දෙවියන්වහන්සේ මා දන්නා සේක
අපගේ ළමා කාලයේ කථාන්දර පොතක් මගේ සහෝදරිය සොයා ගත් විට හැත්තෑ ගණන් වයස්වල සිටි මගේ මව ඉතා ප්‍රීති වූවාය. මී පැණි සොරකම් කළ වලහෙකුට මීමැස්සන් එළව එළවා අනින ආකාරය වැනි ඉතා සියුම් විස්තර පවා ඇයට සිහිපත් විය. වලහාගේ පළා යෑම ගැන බලා සිටි අප සිනහ වෙනවා පවා ඇයට සිහිපත් විය. “අපගේ කුඩා අවදියේදී නිතරම කථාන්දර කියා දීම ගැන ස්තුතියි” කියා…
නොකඩවා යාච්ඤා කිරීම
බේකරි සේවිකාවක් වූ මිලාට පාන් සොරකම් කළ බවට ඇගේ පරිපාලකගෙන් චෝදනාවක් එල්ල වූ විට ඊට විරුද්ධව සිටීමට ඇය දුර්වල බව මිලාට හැඟුණි. බොරු චෝදනාව සහ පඩි අඩු කිරීම ඇගේ පාලකවරිය කළ වැරදි වලින් දෙකක් පමණි. “දෙවියන්වහන්ස, මට උදව් කරන්න. ඇය යටතේ සේවය කිරීම ඉතාම අපහසුය. නමුත් මට මේ රැකියාව අවශ්‍යයි” යනුවෙන් මිලා සෑම දිනකම යාච්ඤා කළාය.
“මාගේ විරුද්ධකාරයා ගැන මට…
බයිබල් පසුපස අසුනේ
ඇන්ඩ්රෘගේ වොක්ස්වැගන් රථය නැවැත්විණි. සොල්දාදුවෝ රථය වෙතට ආහ. පසුගිය කාලයේ ඔහු යාච්ඤා කළ පරිදි ඔහු යාච්ඤා කළේය. “දෙවියන්වහන්ස, ඔබවහන්සේ මෙලොව ඉන්නා කාලයේ අන්ධ ඇස් වලට පෙනීම ලබා දුන් සේක. දැන් පෙනීම ඇති ඇස් අන්ධ කළ මැනව”. භටයෝ මෝටර් රථය පරීක්ෂා කර බලා පසුපස ඇති බයිබල් ගැන කිසිවක් කීවේ නැත. ඇන්ඩ්‍රෘ සීමාව පසුකර ගියේ බයිබලයක් ලබා ගැනීමට නොහැකි අයට ඒවා බෙදා…
ඇදහිල්ලෙන් ඔව් කියමු
රැකියා ස්ථානයේදී අලුත් වගකීමක් භාර ගන්න යයි මට පැවසූ විට බැහැ කියා කීමට මට අවශ්‍ය විය. මම අභියෝග ගැන සිතා ඒවා දරා ගැනීමට මට නොහැකි යයි සිතුවෙමි. නමුත් මම යාච්ඤාකර බයිබලයෙන් සහ අනෙකුත් ඇදහිලිවතුන්ගෙන් උපදෙස් ගත් විට දෙවියන්වහන්සේ “ඔව්” කියා කීමට මාව කැඳවන බව මම තේරුම් ගත්තෙමි. දේව වචනය තුළින්ද උන්වහන්සේ උපකාර කරන බවට මට සහතිකයක් ලැබුණි. එම නිසා මම…
යේසුස්වහන්සේ තුළ එකතුවී
ඇලෙස්කාවේ විටියර් නුවර පදංචිකරුවන් තුන්සියයක් පමණ එක් විශාල තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වූ අතර විටියර් එක වහලක් යට නගරයක් ලෙස හැඳින්වූයේ ඒ නිසාය. එහි සිටි එක් පදිංචිකාරියක් වන ඒමී පැවසුවේ “මට ගොඩනැගිල්ලෙන් එහා යන්නට අවශ්‍ය වූයේ නැහැ. මක්නිසාදයත් සිල්ලර කඩය, නොතාරිස් කාර්යාලය, පාසැල්, තැපැල් කාර්යාලය පහළ මාලයේ තිබුණි, ඒ විදුලි සෝපානයේ දුරිනි” යනුවෙනි.
“ජීවිතය එතරම් පහසුදායක වූ නිසා මම බොහෝ…
යහපත් කැඳ (කන්ජි)
ජොසලින්ගේ කඩේ හොඳින්ම විකිණුනේ ඇගේ කැඳය. පදම හරියන තුරු ඇය බත් කැඳ හැඳි ගාන්නීය. එම නිසා “අද ඔබේ කැඳ වල රසය වෙනස්. එහි පදම මෘදු නැහැ” යනුවෙන් එක් පාරිභෝගිකයෙක් පැවසූ විට ඇය පුදුමයට පත් වූවාය.
ජොසලින්ගේ අලුත් සේවිකාව එදින එය සුදානම් කර තිබූ අතර වෙනස ගැන ඇය තේරුම් කළාය. “මම වට්ටෝරුවේ දක්වා ඇති ලෙසට හැඳි නොගෑවෙමි. ඒ මම නිවසේදී කරන්නේ…
අන් අය කෙරෙහි අපගේ බලපෑම
අපගේ දිවා ආහාර උත්සවයට පැමිණිමට පාසැල් භාරකරු ප්‍රමාද වන බව දැනගත් විට මාගේ සෙමනේරියේ මහාචාර්යවරයෙක් වන ආචාර්ය ලී සෙමෙන් භාරකරුගේ ආහාර පිඟාන වෙන් කර තැබුවේය. එසේම මමත් මගේ පාසැල් මිතුරනුත් කථා කරමින් සිටින අතර තුර අන්තිම කේක් කැබැල්ලද ඔහු වෙනුවෙන් වෙන් කළේ එයට තවත් රසයක් ගෙන එමින් කේක් කැබැල්ල මතු පිට ගාන ලද පොල්ද අතුරමිනි. බොහෝ කාරුණික ක්‍රියාවන් අතරින් මෙය…
අපගේ සත්‍යය රක්ෂස්ථානය දෙවියන්වහන්සේය.
ඔහුගේ භාර්යාව මිය ගිය පසුව තම මිතුරන් සමග සඳුදා උදෑසන ආහාර ගන්නා තාක් කල් ඔහුට වේදනාව දරා ගත හැකි යයි ෆ්‍රෙඩ්ට හැඟුණි. ඔහුගේ හවුල් විශ්‍රාමිකයෝ ඔහුගේ ප්‍රීතිය ඉස්මතු කළහ. දුක පැමිණි විට නැවත ඔවුන්ගේ සහභාගිත්වය භුක්ති විඳීමට ලැබෙන දිනය ගැන ෆ්‍රෙඩ් කල්පනා කළේය. කොනේ තිබූ ඔවුන්ගේ මේසය ඔහුව දුකෙන් මිදූ රක්ෂස්ථානය විය.
කාලය ගතවන විට ඔවුන්ගේ එකතු වීම් අවසන් විය.…
ඔබට මොකද?
“ඇයට මිදි තිබෙන විට මට ස්ට්‍රෝබෙරි ලොලිපොප් එකක් මොකටද?” මගේ සය හැවිරිදි ඥාති දියණිය ඇසුවාය. දරුවන් සෑම විටම තමන්ට ලැබෙන දෙය සහ අනිත් අය ලබන දේ සසඳන්න උත්සාහ දරණ බව මගේ ඥාති දියණියන් සහ පුත්‍රයන් මට ඉගැන්වූහ. එයින් අදහස් වන්නේ ආදරවන්ත නැන්දනියක් ලෙස මම යහපත් විනිශ්චයක් ලබා දිය යුතු බවයි.
මමද සමහර විට දෙවියන්වහන්සේ මට ලබා දී ඇති දේවල් උන්වහන්සේ…
අලුත්ය. ස්ථිරය
වසර තුනක්ම නිවසට අත්‍යවශ්‍ය දේවල් හැර සූසන් කිසි දෙයක් තමා වෙනුවෙන් මිළදී නොගත්තාය. කොවිඩ්-19 වසංගතය මගේ මිතුරියගේ ආදායම් තත්ත්වයට බලපෑ අතර ඇය සරල ජීවිතයක් වැළඳ ගත්තාය. “එක් දිනක් කාමරය පවිත්‍ර කරද්දී දේවල් කෙතරම් අවපැහැගැන්වී අපිළිවෙලට තිබේදැයි මට පෙණුනි” ඇය කීවාය. “අලුත් දේවල් නැති බව මට දැණුනේ එවිටය. නැවුම් බව සහ උනන්දුව නැත. මගේ වටපිටාව වෙහෙසව පරණව තිබුණි. බලාපොරොත්තු විය හැකි…