දෙවියන් වහන්සේ අපගේ රජු
වසරක් රැකියාවක් නැතිව සිටි ඒතන්ට අවසානයේ හොඳ අවස්ථාවක් ලැබුණි. නමුත් ඔහුගේ බිරිඳ එය පිළිගැනීමෙන් ඔහුව නැවැත්වූවාය. “මෙය ඔබට හොඳද?” ඇය ඇසුවාය. “මෙය රාත්‍රී සේවා මුරයකි. පෙර රැකියාව මෙන් ඔබට ඉරිදා සේවයට යාමට අරගලයක් කරන්න සිදු වේවි”. ඒ ගැන කල්පනා කර යාච්ඤා කිරීමෙන් පසුව ඒතන් එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය. එහි වරදක් නොතිබුණද එය ඔහුට යහපත් නොවන බව ඔහුට හැඟුණි. මාස…
දෙවියන් වහන්සේ සමඟ යෑම
වර්ෂාව ආරම්භ විය. උෂ්ණත්වය තවත් පහළ ගියේය. අපි නේපාලයේ කඳු නැඟීමක යෙදී සිටියෙමු. කඳුකරයේ උණුසුම් නැවතුම් ස්ථානවලින් පිටවී මිදී ඇති කාලගුණයකට සෑම උදෑසනකම අවතීර්ණ වීම එන්න එන්නම අසීරු විය. “අපි යමු” මඟ පෙන්වන්නා කීය. කාලගුණය යහපත් වෙන තුරු බලා සිටිය නොහැකිය. භය නොවන්න. මම ඔබත් සමඟ ඉන්නෙමි”.
මීදුම සහ වර්ෂාව සමඟ ඉදිරියට යාම වැදගැම්මකට නැති දෙයකැයි මට හැඟුණි. ඉදිරියට යාම…
දෙවියන් වහන්සේ දෙස බලන්න
තමා තුළ කලබලය මතුවෙනවා එලිස්ට වැටහුණි. පසුවදාට පොත යතුරු ලියනය කර තිබිය යුතුය. එමෙන්ම මුද්‍රණකරු ප්‍රතික්ෂේප කර තිබූ ඡායා රූප වෙනුවට අලුත් ඒවා සෙවිය යුතුය. එය නිවැරදි කිරීමට දින ගණනාවක් ගත වනු ඇත.
“කණස්සලු වෙන්න එපා” ඇගේ ස්වාමි පුරුෂයා වන සෑම් පැවසීය. “දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලමු. ඉන්පසු අපි රාත්‍රියේම වැඩ කරමු. මේ මෘදුකාංගය ඡායාරූප හරිගැස්සීමට අපට උපකාර වේවි”.
ඔවුන් යාච්ඤා…
දෙවියන් වහන්සේ සියල්ල දකින සේක
ග්‍රේස් ආහාර වට්ටෝරු පොතකින් සැඟවී සිටින්න උත්සාහ කරන විට සිනහ නොවී සිටීමට මයිකල්ට නොහැකි විය. ආහාර ගෙන එන තෙක් ආපනශාලා මේසයේ වාඩිවී ඔව්හූ හැංගිමුත්තන් සෙල්ලම කළහ. පස් හැවිරිදි දැරිය සිතුවේ ඇයට පියාව නොපෙනේ නම් ඔහුටද ඇයව නොපෙනෙන බවයි. ඒ වෙලාවේදී එය මෝඩකමක් යයි පෙනුනත් ඒ අවස්ථාව ගැන පසුව කල්පනා කරන විට එහි වැදගත් පාඩමක් ඇති බව මයිකල්ට පෙණුනි. දෙවියන් වහන්සේගෙන්…
යුද්ධය දෙවියන් වහන්සේගේය
කැරොල් ට ඇයගේ සභාවේ ජ්‍යෙෂ්ඨයින්ගේ සේවයේ මිත්‍රවීම සහ සෙනඟට උපකාර කිරීම සතුටක් ගෙන දුන්නේය. නමුත් ඇය කරදරකාරී නායකයෙක්ගේ කරදර වලට ලක් වූවාය. ඇය එයින් කොපමණ කරදරයට පත් වූවාද කිවහොත් උපදේශනය සෙව්වාය. සේවයෙන් ඉවත් වන ලෙසට ඇයට උපදෙස් ලැබුණද ජ්‍යෙෂ්ඨයින් අත් හැරීමට ඇය කැමති වූයේ නැත. අදහස් දෙක අතර සිරවී සිටි ඇය මඟ පෙන්වීම ඉල්ලා දෙවියන් වහන්සේට යාච්ඤා කළාය. උන් වහන්සේට…
ජේසුස් වහන්සේ මෙන් ගමන් කිරීම
බෙන් වසර ගණනාවක් අනවසර පරිගණක මෘදුකාංග මිළදී ගෙන තිබුණේ ඒවා ලාභ නිසාය. ඒවා අනීතික සහ පිටපත් නීති උල්ලංගණය කළත් එය සදාචාරික වරදක් යයි ඔහුට සිතුණේ නැත. අනෙක් අතට සෑම කෙනෙක්ම එය කරති. මම මිළ අධික මෘදුකාංග මිළදී ගන්නේ මන්ද? ඒවා පරීක්ෂා කරන්නේ කවුරුන්ද?
දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන්ට අනුව ජීවත්වීම ගැන කතාවක් ඇසූ පසුව බෙන් අලුත් ඇදහිලිවන්තයෙක් වූවත් කල්පනා කරන්න පටන් ගත්තේය.…
දෙවියන් වහන්සේගේ ත්‍යාගවලින් දීම
ස්ටැන්ලිගේ ත්‍යාගශීලිත්වය මා විශ්මයට පත් කිරීම නවත්වන්නේ නැත. ඔහු නිතරම පාහේ සභාවේ වැඩිමහල් සාමාජිකයන්ට, නගර සභා පවිත්‍ර කරන්නන්ට, හෝ උද්යෝගය ඇවැසි අයට ආහාර පාන සහ ත්‍යාග ගෙන දුන්නේය.
ඊටත් වඩා පුදුමය වන්නේ ස්ටැන්ලි ධනවත් නොවීමත් බොහෝ ආයෝජන කර නොතිබීමත්ය. නමුත් ඔහුගේ කුඩා ආයෝජන යහපත්ව ක්‍රියාත්මක වෙමින් ඔහුට දීමට හැකියාව ලබා දුන්නේය. කෙනෙකු ඔහුට ස්තුති කළ විට ඔහු ඉහළට අත ඔසවා…
අපගේ කොටස, දෙවියන් වහන්සේගේ කොටස
සිංගප්පූරුවේ රජය යහපත් හේතූන් සඳහා සමාන වන දීමනාවන් ලබා දීමට ජනතාව දිරිමත් කරයි. ඒ විශේෂ ආයතන වලට කරන අධාර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් රජය මඟින් ප්රදානය කිරීමෙනි. කාර්යක්ෂම ලෙස ජනතාවගේ දීමනාවන් වැඩි කරමින් රජය බලාපොරොත්තු වන්නේ ඔවුන්ව තව තවත් ත්‍යාගශීලී දීමනාවන්ට සම්බන්ධ කර ගැනීමටය.
මෙම පැති දෙකේ ළඟාවීම මට සිහිපත් කරන්නේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රමිතියට සහ ශුද්ධකමට අපගේ…
ජේසුස් වහන්සේගෙන් ප්‍රීතිය
නැන්සිගේ පිළිකා ප්‍රතිකාර ඇයගේ මුඛයෙහි සහ උගුරෙහි බොහෝ තුවාල ඇති කළ නිසා ඇයට පාන් කෑල්ලක් වත් ගිලීමට අපහසු විය. වේදනාකාරී දින ගණනාවක් ඇයට කිරි වලින් බඩ පුරවා ගැනීමට සිදු විය. හැට හැවිරිදි ඇගේ මුහුණට සිනහවක් ගෙන ආවේ ජේසුස් වහන්සේව දැන ගැනීමේ ප්රීිකිය සහ ඇගේ මුණුපුරන්ය. සෑම සතියකම ඔවුන් සමඟ සිටි නිසා ඇයට ඇගේ තත්ත්වය අමතක කිරීමට හැකි විය. “කොල්ලෝ නැත්නම්…
දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් කැපවී
සිංගප්පූරුවේ සියලු පිරිමින් මෙන් මටද වයස දහඅට වුන විට හමුදාවට සේවය කිරීමට සිදු විය. අනිවාර්ය බැඳීමට එකඟ වීමට මට සිදු විය. මහත් අකමැත්තෙන් වුවද වසර දෙකහමාරක් එය කිරීමට මම එකඟ වීමි. අනිත් බොහෝ පිරිමින් මෙන් අවමය කිරීමට මම උත්සාහ කළෙමි. උපදෙස් අකුරටම පිළපැදීමි. වැඩියෙනුත් නොවේ අඩුවෙනුත් නොවේ.
සමහරු කාර්යයට මුළුමණින්ම කැැපවී අත් දැකීමෙන් බොහෝ දේ එනම් නායකත්වය සහ දරා ගැනීම…