අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ජෙනිෆර් බෙන්සන් ශුල්ඩ් විසින් රචිත ලිපි

අතරමැදි යාච්ඤාව

එක් සෙනසුරාදා දහවලක මගේ පවුලේ අයත් සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවුනෙමි. එහි සේවකයා කර කර ගා හැපෙන ෆ්‍රයිස් සහ බර්ගර්ස් අපගේ මේසයට බෙදන විට මගේ ස්වාමිපුරුෂයා ඔහු දෙස බලා ඔහුගේ නම ඇසුවේය. ඉන් පසුව “අපි පවුලක් හැටියට කෑම කන්නට පෙර යාච්ඤා කරන්නෙමු. අද දවසේ ඔබ වෙනුවෙන් අපට යාච්ඤා කළ හැකි කිසිවක් තිබේද?” කියා ඔහුගෙන් ඇසුවේය. ඇලන් (දැන් අපි ඔහුගේ…

උන්වහන්සේ ඒ පිළිබඳව සියල්ල දන්නා සේක

ෆින් නැමැති සියම් වර්ගයේ සටන්කාමී මත්ස්‍යයෙක් අපගේ ගෙදර වසර දෙකක් ජීවත් විය. මගේ බාල දියණිය ටැංකියට ආහාර දමා ෆින් සමග කථා කරන්නීය. පෙර පාසැලේදී සුරතල් සතුන් ගැන සාකච්ඡාව මතු වූ විට ඇය ඌ තමාට අයිති බව ආඩම්බරයෙන් කියන්නීය. කාලයක් ඇවෑමෙන් ෆින් මිය ගියේය. මාගේ දියණියගේ සිත කැඩුණි.

මාගේ මව මට උපදෙස් දුන්නේ දියණියගේ හැඟීම්වලට සැලකිල්ලෙන් කන් දී “දෙවියන්වහන්සේ ඒ පිළිබඳ…

ලස්සන වීමට කාලයක්

එක් ජනවාරි උදෑසනක මම පිබිදුණේ සති ගණනාවක් දුටු ශීත සෘතුවේ මැද හරියේ දකින දර්ශනයක් බලාපොරොත්තුවෙනි. එනම් හිම තට්ටු මතින් පිටතට එන්න උත්සාහ කරන කහ පැහැති තණකොළ, අළු පැහැති අහස, සහ කොල නැති ශාඛ යනාදියයි. එසේ වුවත් එක් රාත්‍රියකින් අසාමාන්‍ය දෙයක් සිදුවී තිබේ. අජීවිව අධෛර්යව තිබූ මුළු පළාතම මනහර දර්ශනයක් මවමින් හිම කැට වලින් වැසී තිබුණු අතර ඒවා හිරු එළියෙන් බැබළෙමින්…

අපට මගපෙන්වන ආලෝකය

කෞතුකාගාරයකදී පුරාණ පහන් කිහිපයක් අසළ මම කාලය ගත කළෙමි. එහි ලාංජනයක ඒවා ඉශ්‍රායෙලයෙන් බව කොටා තිබුණි. කැටයම්වලින් අලකාර කර තිබූ එම පහන්වල කුහර දෙකක් විය. එකක් තෙල් පිරවීමටය. අනික තිරය පිණිසය. ඒවා සාමාන්‍යයෙන් බිත්ති කුළුණු මත තැබුවද ඒවා කෙතරම් කුඩා වීද යත් අතේ අල්ල මත ගෙන යා හැකි විය.

සමහර විට “ස්වාමින්වහන්ස ඔබ මාගේ පහනය. ස්වාමින්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන…

විනාශකාරී ද්‍රව්‍යයන්

වාහනයක අනතුරු නළා ශබ්දය කන් පසාරු කරගෙන මාගේ වාහනය පසුකර ගියේය. එහි නිවි නිවී පත්තුවන ආලෝකය මාගේ කවුළු තුළින් මට දිස්වුනි. “භයානක ද්‍රව්‍යයන්” යැයි ට්‍රක් රථය පැත්තක ගසා තිබුණි. විද්‍යාගාරයක සල්ෆියුරික් අම්ලය සහිත ගැලුම් 400 ක කන්ටේනරයක් කාන්දුවීමට පටන් ගෙන තිබුණි. ආපදා සේවකයින්ට කෙසේ හෝ එහි ව්‍යාප්තිය නැවැත්වීමට සිදුවී තිබුණි. ඊට හේතුව එය ගැටෙන ගැටෙන තැන විනාශ වන නිසාය.

මා…

එකට ගෙතී

වසර හතළිහකට වඩා ඇය වෙත තිබූ ගෘහ අලංකරණ පැලයක් මිතුරියක් මට දුන්නාය. පැලය මාගේ උසට තිබුණි. එහි සිහින් කඳන් තුනක් විය. ඒවායෙහි පත්‍ර විශාල විය. පත්‍රවල බර නිසා කඳන් පොළොවට බරව තිබුණි. මම ඒවා කෙළින් කර කරු තබා හිරු එළිය වැටෙන පිණිස ජනේලය අසළ තැබුවෙමි. එසේ කළේ හිරු එළියට එහි කොළ කෙළින් වී එයට නව පෙනුමක් ලබා දිය හැකි යයි…

දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි සුදුසුකම් ලැබ

විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු තාක්‍ෂණික උපදෙස් සමාගමක් මාව බඳවාගත්තේය. එක් පරිඝණක කේතයක්වත් ලිවීමට මම නොදැන සිටියෙමි. එසේම මට තිබුණේ ඉතා අල්ප ව්‍යාපාරික දැනුමකි. බඳවා ගැනිමේ සම්මූඛ පරීක්‍ෂණයේදී මා දැන ගත්තේ සමාගම වැඩ පුහුණුව ගැන එතරම් නොතැකූ බවය. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ පුද්ගලික ගුණාංග, ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව, හොඳ විමසීමේ ශක්තිය සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාවය. සමාගම අනුමාන…

විනාශකළ නොහැකි ප්‍රේමය

අපගේ නිවස පසුපස ඇති වතුර ඇල දකින විට එය ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණාධික කාලයෙහි ගල් අතරින් ගලා යන සිහින් දිය පාරක් පමණක් විය. එහා මෙහා යාමට ඝණකම් ලෑලිවලින් සාදන ලද පාලමක් ප්‍රමාණවත් වුනි. මාස කිහිපයකට පසු දින කිහිපයක් එක දිගට දැඩි වර්ෂාව අපගේ ප්‍රදේශයට පතිත වුනි. අපගේ මෘදු කුඩා ඇළ විශාල ගංගාවක් ලෙසට පරිවර්තනය විය. ගැඹුරිණ් අඩි 4 කුත් පළලින් අඩි…

රැකියාව කරන අතර පුහුණුව

බ්‍රසීලයේ කළමණාකාරවරියක් ඇයගේ ගොඩනැගිල්ලේ භාරකරුවන්ගෙන් ලිබිත වාර්තා ඉල්ලා යැව්වාය. දිනපතා එක් එක් කාමරය පවිත්‍ර කළ අයගේ නම, පවිත්‍ර නොකළ කාමර, එක් එක් කාමරයක ගත කළ කාලය යනාදිය ඇයට අවශ්‍ය කළාය. පළමු “දිනපතා වාර්තාව” ලැබුණේ සතියකට පසුවය. එය පුරවා තිබුණේ අර්ධ වශයෙනි.

කළමණාකාරවරිය එය සොයා බලන විට ඇය දැන ගත්තේ බොහෝ අයට කියවීමට බැරි බවය. ඔවුන් රැකියාවෙන් අස් කර දැමීමට ඇයට…

මෝරුන් සපා නොකන විට

මාගේ දරුවෝ සතුටින් ඉපිලුණෝය. නමුත් මට එසේ නොවුණි. අපි මත්ස්‍ය උද්‍යානයකට ගියෙමු. එහි විශේෂ පොකුණක සිටි කුඩා මෝරුන්ව මිනිසුන්ට අත පත ගෑ හැකිය. මෝරු ඇඟිලි සපන්නේ නැත්දැයි මා ඇසූ විට ඔවුන් බලා ගන්නා තරුණිය විස්තර කළේ මෝරුන්ට ටික වේලාවකට පෙර ආහාර වැඩිපුර දී ඇති බවත් ඔවුන්ට බඩගිනි නැති නිසා ඔවුන් සපා කන්නේ නැති බවත්ය.

මෝරුන් සුරතල් කිරීමෙන් මා ඉගෙන ගත්…