අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Sheridan Voysey

ෂර්ඩන් වොයිසි

.

ෂර්ඩන් වොයිසි විසින් රචිත ලිපි

කුලියට මිත්‍රයෙක්?

ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට ජීවිතය හුදකලා වෙමින් පවතී. 1990 සිට මිතුරන් නොමැති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වී ඇත. ඇතැම් යුරෝපීය රටවල ජනගහණයෙන් සියයට 20 ක් දක්වා ප්‍රමාණයකට තනිකමක් දැනෙන අතර ජපානයේ සමහර වැඩිහිටි පුද්ගලයින් අපරාධවලට යොමු වී ඇත්තේ ඔවුන්ට සිරගෙදර සිටින රැඳවියන් සමඟ ඇසුරු කළ හැකි නිසාය.

සමහර ව්‍යාපාරිකයින් මෙම තනිකමේ වසංගතයට “විසඳුමක්” ඉදිරිපත් කර ඇත - එනම්,…

තෘප්තිය අල්ලා ගැනීම

බ්‍රෙන්ඩා නම් පාඨකයෙකු, ඇයගේ දැඩි ආශාවලට ඇති ලුහුබැඳීම් ඇයව අසතුටට පත් කර ඇති බවට කොදුරමින් මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් තීරුවක ප්‍රකාශයක් සටහන් කළ අතර මෙම මනෝ වෛද්‍යවරයා මෙයට ප්‍රතිචාර දැක්වුවේය. ඔහුගේ වචන බොඳ විය. මිනිසුන් සතුටින් සිටින්න නිර්මාණය කර නැති බවත්, මිනිසුන්ව නිර්මාණ කර ඇත්තේ “නොනැසී ජීවත් වීමට සහ වර්ගයා බෝ කිරීමට පමණක් බවත්” ඔහු තව දුරට පැවසුවේය. තෘප්තිමත්භාවයේ “සරදම් කරන…

නිහතමානී වීමේ දිනයක්

මිනිසුන් හදා ගන්නා නිල නොවන නිවාඩු ගැන මම බොහෝ විට පුදුමයට පත් වන්නෙමි. පෙබරවාරි මාසයේ පමණක් - ඇලෙන සුළු බනිස් දිනයක්, කඩු ගිලින අයගේ දිනයක් සහ සුනඛ බිස්කට් අගය කිරීමේ දිනයක් පවා ඇත! අද නිහතමානී වීමේ දිනය ලෙස නම් කර ඇත. ගුණධර්මයක් ලෙස විශ්වය පිළිගත් නිහතමානීකම සැමරීම නිසැකවම වටිනා දෙයකි. නමුත් සිත්ගන්නා කරුණ නම්, මෙය සැමවිටම එසේ නොවීමයි.

පැරණි ලෝකයේ…

පිබිදීම පැමිණෙයි

අව්රුකන් යනු උතුරු ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයකි - එහි ආදිවාසී ජනගහනය ගෝත්‍ර හතකින් සමන්විත වේ. ශතවර්ෂයකට පෙර ශුභාරංචිය අව්රුකන් වෙත පැමිණි නමුත් “ඇසට ඇස” පළිගැනීම සමහර අවස්ථාවලදී පැවතුණි. 2015 දී, වංශ අතර ආතතීන් වර්ධනය වූ අතර, මිනීමැරුමක් සිදු වූ විටදී, ආපසු පළිගැනීම සඳහා වැරදිකරුගේ පවුලෙන් කෙනෙකු මිය යාමට අවශ්‍ය විය.

නමුත් 2016 මුල් කාලයේදී කැපී පෙනෙන දෙයක් සිදු විය. අව්රුකන් වැසියන්…

වික්‍රමාන්විත දෙයක් සඳහා සාදා ඇත

මම මෑතකදී අපූරු සොයාගැනීමක් කළෙමි. මගේ නිවස අසළ ගස් පෙලක් අතරින් කසළවලින් පිරුණු මාර්ගයක ගමන් කළ විටදී, නිවැසියන් විසින් සාදන ලද සැඟවුනු සෙල්ලම් පිටියක් මට හමු විය. ලී කූරු වලින් සාදන ලද ඉනිමගක් අට්ටාලයක් වෙතට ළඟා වුණි. පැරණි කේබල් රෝද වලින් සාදන ලද ඔංචිල්ලා අතුවල එල්ලා තිබූ අතර, අතු අතර එල්ලා තිබූ එල්ලෙන පාලමක් පවා තිබුණි. යම් කෙනෙකු විසින් පැරණි…

ඔබ කවුරුන්ද

2011 දී, දරුවන් නොමැතිව දශකයකට පසු, මගේ බිරිඳ සහ මම නව රටක ජීවිතය නැවත ආරම්භ කිරීමට තීරණය කළෙමු. මෙම පියවර ප්‍රබෝධමත් වූවත්, ඒ සඳහා මගේ නිවේදක වෘත්තියෙන් ඉවත් වීමට අවශ්‍ය වූ අතර එය මට මග හැරුණි. පාළුවක් දැනුණු මම මගේ මිතුරෙකු වන ලියම්ගෙන් උපදෙස් ඉල්ලා සිටියෙමි.

“තවදුරටත් මගේ කැඳවීම කුමක්දැයි මම නොදනිමි,” කලකිරීමෙන් යුතුව මම ලියම්ට කීවෙමි. “ඔබ මෙහි නිවේදන…

මා සමඟ ගමන් කරන්න

මීට වසර කිහිපයකට පෙර, ශුභාරංචි ගායක කණ්ඩායමක් ගායනා කරන “යේසු මා සමඟ ගමන් කරයි” යන ගීතය ජනප්‍රිය ගීත දත්ත සටහන් වලට ඇතුළත් වූයේය. පද රචනය පිටුපස ප්‍රබල කතාවක් ඇත.

ජෑස් සංගීතඥ කර්ටිස් ලුන්ඩි විසින් ගායන කණ්ඩායම ආරම්භ කරන ලද්දේ ඔහු කොකේන් නමැති මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ප්‍රතිකාර සඳහා වැඩ සටහනකට ඇතුළු වූ අවස්ථාවේදීය. සෙසු ඇබ්බැහි වූවන් එකට එකතු කරමින්…

සහෝදරියගෙන් සහෝදරයා වෙතට

මට ඇය සමඟ පෞද්ගලිකව කතා කළ හැකිද කියා නායකයෙකු මගෙන් අසන විට, කැරන් නමැති කාන්තාව උපවාස හෝ ඥානකාන්ති මධ්‍යස්ථානයේ උපදේශන කාමරයේ, දෑස් රතුවී කම්මුල් තෙත්වී හඬමින් සිටි බව මම දුටුවෙමි. හතළිස් දෙහැවිරිදි, කැරන් විවාහ වීමට ආශාවෙන් සිටි අතර, මේ වන විට කෙනෙක් ඇය කෙරෙහි උනන්දුවක් දක්වමින් සිටින බව දැන ගතිමි. නමුත් මේ තැනැත්තා ඇගේ කාර්යාලයේ ප්‍රධානියා වූ අතර ඔහුට දැනටමත්…

කතාව අවසන් වී නැත

ලයින් ඔෆ් ඩියුටි නමැති බ්‍රිතාන්‍ය නාට්‍යය අවසන් වූ විට, සංවිධානාත්මක අපරාධවලට එරෙහි එහි සටන අවසන් වන්නේ කෙසේදැයි බැලීමට වාර්තාගත සංඛ්‍යාවක් බලා සිටියහ. නමුත් බොහෝ නරඹන්නන්ගේ බලාපොරොත්තු සුන් වූයේ, එය අවසන් වූයේ නපුර ජය ගන්නා ආකාරයෙනි. “මට අවශ්‍ය වුණේ නරක මිනිසුන් නීතිය ඉදිරියට ගෙන ඒමටයි,” එක් රසිකයෙක් පැවසීය. “අපට එම සදාචාරාත්මක අවසානය අවශ්‍ය විය”.

සමාජ විද්‍යාඥ පීටර් බර්ගර් වරක් සඳහන් කළේ…

රැකවරණය සොයා ගැනීම

මගේ බිරිඳ සහ මම වරක් නැවතී සිටියේ විශාල ජනේල සහ ඝන ගල් බිත්ති සහිත මුහුදු වෙරළේ පිහිටි පැරණි සුන්දර හෝටලයකය. එක් දවාලක, කුණාටුවක් කලාපය හරහා කඩා වැදුණු අතර, මුහුද රළු කරමින්, අපගේ ජනේලවලට සැඩ පහර වැදුනේ කෝපයෙන් දොරට තදින් ගසනවාක් මෙන්ය. එහෙත් අපි සමාදානයෙන් සිටියෙමු. එම බිත්ති ඉතා ශක්තිමත් වූ අතර හෝටලයේ අත්තිවාරම් ඉතාමත් ඝණ විය! පිටත කුණාටු ඇති වී…