අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

නැන්සි ගැවිලානස් විසින් රචිත ලිපි

පරිපූර්ණ ත්‍යාගය

කෙටිකාලීන දූත ගමනක් සඳහා මා පේරු රටෙහි සිටින විට තරුණයෙක් මාගෙන් මුදල් ඉල්ලීය. ආරක්‍ෂක හේතූන් මත මුදල් නොදෙන ලෙසට මගේ කණ්ඩායමට උපදෙස් ලැබී තිබුණු හෙයින් මම ඔහුට උපකාර කරන්නේ කෙසේද? එවිට මට ක්‍රියා 3 හි ආබාධිත පුද්ගලයාට පේත්‍රෑස් සහ යොහන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සිහිපත් වුනි. ඔහුට මුදල් ලබා දිය නොහැකි බව මම තේරුම් කළෙමි. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය මට ඔහු…

පීඩා මධ්‍යයෙහි පවා ස්තුතිවන්ත වීම

ඇගේ පිළිකා ගමන ගැන මාර්ගගත සටහන් තබමින් සිටින හවුල් ලේබිකාවක් ගැන මම යාච්ඤා කරමින් සිටියෙමි. ඇගේ භෞතික වේදනාවන් සහ දේව වචනය සහ දෙවියන්වහන්සේට ප්‍රශංසාවන් සමග ඇගේ යාච්ඤා ඉල්ලීම් මාරුවෙන් මාරුවට බෙදා ගනිමින් සටහන් තැබුවාය. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය රෝහලේ සිටියත් ඇගේ හිසකෙස් වැටී ඇති නිසා හිස් වැස්මක් පැළඳ සිටියත් ඇගේ ධෛර්යයමත් සිනහව දැකීම අලංකාර විය. සෑම අභියෝගයක් සමගම පරීක්‍ෂාවන්…

ජාතීන්ට ප්‍රේම කිරීම

මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ ප්‍රේමණීය සහ වෙහෙසවී වැඩ කරන දෙමාපියන්ගේ දියණියක් වශයෙන් මම ස්තුතිවන්ත වන්නේ වඩා යහපත් අවස්ථාවන් සොයමින් එක්සත් ජනපදයට සංක්‍රමණයවූ ඔවුන්ගේ පවුල්වල මුල් අය වෙනුවෙන්ය. ඔව්හු යෞවනයන් වශයෙන් නිව් යෝර්ක් නගරයේදී මුණගැසී විවාහ වී මගේ සහෝදරිය සහ මාව බිහිකර ඔවුන්ගේ ඒ ඒ ව්‍යාපාර කර ගෙන ගියහ.

නිව් යෝර්ක් හී ඉපදුනු අයෙක් ලෙසට විවිධ පසුබිම් වලින් පැමිණෙන අය නිසා…

යාච්ඤාවට නවතින්න

මිසිසිපිහී ග්‍රහලෝක විද්‍යාඥයෙක් 2023 මාර්තු 24 වන දින කාලගුණ වාර්තාව ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳ කියන ලද සරල එහෙත් වැදගත් වචන හයක් නිසා ලොව පුරා ජනප්‍රිය විය. මැට් ලෝබාන් දරුණු කුණාටුවක් නිරීක්‍ෂණය කරමින් සිටින අතර හදිසියෙන් ඇමරි නගරයට ඛේදජනක සුළි කුණාටුවක් පතිත වන බව දැන ගත්තේය. සජීවි රූපවාහිනි වැඩසටහන මදකට නවතා ලෝබාන් “ආදර යේසුනි, ඔවුන්ට උපකාර කරන්න. ආමෙන්” යනුවෙන් කිවූ යාච්ඤාව…

දෙවියන්වහන්සේගේ සැපයීම

2023 ජූනි මාසයේදී අවුරුදු එකේ සිට දහතුන දක්වා වූ සහෝදර සහෝදරියන් හතර දෙනෙක් කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයෙන් හමුවූ අවස්ථාවේ ලෝකය පුදුමයට පත් විය. තමන්ගේ මව මරණයට පත් කළ ගුවන් යානා අනතුරකින් පසුව මෙම සහෝදර සහෝදරියන් දින හතළිහක් වනාන්තරයේ සිටියහ. වනාන්තරයේ දුෂ්කරතාවයන්ට පුරුදුව සිටි දරුවන් වන සතුන්ගෙන් බේරීමට ගස් බෙනවල සැඟවුණහ. ඇලවල් වලින් සහ වර්ෂාවෙන් බෝතල්වලට ජලය එකතු කර ගත්හ. අනතුරට පත්…

දෙවියන්වහන්සේගේ පවුලට බද්ධ කරනු ලැබ

වසර ගණනාවකට පෙර මගේ පියා සමග ඔහු ප්‍රේම කළ ඉක්වඩෝරයට ගිය අතර තුර ඔහු හැදී වැඩුණු ගොවිපළටද ගියෙමු. මම එහිදී අමුතු ගස් පෙළක් දුටුවෙමි. ඒ ගැන මගේ පියා විස්තර කළේ මෙසේය. ඔහු කුඩා කාලයේදී දඟ කරන්න සිතුණ විට වෙන් කරන ලද පලතුරු අත්තක් ගෙන ඒවා විවිධ ගස්වල කැපුම් සාදා වැඩිහිටියන් කරන ආකාරයට අත්ත ඒ තැන්වලට සවිකර බැඳ ඇත. එම ගස්…

ඔබේ අතේ තිබෙන්නේ කුමක්ද?

මා ගැළවීම ලබා දෙවියන්වහන්සේට මගේ ජීවිතය කැප කර වසර කිහිපයකට පසුව මාගේ ලේඛණ ජීවිතය අත් හරින්න යැයි උන්වහන්සේ කියනවා මට දැණුනි. මම මගේ පෑන බිම තබා මාගේ ලියවිලි සැඟවූ විට දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ලිවීමට මට කවදා හෝ කැඳවීමක් ලැබෙනු ඇතැයි සිතීම මට නැවැත්විය නොහැකි විය. මාගේ පුද්ගලික පාළුකරයේ මම එහේ මෙහේ යන විට නික්මයාම 4 හි මෝසෙස් සහ ඔහුගේ සැරයටියේ…

වයසින් වයසට

ටෙක්සාස්හී අවුරුදු අසූ එකක් වූ මිත්තණියන් දෙදෙනෙක් ලොව වටා යාමේ ගමන දින අසූවකින් අවසන් කිරීමෙන් මාධ්‍යය කම්පනයට පත් කළේය. වසර විසි තුනක් හොඳම යහළුවන්වූ ඔවුන් ලොව වටා යමින් මහද්වීප හතටම ගියහ. ඔවුහු ඇන්ටාක්ටිකාවෙන් පටන් ගෙන ආර්ජන්ටිනාවේ වේග නැටුම් වලට සහභාගී වී ඉජීප්තුවේ ඔටුවන් පිට යමින් උතුරු ධ්‍රැවයෙහි හිම මත ලිස්සා යන කරත්ත වලද ගියහ. ඔවුහු සැම්බියාව, ඉන්දියාව, නේපාලය, බාලි, ජපානය…

ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍රව

මගේ ප්‍රථම කෙටි කාලීන දූතන ගමන වූයේ ගඟක් අසළ සභාවක් ගොඩනැගීම සඳහා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට යාමය. එක් දිවා කාලයක එම ප්‍රදේශයේ ජල පෙරනයක් තිබූ නිවෙස් වලින් එකකට අපි ගියෙමු. අපව පිළිගත් අය බොරපාට ළිං ජලය පෙරනයට වත් කළ පසු විනාඩි කිහිපයකින් පිරිසිදු පැහැදිළි පානීය ජලය මතු විය. එහිදී එම මනුෂ්‍යයාගේ කාමරය තුළදීම ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍ර වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න…

කලින් සූදානමක් නොමැති ප්‍රශංසා

කෙටි කාලීන දූත මෙහෙවරකට ඉතියෝපියාවට ගිය විට අපගේ කණ්ඩායම දේශීය කණ්ඩායමක් සමග එක්වී අසීරු කාලයක් තුළින් යන තරුණ කණ්ඩායමකට ශුභාරංචිය කීමට ගියෙමු. ඔවුහු ඇත්තෙන්ම කුණු මධ්‍යයෙහි වූ කූඩාරම් වල ජීවත් වූ අය වූහ. ඔවුන් හමුවීම මහත් ප්‍රීතියක් වූයේය. අපි එක්ව සාක්‍ෂිද දිරිමත් වචන සහ යාච්ඤාද බෙදා ගත්තෙමු. එදින මා කැමතිම මොහොතක් වූයේ දේශීය කණ්ඩායම් සාමාජිකයෙක් ගිටාරය වාදනය කරන අතර අප…