අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Leslie Koh

ලෙස්ලි කොහෝ

.

ලෙස්ලි කොහෝ විසින් රචිත ලිපි

ඔබේ කොටස, දෙවියන්වහන්සේගේ කොටස

මගේ මිතුරිය ජැනිස්ට වසර කිහිපයකට පසු ඇගේ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ලෙස ඉල්ලා සිටි විට, ඇයට අධික පීඩනයක් දැණුනි. ඒ ගැන යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ ඇයට පත්වීම පිළිගැනීමට පොළඹවන බව ඇයට දැණුනි - නමුත් තවමත්, වගකීම සමඟ සාර්ථකව කටයුතු කළ නොහැකි බවට ඇය බිය වූවාය. “මෙපමණ අඩු අත්දැකීම් ඇතුව මම, මෙම දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දෙන්නේ කෙසේද?” ඇය දෙවියන්වහන්සේගෙන් විමසුවාය. “මම අසාර්ථක…

පැනලා දුවන්න

සාම්ප්‍රදායික ජපන් සටන් කලාවක් වන “අයිකිඩෝ” පිළිබඳ හඳුන්වා දීමේ පාඩම ඇස-විවර කිරීමක් විය. සෙන්සි නොහොත් ගුරුවරයා අපට පැවසුවේ ප්‍රහාරකයෙකුට මුහුණ දෙන විට අපගේ පළමු ප්‍රතිචාරය විය යුත්තේ “පලා යාම” බවයි. “ඔබට පලා යාමට බැරි නම් පමණක් සටන් කරන්න” ඔහු බැරෑරුම් ලෙස කීවේය.

පලා යන්න? මම තුෂ්ණිම්භූත වුනෙමි. මෙම අතිදක්‍ෂ ආත්මාරක්‍ෂක උපදේශකයා අපට සටනකින් පලා යන ලෙස පැවසුවේ ඇයි? එහි ප්‍රතිවිරෝධී…

වාහන නැවතුම්පළේ ආරවුල

වාහන නවත්වන ස්ථානයේ දර්ශනය එතරම් ඛේදජනක නොවූයේ නම් එය විහිළුවක් වන්නට තිබුණි. රියැදුරන් දෙදෙනෙක් එක් මෝටර් රථයක් අනෙකාට ගමන් කිරීමට බාධා කරමින් තිබූ හෙයින් හඬ නගා වාද කළ අතර පරුෂ වචන හුවමාරුවක්ද සිදු වුනි.

එය බලා සිටීම විශේෂයෙන් වේදනාකාරී වූයේ මෙම ආරවුල දෙවස්ථානයක වාහන නැවැත්වීමේ ස්ථානයක සිදුවූ නිසාය. මිනිසුන් දෙදෙනා සුළු වේලාවකට පෙර ආදරය, ඉවසීම හෝ සමාව දීම හෝ ගැන…

නැවුම් ආරම්භයක්

සෑම තැනකම වාසය කරන චීන ජාතික පවුල් චීන අලුත් අවුරුදු උත්සවය සමරති. මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා චන්ද්‍ර දින දර්ශනය අනුව සිදුවේ. පවුල් එකතු කිරීම සඳහා වූ මෙම කාලය බොහෝ සම්ප්‍රදායන් සමග පැමිණේ. එනම් : සමහර සම්ප්‍රදායන්වලට අනෙකුත් සම්ප්‍රදායන්වලට වඩා ප්‍රමූඛත්වයක් ලැබේ. අලුත් ඇඳුම් මිළදී ගැනීිම සහ ඒවා ඇඳීම, නිවෙස් තරයේ පිරිසිදු කිරීම සහ ගෙවිය යුතු…

වටිනා බලා සිටීමක්

දිගු පැය ගණනක් සහ අසාධාරණ ලොක්කෙක් සමග ආතති සහගත රැකියාවක සිරවී සිටි ජේම්ස්ට එයින් ඉවත් වීමට සිතුණේය. නමුත් ඔහුට උගසක්, බිරිඳක් සහ රැක බලා ගැනීමට කුඩා දරුවෙක්ද සිටියේය. කෙසේ හෝ ඉල්ලා අස්වීමට ඔහු පෙළඹුන නමුත් “දෙවියන්වහන්සේ අපට දෙන දේ කුමක්ද කියා අපි බලාගෙන ඉමු” කියා ඔහුගේ බිරිඳ පැවසුවාය.

මාස ගණනාවකට පසුව ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණි. ජේම්ස් තමා කැමති නව රැකියාවක්…

පිළිගෙන සහ අනුමත කර

කුඩා දරුවෙක් වශයෙන් ටෙනීට අනාරක්‍ෂිත බවක් දැණුනි. ඔහු තම පියාගෙන් අනුමැතිය ඉල්ලා සිටියත් ඔහුට එය ලැබුණේ නැත. පාසැලේදී හෝ නිවසේදී හෝ වේවා ඔහු කුමක් කළත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්ට තිබුණි. ඔහු වැඩිහිටි වියට පා තබන විට පවා අනාරක්‍ෂිතභාවය පැවතුණි. “මම හොඳ මදිද?” ඔහු දිගින් දිගටම කල්පනා කළේය.

ටෙනී බොහෝ කාලයක් බලා සිටි ආරක්‍ෂාව සහ අනුමැතිය ඔහුට ලැබුණේ ඔහු…

අන් අය වෙනුවෙන්

කෝවිඞ්-19 වසංගතය අතරතුර බොහෝ සිංගප්පූර් වැසියන් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිවසේ රැඳී සිටියහ. නමුත් මම ඉතා සතුටින් පිහිනීම කර ගෙන ගියේ එය ආරක්‍ෂාකාරී යයි විශ්වාස කරමිනි.

කෙසේ වෙතත් මගේ භාර්යයාව බිය වූයේ පොදු පිහිනුම් තටාකයේදී මට ආසාදනයක් ඇති වුවහොත් එය ඇගේ මහලු මවට සෑදෙයි කියාය. මක්නිසාදයත් අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට මෙන් ඇයටද වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබුණු හෙයිනි. “මා වෙනුවෙන්…

ශුද්ධාත්මයාණන්ගෙන් උපකාරය

මගේ පංතියේ සමහර ශිෂ්‍යයන් හා මම ඉඳහිට විශ්ව විද්‍යාලයේ දේශනා මග හැරියත් අපි සෑම කෙනෙක්ම සෑම විටම මහාචාර්ය ක්‍රිස්ගේ දේශනයට විභාගයට සතියකට පෙර සහභාගී වීමට වග බලා ගත්තෙමු. ඒ ඔහු විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පිළිබඳව විශාල ඉඟි ලබා දෙන අවස්ථාව වන හෙයිනි.

මහාචාර්ය ක්‍රිස්ට අවංකවම අවශ්‍ය වුනේ අප හොඳින් විභාගයෙන් සමත් වීම බව මට වැටහෙන තුරු ඔහු එසේ…

සෑම හුස්මක්

ටී උන් ට දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරන රෝගයක් සෑදී ඔහුගේ සියලු මාංශ පේශි දුර්වල කර, ඔහු මරණාසන්න වූ විට, හුස්ම ගැනීමට හැකි වීම ත්‍යාගයක් බව ඔහුට වැටහුණි. සතියකට වැඩි කාලයක්, යන්ත්‍රයක් මාර්ගයෙන් සෑම තප්පර කීපයකට වරක් ඔහුගේ පෙනහළු වලට වාතය පොම්ප කිරීමට සිදු වූ අතර එය ඔහුගේ ප්‍රතිකාරයේ වේදනාකාරී අංගයක් විය.

ටී උන් ආශ්චර්යමත් ලෙස සුවය ලබා ඇති අතර අද ඔහු…

ටික් ටික් ඔරලෝසුව

කම්කරුවන් පිරිසක් මිදුණු විලකින් අයිස් කපා අයිස් ගබඩාවක ගබඩා කරමින් සිටියදී ජනේල රහිත ගොඩනැගිල්ලක තම ඔරලෝසුව නැති වී ඇති බව ඔවුන්ගෙන් එක් අයෙකුට වැටහුණි. ඔහු සහ ඔහුගේ මිතුරන් එය සොයන්නට වෙහෙස වූවත් එය නිෂ්ඵල විය.

ඔවුන් සෙවීම අත්හැර දමා පිටවී යනු දුටු තරුණ පිරිමි ළමයෙක් ගොඩනැගිල්ල තුළට ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු ඔරලෝසුව සමග පැමිණියේය. ඔහු එය සොයා ගත්තේ…