අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

ජීවිත වෙනස් කරන දෙවියන්වහන්සේගේ ත්‍යාගය

මමත් මගේ ස්වාමිපුරුෂයාත් බයිබල් බෙදා දෙද්දී මම අපගේ යෞවන කණ්ඩායමට සුභ පැතුවෙමි. “ඔබගේ ජීවිතය වෙනස් කිරීමට දෙවියන්වහන්සේ මෙම මිළ කළ නොහැකි ත්‍යාගය පාවිච්චි කරන සේක” යනුවෙන් මම කීවෙමි. එම රාත්‍රියේදී සිසුන් කිහිප දෙනෙක් එකතු වී යොහන් ශුභාරංචිය කියවීමට කැප වූහ. අපගේ සතිපතා රැස්වීම්වලදී ඔවුන්ට ඉගැන්වූ අතර නිවසේදී දේව වචනය කියවන ලෙසට කණ්ඩායමට නොකඩවා ඇරයුම් කළෙමු. වසර දහයකට වඩා වැඩි කාලයකට…

සෑම මොහොතක්ම වටින්නේය

1912 දී ටයිටැනික් නැව අයිස් කන්දක හැපුණු විට ජෝන් හාපර් සභා පාලකවරයා තම හය හැවිරිදි දියණියට ජීවිතාරක්‍ෂක බෝට්ටුවක ස්ථානයක් ලබා දුන්නේය. ඔහු තම ජීවිතාරක්‍ෂක කබාය හවුල් මගියෙකුට ලබා දුන් අතර අසා සිටි ඕනෑම කෙනෙක් සමග ශුභාරංචිය බෙදා ගත්තේය. නැව ගිලිී යද්දී සිය ගණනක් සෙනග අවිනිශ්චිත ගැළවීමක් බලාපොරොත්තුවෙන් සිටින විට හාපර් එකිනෙකා වෙත පිහිනා ගොස් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගනින්න.…

ප්‍රේමණීය කීකරුකම

අපගේ විවාහ මංගල්‍යය උත්සවයේදී අපගේ දේව සේවකයා “මරණය ඔබව වෙන් කරන තුරු ඔබගේ ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්ටද, ගෞරව කරන්ටද කීකරු වන්ටද පොරොන්දු වන්නේදැයි” මගෙන් ඇසුවේය. මගේ ප්‍රේමවන්තයා දෙස බලමින් “කීකරු වෙන්ට?” යනුවෙන් මම මිමුණුවෙමි. අපි අපගේ සම්බන්ධතාවය ප්‍රේමය සහ ගෞරවය මත ගොඩ නගා තිබූ අතර මෙම පොරොන්දුවේ දැක්වෙන පරිදි අන්ධ කීකරුකම මත නොවේ. දෑස් විවර කර ගෙන මම කීකරුවන්න යන…

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැරදිය නොහැක

දැන් වැඩිහිටියෙක් වී සිටින මගේ පුත් සේවියර් පහළ බාලාංශයේ සිටින විට දෑත් විදහා පැවසුවේ “මම ඔබට මෙතරම් ආදරෙයි” කියාය. මමත් මගේ දිගු දෑත් විදහා “මම ඔබට මෙතරම් ආදරෙයි” කියා කීවෙමි. නමුත් ඔහු තම අත් ඉණේ තබා ගෙන “මම පළමුවෙන් ප්‍රේම කළා” යයි කීවේය. මම හිස වැනුවෙමි. “දෙවියන්වහන්සේ ඔබව පළමුවෙන් මගේ ගර්භාෂයේ තැබූ විට මම ඔබට ප්‍රේම කළෙමි” කියා කීවෙමි. සේවියර්ගේ…

දෙවියන්වහන්ස, මට ඔබව ඇහෙනවා!

ඔහුගේ පළමු ශ්‍රවණාධාර උපකරණය වෛද්‍යවරු ඇතුල් කරද්දී ළදරු ග්‍රැහැම් ඔහුගේ මවගේ ඇකයේ දඟලමින් සහ හඬමින් සිටියේය. වෛද්‍යවරයා උපකරණය ක්‍රියාත්මක කළ මොහොතේදීම ග්‍රැහැම් හැඬීම නැවැත්වීය. ඔහුගේ ඇස් පුළුල් විය. ඔහු සිනහසුණේය. ඔහු සනසන, ඔහුව දිරිගන්වන සහ ඔහුගේ නම කියා කථා කරන ඔහුගේ මවගේ හඬ ග්‍රැහැම්ට ඇසුණි.

ළදරු ග්‍රැහැම්ට ඔහුගේ මව කථා කරනවා ඇසුණේය. නමුත් ඇගේ කටහඬ හඳුනා ගෙන ඇගේ වචන වල…

රාජ්‍යය මනසකින් යුත් නායකත්වය

එකිනෙකා වෙනුවෙන් යාච්ඤාකරමින් සහ එකිනෙකාගේ පොත් ගැන වචනය ව්‍යාප්ත කරමින් සිටි කිතුනු ළමා පොත් කතුවරයන් කණ්ඩායමක් හා මම එක්වූ විට සමහරුන් පැවසුවේ “තරඟකරුවන් සමග වැඩ කිරීම මෝඩ කමක් බවයි”. නමුත් අපගේ කණ්ඩායම රාජ්‍යය මනසක් ඇති නායකත්වයට කැපවී සිටියේ තරඟයට නොව ශුභාරංචිය ප්‍රචාරය කිරීමටය. අපි එකම ඉලක්කයක සිටියෙමු. ඒ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමයි. අපි එකම රජු වූ යේසුස්වහන්සේට සේවය කළෙමු. අපි එක්ව…

දෙවියන්වහන්සේ සියල්ල සෑදූ සේක

අපි කැලිෆෝර්නියාවේ මොන්ටේරේ බොක්කේ මත්ස්‍යාගාරයට ඇතුල් වන විට මගේ තුන් හැවිරිදි පුතා වන සේවියර් මගේ අත මිරිකුවේය. වහලෙහි එල්ලෙමින් තිබූ සම්පූර්ණ උස සහිත මොල්ලි තල්මසෙකු පෙන්වා “ඉතාමත් විශාලයි” කියා කීවේය. ප්‍රදර්ශනය කර ඇති එක් එක් භාණ්ඩය නරඹන කල ඔහුගේ දෑස් ප්‍රීතියෙන් පුළුල් විය. කෑම වෙලාවේදී දිය බල්ලන් එහේ මෙහේ පනිනවා දැක අපි සිනහසුනෙමු. දීප්තිමත් නිල් ජලයෙහි ජල්ලි මත්ස්‍යයන් නටන විට…

දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය හස්තයේ

තවත් සෞඛ්‍ය පසුබෑමකින් පසුව මම නොදන්නා සහ පාලනය කළ නොහැකි දේ ගැන බිය වීමි. එක් දිනක් මම “ෆෝර්බ්ස්” සඟරාවේ කෘතියක් කියවමින් සිටිද්දී “පෘථිවියේ භ්‍රමණ වේගය” ගැනත් පෘථිවිය “වැනි වැනී” “අධික වේගයකින්” යන බවත් විද්‍යාඥයින් අධ්‍යයනය කරන බව දැන ගතිමි. ඔවුන් ප්‍රකාශ කළේ ගෝලීය වේලාවෙන් එක් තත්පරයක් නිල වශයෙන් වෙනස් කිරීම අවශ්‍ය බවයි. තත්පරය එතරම් අලාභයක් සිදු නොකළත් පෘථිවියේ භ්‍රමණය වෙනස්…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රය

වයස තිහේදී අලුත් ඇදහිලිවතෙක් ලෙසට මම දෙවියන්වහන්සේට ජීවිතය කැප කළ පසු මට බොහෝ ප්‍රශ්න ඇසීමට තිබුණි. මම දේව වචනය කියවීමට ආරම්භ කළ පසු මට ඊටත් වඩා ප්‍රශ්න ඇති විය. මම මිතුරෙක් වෙතට යොමු වූයෙමි. “දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලටම මට කීකරු විය හැක්කේ කෙසේද? මම මගේ ස්වාමි පුරුෂයාට අද උදේ බැණ වැදුණෙමි”.

“බයිබලය දිගටම කියවා ගෙන යන්න. එසේම යේසුස්වහන්සේ ප්‍රේම කරන ලෙස…

කැමතිවූ ගැළවුම්කරුවාණෝ

බොහෝ රෑබෝවී වාහනය පදවා ගෙන එද්දී ගෙයක් ගිනි ගන්නවා නිකලස් දුටුවේය. ඔහු මෝටර් රථය නවත්වා නිවස තුළට දිව ගොස් දරුවන් සතර දෙනෙක් ආරක්‍ෂිතව පිටතට ගෙන ආවේය. දරුවන් බලාගන්නා තරුණිය තවත් දරුවෙක් නැති බව දැන ගෙන ඒ බව නිකලස්ට කීවාය. පැකිළීමකින් තොරව ඔහු ගින්නෙන් දැවෙන ගෙට ගියේය. සය හැවිරිදි දැරිය සමග දෙවන මහලේ සිරවූ නිකලස් ජනේලයක් කඩා දමා ආපදා කණ්ඩායම ඒ…