මාගේ දෙවියන්වහන්සේ ළංව සිටින සේක
ලූඞ්ස් නම් වූ ඇය වසර තිහකට වැඩි කාලයක් සිසුන්ට මුහුණට මුහුණ ලා කට හඬ පාලනය උගන්වන ගුරුවරියකි. ඇයට මාර්ගගත ක්‍රමයට උගන්වන්න යයි පැවසූ විට ඇය කණස්සලු වූවාය. “මට පරිගණක භාවිතය පුරුදු නැත. මගේ ලැප්ටොප් පරිගණකය පැරණිය. මට වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකා ගැන දැනුමක් නැත” කියා ඇය කීවාය.
සමහරුන්ට එය සුළු දෙයක් යයි පෙණුනත් ඇයට එය විශාල කරදරයක් විය. “මම ජීවත් වෙන්නේ…
දෙවියන්වහන්සේ ඔබව අමතක නොකරන සේක
දරුවෙකු කාලයේ මම තැපැල් මුද්දර එකතු කළෙමි. මාගේ “අංකොං” (අපගේ භාෂාවෙන් සීයා) මගේ විනෝදාංශය ගැන අසූ විට ඔහුගේ කාර්්‍යයාලයේ තැපැල් මුද්දර එකතු කරන්න පටන් ගත්තේය. මාගේ ආච්චී සහ සීයා හමුවන්න ගිය සෑම අවස්ථාවකදීම අලංකාර මුද්දර වලින් පිරුණු කවරයක් මගේ අංකොං මට දුන්නේය. ඔහු වරක් මට කීවේ “මට වැඩ තිබුණත් මම ඔබව අමතක නොකරමි” කියාය.
අංකොං ඇල්ම ප්‍රදර්ශනය කිරීමට පුරුදුව සිටි…
දෙවියන්වහන්සේව විශ්වාස කිරීම
මට ඉක්මනින් බෙහෙත් වර්ග දෙකක් අවශ්‍ය වී තිබුණි. එක් බෙහෙතක් මගේ මවගේ අසාත්මිකතා සඳහා වන අතර අනෙක මගේ ලේලියගේ දද සඳහා ය. ඔවුන්ගේ අසහනය නරක අතට හැරෙමින් තිබු නමුත් තවදුරටත් ඔසු සල්වල ඖෂධ නොතිබුණි. බලාපොරොත්තු සුන් වූ සහ අසරණ වූ මම ස්වාමීනි, කරුණාකර ඔවුන්ට උපකාර කළ මැනව කියා නැවත නැවතත් යාච්ඤා කළෙමි,
සති කිහිපයකට පසු, ඔවුන්ගේ තත්ත්වයන් පාලනය කළ හැකි…
යේසුස්වහන්සේට වෙළී සිටින්න
කාර්යයාල ගොඩනැගිල්ලේ තරප්පුවේදී මට කරකැවිල්ලක් හැදුණි. තරප්පුව කැරකෙන ලෙස පෙනුණ නිසා කලබල වී මා පඩිපෙළේ අත් වැටය අල්ලා ගත්තෙමි. මගේ හෘදය වේගයෙන් ගැහෙන්නට පටන් ගත් අතර මගේ කකුල් පැටලෙන්නට විය, මම පඩිපෙළේ අත් වැටය මත එල්ලී සිටියේ එහි ශක්තිය ගැන ස්තූතිවන්ත වෙමිනි. වෛද්‍ය පරීක්ෂණවලින් මට රක්තහීනතාවය ඇති බව පෙන්නුම් කළේය. එයට හේතුව බරපතල නොවූවත්, මගේ තත්ත්වය නිරාකරණය වූවත්, එදා මට…
ඔබට දෙවියන් වහන්සේව විශ්වාස කළ හැක
මගේ බළලා මිකීට අක්ෂි ආසාදනයක් ඇති වූ විට, මම උගේ ඇස්වලට දිනපතා අක්ෂි බිංදු දැමුවෙමි. මම ඌව නානකාමර කවුන්ටරය මත තැබූ විගස, ඌ වාඩි වී, බියෙන් තැතිගත් දෑසින් මා දෙස බලා, මම දියර බිංදු දැමීමට සුදානම් වන විට කම්පනයෙන් බලා සිටියි. “හොඳ ළමයා,” කියා මම කොඳුරමි. මා කරන්නේ කුමක්දැයි ඌට නොතේරුණත්, ඌ කිසි විටෙකත් බිමට පැන්නේවත්, සූ - සූ ගෑමෙන්…
අපේ බලාපොරොත්තුවේ නැංගුරම
අඳුරු මං තීරුවක වහළයට කාඞ්බෝඞ් කෑලි දමා, එය යට නිදා සිටින මිනිසුන්ගේ පින්තූරයක් මම එසෙව්වෙමි. “ඔවුන්ට අවශ්‍ය කුමක්ද?” මගේ හය වන පන්තියේ දහම් පාසල් සිසුන්ගෙන් මම ඇසුවෙමි. “ආහාර” කියා එක් දරුවෙක් කීවේය. “මුදල්” කියා තවත් දරුවෙක් කීවේය. “ආරක්ෂිත තැනක්,” කියා දරුවෙක් කල්පනාකාරීව කීවේය. ඒ සමඟම එක් දැරියක් පැවසුවේ :
“බලාපොරොත්තුව” කියාය.
“බලාපොරොත්තුව යනු යහපත් දේ සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීමයි,” ඇය…
යන්න ඉඩ හරින්න
කීත් නමැති තැනැත්තා සේවය කළ පොත් සාප්පුවේ හිමිකරු නිවාඩුවට පිටව ගොස් තිබුණේ දින දෙකකට පමණි, නමුත් ඔහුගේ සහයකයා වූ කීත් ඒ වන විටත් කලබල වී සිටියේය. මෙහෙයුම් සුමටව සිදු වූ නමුත්, කීත් තමා ගබඩාව අධීක්ෂණය කිරීමේ හොඳ කාර්්‍යයක් නොකරනු ඇතැයි කනස්සල්ලට පත් විය. වියරුවෙන්, ඔහු හැකි සෑම දෙයක්ම කළමනාකරණය කළේය
"එය නවත්වන්න," ඔහුගේ ප්‍රධානියා අවසානයේදී ඔහුට වීඩියෝ ඇමතුමකින් කීවේය. "ඔබ…
ඔබ වෙහෙසවී සිටින විට
දවසේ වැඩ කටයුතු අවසන් වූ විට ඇතිවන නිසලතාවයේ මම වාඩිවී සිටියෙමි. මගේ කුඩා පරිඝණකය (ලැප්ටොප්) මා ඉදිරියෙහි විය. මා එදින අවසන් කළ වැඩය ගැන ප්‍රමෝදයට පත් විය යුතුව තිබුණත් එසේ නොවුනි. මම වෙහෙසව සිටියෙමි. වැඩ වල කරදරයක් ගැන තිබූ කණස්සල්ලක් නිසා මගේ උරහිස් රිදුණු අතර මගේ මනස කරදරකාරී සම්බන්ධයක් ගැන කල්පනා කර වෙහෙසට පත්ව තිබුණි. ඒ සියල්ලෙන්ම පලා යාමට මට…
මගේ අරමුණ කුමක්ද?
“මම වැඩකට නැතැයි කියා මට සිතෙනවා” හැරල්ඩ් කීවේය. “වැන්දඹු මම විශ්‍රාම ගෙන සිටිමි. දරුවෝ ඔවුන්ගේ පවුල් සමග කාර්යය බහුලව සිටිති. මම නිසල සන්ධ්‍යාවන් වල තාප්ප වල සෙවනැලි බලමින් සිටිමි”. ඔහු නිතරම තම දියණියට කීවේ “මම දැන් වයස්ගතව සිටිමි. සම්පූර්ණ ජීවිතයක් ගත කළෙමි. මට තවදුරටත් අරමුණක් නොමැත. ඕනෑම වෙලාවක දෙවියන්වහන්සේට මාව අර ගත හැකිය” යනුවෙනි.
එක් දවාලක සිදුවූ සාකච්ඡාවක් හැරල්ඩ්ගේ මනස…
ඔබ තනිවී සිටින විට
සවස 7 ට බත් සහ ඉතිරිවූ මාළු කමින් හුයි ලීයැං මුළුතැන්ගෙයි සිටියේය. බද්ධ නිවාස වල ඩූආ පවුලද රාත්‍රී ආහාර ගනිමින් සිටියෝය. ඔහුගේ භාර්යයාව මිය ගිය දිනයේ සිට තනිව සිටි හුයි ලීයෑංගේ කාමරයේ ඇති නිශ්ශබ්දතාවය තුළින් අල්ලපු නිවසේ සිනාහව සහ කථාව දෝංකාර දුන්නේය. පසුගිය වසර ගණනාව තුළ පාළුව සමග ජීවත් වීමට ඔහු පුරුදුව සිටි අතර එහි කාවදින වේදනාව නිසල කැක්කුමක් බවට…