අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Mike Wittmer

මයික් විට්මර්

.

මයික් විට්මර් විසින් රචිත ලිපි

ඔබ කව්ද?

අපගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ නායකයා “සුබ උදෑසනක්” යැයි පැවසීය. මම “හෙලෝ” කියා ආපසු කීවෙමි. නමුත් මම ඔහු දෙස බලා නොසිටියෙමි. තිරය මත දිස්වුනු මගේම රූපයෙන් මගේ අවධානය බිඳුණි. “මම මේ වගේද?” ඇමතුමේ සිටි අනෙක් අයගේ සිනහ මුසු මුහුණු දෙස මම බැලුවෙමි. එය ඔවුන් මෙන් පෙනේ. එසේය. එම නිසා මේ මම විය හැකිය. මම ටිකක් බර අඩු කර ගත යුතුයි. හිස කෙස්…

මරණ කලාපය

2019 දී කඳු නගින්නෙකු එවරස්ට් කන්ද මුදුනේ සිට ඔහුගේ අවසන් හිරු උදාව දුටුවේය. ඔහු භයානක නැගීමෙන් දිවි ගළවා ගත් නමුත් උච්චස්ථානය ඔහුගේ හදවත තද කළ නිසා නැවත පහළට එන ගමනේදී ඔහු මිය ගියේය. එක් වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේ කඳු මුදුන ඔවුන්ගේ ගමනේ අවසානය ලෙස නොසිතන ලෙසයි. “ඔවුන් මරණ කලාපයේ” සිටින බව මතක තබා ගෙන නැවතත් පහළට බැසිය යුතු බව වෛද්‍යවරයා…

මධ්‍යස්ථභාවයට මාරුවන්න

රථ සේදීමේ අංගනයෙන් මට ඉස්සරහින් සිටි තැනැත්තා මෙහෙයුමක සිටියේය. අධි බලැති කැරකැවෙන බුරුසු වලට පැටලී අලාභයක් නොකරන පිණිස ඔහු හිතාමතාම ඔහුගේ පිකප් රථයේ පිටුපස තිබු ගැටයක් ඉවත් කළේය. ඔහු සේවකයාට මුදල ගෙවා තම රථය ස්වයංක්‍රීය ධාවන පථයට පදවා ගෙන ගියේය. සේවකයා ඔහු පසුපස දිව යමින් “නියුට්‍රල්, නියුට්‍රල්” කියා කෑ ගැසුවේය. නමුත් ඒ මනුෂ්‍යයාගේ රථයේ කවුළු වසා දමා තිබුණු හෙයින් සේවකයාගේ…

කවුළු

හිමාලය කඳු පාමුළ අසල කවුළු නොමැති නිවාස පේළියක් එක් නරඹන්නෙක් දුටුවේය. ඔහුගේ මග පෙන්වන්නා පැහැදිළි කළේ නිදා සිටියදී යක්‍ෂයින් තම නිවසට රිංගා ගනීයයි බියවූ ගම් වැසියන් කවුළු නොමැති බිත්ති ඉදි කළ බවයි. ගෘහ හිමියෙකු යේසුස්වහන්සේ අනුගමනය කරන්න පටන් ගත්තේ කවදාදැයි ඔබට කිව හැකි වන්නේ ආලෝකය නිවසට ඇතුල්වීම පිණිස ඔහු කවුළුවක් ඉදි කිරීමේ හේතුවෙනි.

ඒ හා සමාන දෙයක් අප තුළ සිදුවිය…

ඔබේ නාසය අල්ලා ගත්තා

“පිළිමවල නාසය කැඩී ඇත්තේ ඇයි” අමුත්තන් බෘක්ලින් කෞතුකාගාරයේ ඊජිප්තු කලාවේ භාරකරු එඩ්වඩ් බ්ලීබර්ග්ගෙන් අසන පළමු ප්‍රශ්නය එයයි.

එය සාමාන්‍යයෙන් පරණ වීම නිසා සිදු වන ක්‍ෂයවීම බව බ්ලීබර්ග්ට කියන්නට නොහැකිය. ද්විමාන පින්තාරු රූපවල පවා නාසය නැති වී ඇත. එවැනි විනාශයක් හිතා මතාම සිදු වූවක් බව ඔහු අනුමාන කරයි. සතරන් ඊජිප්තුවේ දෙවිවරුන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා. එය හරියට ඔවුන් අතරේ
“ඔබේ නාසය…

අපේ ධෛර්යය ඇඳගෙන සිටීම

ඇන්ඩෘ ජීවත්වන්නේ ශුභාරංචියට වසා ඇති රටකය. ඔහු තම ඇදහිල්ල රහසක් ලෙස තබාගන්නේ කෙසේදැයි මම ඇසූ විට ඔහු කීවේ එය රහසක් හැටියට තියාගන්නේ නැති බවයි. ඔහු තම සභාව ප්‍රචාරය කරන බොත්තමක් පැළඳ සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකදීම “ඔවුන්ට ද යේසුස්වහන්සේ අවශ්‍ය” බව ඔහු පොලිසියට පවසන්නේය. ඇන්ඩෘට ධෛර්යයක් ඇත්තේ ඔහුගේ පැත්තේ සිටින්නේ කවුරුන්ද යන්න දන්නා බැවිනි.

ඉශ්‍රායෙල් රජු ඔහුව අත්අඩංගුවට…

මාව අවශ්‍ය කාටද?

විශේෂාංග ලිපි ලියන ආතර් බෲක්ස් වොෂිංටන් ප්‍රාන්තය වෙත යන ගුවන් යානයක සිටිද්දී වයසක ස්ත්‍රීයක් තම ස්වාමි පුරුෂයාට “ඔයාව දැන් කාටවත් අවශ්‍ය නැහැ කියන එක බොරුවක්” කියා මුමුණනවා ඔහුට ඇසුණි. එවිට පුරුෂයා තමන් මිය ගියා නම් මීට වඩා හොඳය වැනි යමක් මිමුණුවේය. එයට පිළිතුරු වශයෙන් “ඕක දැන් නවත්වන්න” කියා ස්ත්‍රීය පිළිතුරු දුන්නාය. ගුවන් යානය නතර කළ විට බෲක්ස් පිටුපස හැරී බැලුවේය.…

ඔබ පැළඳ සිටින්නේ කාවද?

ආජන්ටිනා පැසිපන්දු ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟාවලියට පැමිණුනේ වැරදි නිළ ඇඳුම් පැළඳගෙනය. ඔවුන්ගේ නාවික නිල් පැහැති කබා කොළොම්බියාවේ තද නිල් පැහැති කබා වලට සමාන විය. අමුත්තන්ගේ කණ්ඩායමක් ලෙස ඔවුන් සුදු ඇඳිය යුතු විය. විකල්ප ඇඳුම් සෙවීමට වේලාවක් නැති වූ බැවින් ඔවුන්ට ජයග්‍රහණය අනිත් කණ්ඩායමට ලබා දීමට සිදුවුනි. ඉදිරියේදී ආජන්ටිනා කණ්ඩායමට තමන් පළඳින්නේ කුමක්දැයි කියා දෙවරක් සිතනු ඇත.

අනාගතවක්තෘ සෙකරියාගේ කාලයේදී දෙවියන්වහන්සේ ඔහුට…

අරමුණක් ඇතිව විවේක ගැනීම

රමේෂ් අන් අයට යේසුස්වහන්සේ ගැන කීමට කැමතිය. ඔහු තමන් සමඟ සේවය කරන අය සමඟ නිර්භීතව කථාකරන අතර මසකට එක් සති අන්තයක් ඔහුගේ ගමට ගොස් ගෙයින් ගෙයට ශුභාරංචි ප්‍රකාශ කරන්නේය. ඔහුගේ උද්යෝගය බෝවන සුළුයි, විශේෂයෙන්ම ඔහු විවේක ගැනීමේ වටිනාකම ඉගෙනගෙන ඇති නිසයි.

රමේෂ් සෑම සති අන්තයකම සහ බොහෝ සන්ධ්‍යාවන්හි ශුභාරංචිය ප්‍රකාශ කරමින් කාලය ගත කළේය. ඔහු නිවසින් පිටව ඉන්නා අවස්ථාවන්වල ඔහුගේ…

එය කා සඳහාද?

මෙම චිත්‍රය නිසා මම තදින් සිනහවීමි. මැක්සිකානු මාවතක පාප් වහන්සේ එන තුරු සෙනග රැස්වී උන්නෝය. සෙනග කොඩි වනමින් වර්ණවත් කඩදාසි කැබලි විසි කරමින් සිටියෝය. පාර මැද ඉබාගාතේ යන බල්ලෙක් ඔල්වරසන් ඌට යයි සිතමින් සිනහවේගන ගියේය. සෑම බල්ලෙකුටම දිනයක් එන්නේය. එය මෙබඳු විය යුතුය.

බල්ලෙකු අවධානය ගැනීම ඉතා අලංකාර වූවත් වෙන අයෙකුට අයිති ප්‍රශංසාව බලෙන් ගැනීම හානිදායකය. දාවිත් එය දැන සිටියේය.…