා, විශාල මුදලක් වටිනවා කියා අද උදෑසන මට සිතුවිල්ලක් පැමිණියේය; දැන් මට ඩොලරයක්වත් තිබේදැයි මම නොදනිමි." කියා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති කෙනෙකුවූ යුලිසීස් එස්. ග්‍රාන්ට් එම වචන පැවසුවේ ව්‍යාපාරික හවුල්කරුවෙකු විසින් ඔහුගේ ජීවිතය පුරා ඉතුරු කළ මුදල් වංචා කළ දිනයේය. මාස කිහිපයකට පසු, ග්‍රාන්ට්ට සුව කළ නොහැකි පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලදී. ඔහුගේ පවුලට අවශ්‍ය පහසුකම් සැපයීම ගැන සැලකිලිමත්…