අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Sheridan Voysey

ෂර්ඩන් වොයිසි

.

ෂර්ඩන් වොයිසි විසින් රචිත ලිපි

නමස්කාරය පළමුවෙන්

වැඩිහිටියන්ගේ මිත්‍රකම සම්බන්ධ ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කිරීමට කිසිදා සැළසුම් කර නොතිබුණෙමි. නමුත් එසේ කිරීමට කැඳවීමක් ලැබුණු විට මට බොහෝ ප්‍රශ්න තිබුණි. එම පුණ්‍ය කටයුත්තට මුදල් ලැබෙන්නේ කෙසේද? එය ගොඩ නැගීමට උපකාර කරන්නේ කව්ද? එම කාරණයේදී මගේ විශාලතම උපකාරය පැමිණියේ ව්‍යාපාර පොත් වලින් නොව බයිබලයෙනි.

යමක් ගොඩ නැගීමට කැඳවීමක් ලබා ඇති සියල්ලන්ම එස්රා පොත කියවීම අත්‍යාවශ්‍යය වන්නේය. විප්‍රවාසයෙන් පසු යුදෙව්වන්…

ජීවිතයේ වන්දනා ගමන

විවිධ ඇදහිලි වලින් යුක්ත මිලියන දෙසීයක පමණ සෙනගක් සෑම වසරකම වන්දනා ගමනක් යන්නෝය. වන්දනා ගමනේ කාර්ය වන්නේ යම් ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා යම් ශුද්ධ ස්ථානයකට යාමය. එය යම් දේවස්ථානයක්, පන්සලක්, කෝවිලක් හෝ වෙනත් නවාතැනක් වන්නේ ආශිර්වාද ලබා ගැනිම පිණිසය.

බ්‍රිතාන්‍යයේ සෙල්ටික් කිතුනුවන් වන්දනා ගමන දුටුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් දිසාවක් නොමැතිව කාන්තාරයට ඇතුල් වීමෙන් හෝ සාගරයේ ඔවුන්ගේ බෝට්ටු ඔහේ පාවෙන්න හැරීමෙන්…

සිප ගැනීමෙන් නිවැරදි කිරීම

ජෝර්ජ් මැක්ඩොනල්ඩ්ගේ ණැනවත් ස්ත්‍රීය යන උපමාවේ ඔහු ගැහැණු ළමුන් දෙදෙනෙක්ගේ කථාවක් පවසයි. ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය ඔවුන්ද ඇතුලුව සියල්ලන්ටම දුක්බිතකම ගෙන ආවේය. නමුත් ණැනවත් ස්ත්‍රියක් ඔවුන්ව පරීක්‍ෂණ කිහිපයක් තුළින් යවා ඔවුන්ව නැවතත් “ආදරණීය” තත්ත්වයකට ගෙන ඒමට උපකාර කළාය.

ඒ දැරියන් එක් එක් පරීක්‍ෂණය අසමත් වී ලැජ්ජාව සහ තනිකමට මුහුණ දෙන විට ඔවුන්ගෙන් එක් දැරියක් වන රොස්මන්ඩ් තමන්ට තමන්වම වෙනස් කළ නොහැකි බව…

ප්‍රීතියේ කඳුළු

එක් උදෑසනක ඩීන් නිවසින් එන විට බැලූන් අතැතිව මිතුරන් බලා සිටින බව ඔහු දුටුවේය. ඔහුගේ මිතුරු ජොෂ් පෙරට පැමිණ “ඔබගේ කවි අපි තරඟයකට ඉදිරිපත් කළා” යනුවෙන් කීවේ ඔහුට ලියුම් කවරයක් ලබා දීමට මත්තෙනි. එම කවරයේ ඇතුළත තිබුණේ “පළමු ත්‍යාගය” යනුවෙන් ලියා තිබූ කාඩ් පතකි. වැඩි වේලාවක් යන්න මත්තෙන් සියල්ලෝම සතුටු කඳුළු හෙළුවෝය. ඩීන්ගේ මිතුරෝ අලංකාර දෙයක් කර තිබුණි. ඔව්හු ඔහුගේ…

යහපත් දේවල් පහක්

පර්යේෂණ වලට අනුව තමන්ට ඇති දේවල් ගැන උවමනාවෙන් කෘතඥ වන අය හොඳින් නිදා ගන්නා බවත් රෝග ලක්‍ෂණ අඩුවෙන් පෙන්නුම් කරන බවත් වඩාත් ප්‍රීතියෙන් සිටින බවත් සොයා ගෙන තිබේ. ඒවා කැපී පෙනෙන වරප්‍රසාදයන්ය. මනෝ විද්‍යාඥයින් යෝජනා කරන්නේ අපගේම යහජීවනය වර්ධනය කර ගැනීම වෙනුවෙන් “කෘතඥතා සටහන් පොතක්” තබා ගන්නා ලෙසත් සෑම සතියකම තමන් කෘතඥවන දේවල් පහක් ලියන ලෙසත්ය.

කෘතඥතාවය ක්‍රියාත්මක කිරීමට දේව…

ගීතාවලිය 72 හි නායකයෝ

2022 ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අගමැතිට ඉවත් වීමට බල කෙරුණේ ඔහුගේ අවංකභාවයේ තිබූ අඩු පාඩු නිසාය. (ඊට මාස කිහිපයකට පසුව අලුතෙන් පත් කරන ලද අගමැතිවරයාද ඉවත් වුනි). මෙම සිදුවීම ඉස්මතු වූයේ රටේ සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ වාර්ෂික යාච්ඤා රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී තම ප්‍රසිද්ධ ජීවිතයේ අවංක බාවය ගැන හැඟීමක් ඇතිවී ඉල්ලා අස්වීම හේතුවෙනි. අනෙක් ඇමතිවරුද ඉල්ලා අස්වීම නිසා තමාටත් ඉල්ලා අස්වෙන්න සිදුවන…

මැවුම්කරුවාණන් සිහි කරන්න

තමාට මාරාන්තික පිළිකාවක් ඇතැයි පිළිගැනීමට අකමැති කාන්තාවක් ගැන ලියා තිබූ නවකථාවක් මම මෑතකදී කියෙව්වෙමි. වේදනාවෙන් පීඩිතවූ ඇයගේ මිතුරියන් සත්‍යයට මුහුණ දෙන ලෙසට ඇයට බලකළ විටදී ඇයගේ මග හැරීමට හේතුව ඉස්මතු වුනි. “මගේ ජීවිතය මම නාස්ති කර ගත්තෙමි” කියා ඇය ඔවුන්ට කීවාය. තලෙන්ත සහ වස්තුව සමග ඉපදුණු ඇය තවදුරටත් කියා සිටියේ “මගේ ජීවිතයෙන් මම කිසිදෙයක් නොකළෙමි. කිසිදෙයක් හරියට නොකළෙමි. එකකවත් රැඳී…

පවුරු මත දේවදූතයෝ

වොලස් සහ මේරි බ්‍රවුන් එංගලන්තයේ බර්මිංහම්හී දුගී කොටසකට සංක්‍රමණය වූයේ මිය යමින් සිටි සභාවක් පාලනය කිරීමට වූ අතර මැර කල්ලියක් ඔවුන්ගේ සභාව අල්ලා ගෙන එය ඔවුන්ගේ මූලස්ථානය කර ගෙන සිටි බව දැන සිටියේ නැත. බ්‍රවුන්ලාගේ ජනෙල් වීදුරු තුළින් ගල් ආහ. ඔවුන්ගේ වැටවල් වලට ගිණි තබනු ලැබීය. ඔවුන්ගේ දරුවන්ට තර්ජනය කෙරුණි. එම කරදර මාස ගණනාවක් පැවතුණි. පොලිසියට එය නැවැත්විය නොහැකි විය.…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැඹුරු මිත්‍රකම

එංගලන්තයේ කේම්බි්‍රඞ්ජ්හී ක්‍රයිස්ට් කොලේජ් (ක්‍රිස්තුස්වහන්සේගේ විදුහල) දෙව් මැදුරේ තිබුණු ස්මාරක දෙක දහහත් වන සියවසේ සිටි වෛද්‍යවරුන් දෙදෙනෙක් වන ජෝන් ෆින්ච්ට සහ තෝමස් බෙයින්ස්ට කැප කර තිබුණි. වෙන් කළ නොහැකි මිතුරන් ලෙස හඳුන්වනු ලැබූ ෆින්ච් සහ බෙයින්ස් වෛද්‍ය පරීක්‍ෂණවලදී එක්ව ක්‍රියා කරමින් ප්‍රභූ ගමන් වලදීද එක්ව ගියහ. බෙයින්ස් 1680 දී මියගිය අතර වසර තිස් හයක් පැවතී ඔවුන්ගේ
“නොබිඳුණු ආත්ම විවාහය” ගැන…

යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීම

නිලි නිෂෙල් නිකොල්ස් හොඳින්ම මතකයට එන්නේ මුල් ස්ටාර් ටේ‍රක් මාලාවේ ලුතිනන් උහුරාගේ චරිතය රඟ දැක්වූ නිසාය. ඇයව ප්‍රධාන රූපවාහිනී වැඩ සටහනක පළමු අප්‍රිකානු ඇමෙරිකානු නිළිය වීම කළ එම භූමිකාව නිකොල්ස්ට පුද්ගලික ජයග්‍රහණයක් වුනි. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ජයක් ඉන් පැමිණීමට තිබුණි.

ඇයගේ වේදිකා වැඩ වල යෙදීම සඳහා නිකොල්ස් ස්ටාර් ටේ‍රක් පළමු වාරයෙන් පසු එයින් ඉල්ලා අස් වුනි. ඉන්පසුව ඇයට කණිෂ්ඨ…