ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය
මගේ ස්වාමිපුරුෂයා සහ මම නත්තල් දිනට පෙර රාත්‍රියේ දේව මෙහෙයට සහභාගි වීමට සැම විටම ආශා කළෙමු. අපි විවාහ වූ අලුත අපට විශේෂ චාරිත්‍රයක් තිබුණි. එනම් උණුසුම් ඇඳුම් ඇඳ ගෙන උස කණු වල තරුවක හැඩයෙන් දිලිසෙන ආලෝක බුබුළු 350 පිහිටි කන්ද වෙතට ඇවිදීමයි. එහිදී බොහෝ විට හිමෙහි නගරය දෙස බලා සිටිමින් යේසුස්වහන්සේගේ ආශ්චර්යමත් උපත ගැන අපගේ අදහස් මුමුණන්නෙමු. ඒ අතර තුර…
ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය
ඉන්දියානු පාසැල් ගුරුවරියක් තම සිසුන්ට යෝජනා කළේ ඔවුන්ගේ සම කාලීනයන්ව දිරිමත් කිරීමේ සහ ජ්වලිත කිරීමේ ලිපි ලියන ලෙසටය. දින කිහිපයකට පසුව රටෙහි වෙනත් ප්‍රදේශයක පාසැල් ඛේදවාචකයක් සිදුවූ විට තමන්ටද එවැනි දෙයක් සිදුවේයයි යන බියෙන් පිටතට ඒමට හවුල් සිසුවන්ට එම ලිපි උපකාර වූයේය.
තෙසලෝනිකයේ ඇදහිලිවතුන්ට ලියන අවස්ථාවේදී දිරිමත් කිරීම සහ එකිනෙකාට සත්කාර කිරීම පාවුල්ගේ සිතෙහිද තිබුණි. ඔවුන්ගේ මිතුරන් මියගොස් තිබුණි. පාවුල්…
උපකාර ලබා දීම
ටිම්ගේ නිවසට ආහාර පාර්සලයක් ගෙන යාමට හෙදර්ට සිදු වූයේ එය ඇගේ රැකියාව වූ නිසාය. එහිදී කෑම පාර්සලයේ ගැටය ලිහා ගන්න උපකාර කරන ලෙසට ඔහු ඇගෙන් ඉල්ලා සිටියේය. වසර කිහිපයකට පෙර ටිම්ට වැළඳුණු අංශ භාග රෝගී තත්ත්වය නිසා ඔහුට තවදුරටත් ගැටය ලිහීමට හැකියාවක් නොතිබුණි. හෙදර් ප්‍රීතියෙන් කැමති වූවාය. දවස පුරාම හෙදර්ගේ සිතුවිලි නිතරම පාහේ ටිම් වෙත යොමු වූ අතර ඔහුව සැළකීමේ…
ප්‍රේමයෙන් සේවය කිරීම
ක්‍රිස්ටල් විසින් කෝපි ආපන ශාලාවක පළමුවෙන් වැඩ පටන් ගත් කල ඇය සේවය කළ පළමු තැනැත්තා වූයේ ඉබිය. ඉබිගේ කන් ඇසීම දුර්වල වූ නිසා තම ඇණවුම සඳහා ඔහු තම දූරකථනයේ සටහනක් භාවිතා කළේය. ඉබි නිතරම පැමිණෙන පාරිභෝගිකයෙක් බව දැන ගත් පසුව ඔහුට වඩාත් හොඳ සේවාවක් සැපයීම සඳහා ඇති තරම් සංඥා භාෂාව ඉගෙන ගැනීමට ක්‍රිස්ටල් තීරණය කර ගත්තාය. එවිට ඔහුට නොලියා තම…
දෙවියන්වහන්සේගෙන් පලා යෑම
ජූලී සහ ලිස් නොගැඹුරු මුහුදේ මොල්ලි ඇති තල්මසුන් නිරීක්‍ෂණය කරමින් සිටියහ. නිරීක්‍ෂණය කිරීමට පහසු වන පරිදි මෙම තල්මසුන් වෙරළ අසළ ක්‍රියාකාරීව සිටිති. එක් මත්ස්‍යයෙක් ඔවුන් අසළින්ම මතුවූ වෙලාවේදී ඔවුහු අතීශයින් පුදුමයට පත් වූහ. බලා සිටි අයෙකුගේ ඡායාරූපයක තල්මසාගේ විශාල මුඛය නිසා ස්ත්‍රීන් දෙදෙනා සහ ඔවුන්ගේ බෝට්ටුව අඟුටු මිට්ටන් ලෙස පෙණුනි. ටික වේලාවක් ජලය යට සිටි ස්ත්‍රීන් හානියක් නැතුව ගැළවුනි.
ඔවුන්ගේ…
බලාපොරොත්තුවේ වර්ණ
2023 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ විසි දෙවන සැමරුමේදී නිව් යෝර්ක් නගරයට ඉහළින් අහසේ පුදුමාකාර ලෙස දේදුණු දෙකක් දිස් වුනි. ප්‍රහාරයට ලක්වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙක තිබූ මෙම නගරය විශාල ලෙස පාඩු ලැබුවේය. දශක දෙකකට පසුව මෙම දේදුනු දෙක දුටු එහි සිටි අයට බලාපොරොත්තුවේ සහ සුවයේ හැඟීමක් ගෙන දුන්නේය. දේදුනු ග්‍රහණය කර සාදන ලද වීඩියෝවක්…
ක්‍රිස්තුස්වහන්සේ තුළ අවසන් කරන්නෝ වෙමු
මුණුපුරාගේ පුතා වන ඒතන් වෙනුවෙන් ගොත ගොතා සිටි සීත කබාය ගොතා අවසන් කිරීමට පෙර බාබරා මිය ගියාය. “අවසන් කරන්නෝ” යන නමින් හැඳින්වුන ස්වෙච්ඡා සේවකයන්ගෙන් යුත් සංවිධානයකට ස්තුතිවන්ත වන්න එම සීත කබාය සම්පූර්ණ කිරීම සඳහා වෙනත් ගොතන්නෙකුට භාර දෙන ලදී. එම සංවිධානයට සම්බන්ධ වූයේ ඔවුන්ගේ ව්‍යාපෘති අවසන් කිරීමට පෙර ජීවිතයෙන් සමුගත් අයවලුන් සිටින අයගෙනි. මෙම “අවසන් කරන්නෝ” මහත් ප්‍රේමයෙන් යුතුව තම…
චොක්ලට්වල සිරවී
පෙනිසිල්වේනියාවේ මාර්ස් කැන්ඩි කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙක් විශාල චොක්ලට් භාජනයකට වැටුණෝය. මෙය විහිළුවක ආරම්භයක් විය හැකි යයි සිතිය හැකිය. සමහර විට චොක්ලට් වලට ආසා කරන අයට ආදරණීය සතුටක් විය හැකිය. නමුත් ඒ මිනිසුන්.. ඔවුන්ට කිසිදු තුවාලයක් සිදු නොවූවත් ඉණ දක්වා චොක්ලට් වල එරී ඔවුන්ගේ උත්සාහයෙන් ගොඩට ඒමට අපොහොසත්ව සිටියහ. ඔවුන්ව ආරක්‍ෂිතව බේරා ගැනීමට ගිනි නිවන හමුදාවට භාජනයේ සිදුරක් කපන්න සිදු විය.…
සුවයේ බලාපොරොත්තුව
කොඳු ඇට පේළියේ අනතුරු වලින් ආබාධිත වී සිටින අයට බලාපොරොත්තු වීමට අලුත් හේතුවක් ඇතිවී තිබේ. ජර්මන් පර්යේෂකයෝ මොළය සහ මාංශ පේශීන් අතර ස්නායු මාර්ග පද්ධති නැවත එකතු කිරීම බලගැන්වීමට මාර්ග සොයා ගෙන ඇත. නැවත වැඩීමේ ක්‍රමය අකර්මණ්‍යය වී සිටි මීයන්ට නැවත ඇවිදීමට හැකියාව දී ඇත. මනුෂ්‍යයන්ට මෙය ආරක්‍ෂිතදැයි සෙවීමට පරීක්‍ෂණයන් අඛණ්ඩව කෙරී ගෙන යන්නේය.
අංශභාගයෙන් පීඩා විඳින්නන් වෙනුවෙන් විද්‍යාව මගින්…
ප්‍රීතිය සහ ප්‍රඥාව
මිහිරි සුවඳැති චෙරි මල් දීප්තිමත් සුදු සහ රෝස මල්වලින් සෑම වසන්ත සමයකම ජපානය වසා ගන්නේ රට වැසියන්ගේ සහ සංචාරකයින්ගේ හැඟීම් එකසේ ප්‍රබෝධමත් කරමිනි. මල්වල කෙටි කාලීන ස්වභාවය නිසා ඒවා පවතින කාලය තුළ අලංකාරය සහ සුවඳ අත් විඳීමට ජපන් ජාතිකයන් මහත් ආශාවක් දක්වති. අත්දැකීමේ කාලයේ කෙටි බව එහි තියුණු කම තීව්ර කරයි. ඉක්මණින් වෙනස් වන මෙම උවමනාවෙන් ලබන ප්‍රීතියට ඔව්හූ “මොනෝ…