ජේසුස් වහන්සේ නැතිවූ අය සොයන සේක
“මම මාගේ ජීවිතය පුරා ඔහුව සෙව්වෙමි” ඇස්වල කඳුළු සහිත බිල් කෝඩ්ස් එම වචන පැවසුවේ ඔහුගේ මල්ලී වන රොබර්ට්ස් සමඟ එකතු වුන විටදීය. පවුලේ ප්‍රශ්නයක් නිසා රොබර්ට්ස්ට මාස හතරේදී ඔවුන් වෙන්ව තිබුණි. වසර අසූවක් ඔවුන් එකිනෙකා දැක නොතිබුණි. බිල්ගේ මිණිපිරිය ඔහුගේ බිළිඳු මල්ලිව සොයා ගැනීමට උපකාර කර තිබුණි. තම මල්ලී ගැන සිතීම සහ සෙවීම බිල් කිසි දිනෙක නවතා තිබුණේ නැත.
ලූක්…
දෙවියන් වහන්සේ විසින් වෙන අරමුණකින් දුන් ත්‍යාග
විශාල සාගර නෞකාවක් වන එස්.එස් යුනයිටඩ් ස්ටේස් නැව ගිල්වා දැමීමට කැප්ටන් ටිම් මුලේන් උනන්දුවෙන් ක්‍රියා කළේය. ඇත්තෙන්ම එය මුහුද පතුලටම යැවීමට ඔහුට ගෙවන ලද්දේය. සාගර හතක් තරණය කරන ලද නැව් සාගර පත්ලට යවා මුලේන් ඒවාට වෙනත් අරමුණක් දෙන්නේය. ගිලුණු නැව් කිමිදුම් කරුවන්ට ආකර්ෂණීය ගමනාන්ථයක් දෙන්නේය. එසේම වෙරළ ඛාදනය නවත්වන්නේය. දැන් සාගර මතුපිට ගමන් නොකරන නමුත් ඒවා සාගර පතුලේ සිට වටිනා …
දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම
ඇනොල් නැමති ජලජ උරගයාට හුස්ම නොගෙන ජලය යට විනාඩි විස්සක් සිටිය හැකි බව පර්යේෂකයෝ කියති. මේ කුඩා උරගයාට ජලය ඉවතට විසිකිරීමට හැකි සමක් තිබේ. ගැඹුරට ගිය පසු ඌ වායු බුබුලක් පිට කරයි. එය උගේ හොස්සේ ඇලෙන්නේය. දක්‍ෂ සත්වයා ඉන්පසු නැවත නැවත එම බුබුල ආශ්වාස කරයි. විද්‍යාඥයෝ පවසන්නේ එය සිරවී ඇති වායුව ප්‍රතිසංස්කරණය කිරීමක් බවයි. ජලජ ඇනොලිට මෙම විශේෂ හැකියාව තිබුණත්…
තමාට නොව දෙවියන් වහන්සේට සේවය කිරීම
පුරාණ මිසර ඵාරාවෝ කෙනෙක් වන 2 වන රැම්සෙස් තමන් ගැන කෙතරම් සිතුවේද යත් ඔහුගේ ගෞරවය පිණිස බොහෝ දේවල් සෑදුවේය. ඔහුගේ ශාරීරික ගුණාංග සිහි කරන බොහෝ ස්මාරකයන්ද ඊට ඇතුළත් විය. රතු ගල් වලින් සාදා තිබුණු 2 වන රැම්සෙස්ගේ අති විශාල ස්මාරකය අඩි තිස් හයක් උස වූ අතර ටොන් අසූ තුනක් බර විය. කෙසේ වෙතත් වයස ඔහුට කරුණාව දැක්වූයේ නැත. කෙසේ වෙතත්…
පියාණන්ගේ විවෘත දෑත්
මේරි ස්ලෙසර්ගේ දයානුකම්පාවේ හදවත අවශ්‍යතා ඇති අයට දෑත් දිගු කිරීමට යොමු විය. ස්කොට්ලන්ත මිෂනාරිවරිය 1848 උපත ලැබූ අතර ඈත දේශයක් වූ ඔකෝයොං ජනතාව අතර සේවය කළාය. මිථ්‍යා විශ්වාස නිසා එම දේශයේ සෙනඟ විශ්වාස කළේ නිවුන්නු උපන්නොත් එක් අයෙක් යහපත් බවත් අනෙකා යක්‍ෂයාගෙන් බවත්ය. මෙයින් සිදුවූයේ සාගින්නට හෝ භයංකාරකම් වලට අත් හැරුණ නිවුන්නු බොහෝ විට මිය යාමයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය හදවත…
යටහත් පූජාව
ගුවන් නියමුවෙක් සහ ඔහුගේ දියණියන් දෙදෙනා ඇලස්කාවේ සොල්ඩොට්නා සිට ස්ථාන නැරඹීමේ චාරිකාවක යෙදුණහ. කෙසේ වෙතත් ඔවුන්ගේ කුඩා ගුවන් යානය කිසිදිනෙක ගමනාන්තයට නොගියේය. ප්‍රාදේශීය ගුවන් නියමුවන් නැතිවූ ගුවන් යානය සෙවීම ආරම්භ කළ පසු ටෙරී ගෝඩ්ස් නම් නියමුවා අඩක් පමණ හිමෙන් වැසී තිබූ වැවක ගුවන් යානයේ නටබුන් දුටුවේය. පවුලේ සාමාජිකයන් තිදෙනා පැය ගණනාවක් තටුවල සිටගෙන සිටියෝය. ස්තුතිවන්ත විය හැකි කාරණයක් නම් ජාතික…
දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය
හඩ්සන් ටේලර් කරදර විය. ඔහු එංගලන්තයෙන් පිටත්ව ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට චීනයට ගොස් තිබූ අතර අභියෝගාත්මක වූවත් ඔහුගේ සේවය හොඳින් කෙරුණි. නමුත් 1865 දී ඊට වඩා භයානක පළාතකට ආරක්‍ෂාව රහිතව සේවකයන් යෙදවීමට කල්පනා කරන විට ඔහුට දැඩි ගැටුම්කාරී බවක් දැණුනි. දෙවියන් වහන්සේ සමඟ යාච්ඤාවෙන් පොර බැදූ පසු ඔහු මෙසේ ලිවීය : “ස්වාමීන් වහන්සේ මගේ අවිශ්වාසය විනාශ කළ සේක. සියලු…
අධිකතර ප්‍රේමය
ටොඩ් විසින් මෑතකදී උපාධියක් ලබා ගත් තම බාල සහෝදරයා වන ඇලෙක්ස්ට තමා ගොඩ නැගූ නිවසේ විසීමට ආරාධනා කළේය. කුලියක් නැතිව ජීවත් වී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තම සහෝදරයාට උදව් වීම ටොඩ්ගේ අරමුණ වූයේය. මාස හයකට පසු කුලී ගෙවන ලෙස ටොඩ් ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටියේය. වසර ගණනාවකට පසු ඇලෙක්ස් ඔහුගේ නිවසට මිළයක් නියම කළේය. ඉල්ලීම පිළිගනු ලැබීය. ඇලේක්ස් ගෙවූ කුලිය වසර…
ඇදහිල්ල සහ බොරු චෝදනා
බලවත් සුළං වලින් ගෙන යනු ලැබූ ගින්න දින ගණනාවක් පැවතුණි. ඉතිහාසඥ ටැකිටස් මොර ගැසීම් සහ පුරවැසියන් ජීවිතය බේරා ගැනීමට දුවන දර්ශනයක් විස්තර කරයි. අවසානයේ රෝමයේ තුනෙන් දෙකක් විනාශ වී තිබුණි. රෝම අධිරාජ්‍යයා වන නීරෝ ගින්න ආරම්භ කළේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් යයි බොරු චෝදනා ගෙනාවේය. ඔහු කිතුනුවන්ට වෛර කළ අතර විනාශයට වරද පැටවූනේ කිතුනුවන්ටය. මෙම විනාශයට අණ කර තිබුණේ නීරෝම…
දෙවියන් වහන්සේ වෙනස් කළ හදවත්
අසභ්‍ය ඡායාරූප නිසා පොරබදන බොහෝ සෙනඟ මෙන් රසල් එයට විවෘත වූයේ ඉතා තරුණ කාලයේය. ඒවා භාවිතා කිරීමට තිබූ ආශාව ඔහුට දරා ගැනීමට නොහැකි වූයේය. ඔහුගේ හදවත ඉන් විෂ විය. “මගේ ජීවිතය ඉන් පෙඟී ගියේය” ඔහු ලියයි : “කෙතරම්ද කීවොත් එය මාගේ අභ්‍යන්තරයේ ගැඹුරටම කිඳා බැස තිබූ පිළිකාවක් වැනිය”. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා අවසානයේ ඔහු එයින්ද වෙනත් ඇබ්බැහිවීම් වලින්ද ගැළවුනි. ජේසුස්…