පසුගිය දින කිහිපයේ අප රට තුළ සිදුවුනාවූ අවාසනාවන්ත සිද්ධීන් නිසා අප මෙන් ඔබද කැළඹිලි ස්වභාවයකට පත්ව ඇති බව නොඅනුමානය. මෙවැනි අවස්ථාවන්වල අප කාගේත් සිත් සතන්වල පැනනගින්නාවූ ප්‍රශ්න වලට පිළිතුරු අවිනිශ්චිතය.

මෙවැනි ගැටළු දෙස බයිබලීය දෘෂ්ටිකෝනයෙන් බැලීමට ඔබට උපකාරවන කුඩා පොත් 2ක් ඔබගේ සිත් සුව පිණිස ඉදිරිපත් කිරීමට අපි සතුටු වෙමු.

පහතින් ඔබගේ කියවීම උදෙසා එම පොත් බාගත කිරීමට පහසුකම් සලසා ඇත.

මෙම ඛේදවාචකයන් දෙස බයිබලීය පදනමින් යුතුව අවබෝධ කර ඔබගේ ඇදහිල්ල වැඩිවෙමින් සිත් සතන් සුවපත්වේවා යන්න අපගේ යාච්ඤාවයි. …

“නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති." (යෙසායා 40:31)

ඛේදවාචකයන් සිදුවන කල

අවිනිශ්චිත ලොවක් තුළ සුරක්ෂිත භාවය

ව්‍යසනයක් වූ කල අප අසන සමහරක් ප්‍රශ්න නම් “දෙවියන් වහන්සේ අපට මෙසේ කළේ ඇයිද?”“අපි මොනවා කලාටද මේ දඩුවම?” “ඇයි දෙවියනි අපි එක්ක උදහස් උනේ ?”

අනෙකුත් අය මෙවන් විනාශයක් සහ දුකක් වෙන්නට ඉඩ දුන් දෙවිකෙනෙකු මත විශ්වාස කළ හැක්කේ කෙලෙසද යන අර්බුදයට මුහුණු දෙති.

මෙසේ අති විශාල ව්‍යසන තත්වයකට හසු වූ අප කෙසේ ප්‍රතිචාර දක්වමුද? බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත්වෙමුද? එසේ නැතිනම් මීට පෙර මෙවන් ස්වාභාවික ව්‍යසන, භයානක අනතුරු හෝ ප්‍රචන්ඩත්වයන්ට මුහුණ දුන් අය මෙන් සාර්ථකව මුහුණ දී සමහර විට ජීවිත වැඩිදියුණු කරගෙන ඉදිරියට යන්නෙමුද?

කියවන්න

To Read in English

 

ව්‍යසනයට පසු

ව්‍යසනයන් හමුවේ කිතුණුවන් ප්‍රතිචාර දැක්විය යුතු ආකා රය පිළිබඳ බයිබලීය විවරණය

මෙම පොත් පිංචයේ කර්තෘ වන අජිත් ප්‍රනාන්දු ජාත්‍යාන්තර පිළිගැනීමක් ඇති ගුරුවරයෙකු හා කර්තෘවරයෙකු වේ. ශ්‍රී ලංකා යෞවන කිතුමග සංවිධානයේ ජාතික අධ්‍යක්‍ෂක ලෙස 35 වසරක සේවයෙන් අනතුරුව දැන් ඔහු එහි පුහුණු කිරීම් අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.

අජිත් මාගේ පුද්ගලික මිතුරෙකු වන අතර ස්වාමීන්වහන්සේගේ සේවයේ හවුල් සේවක යෙක් ලෙසද, හඳුන්වන්නට කැමැත්තෙමි. ඔහු දෙවියන්වහන්සේන්වහන්සේටද, පවුලේ අයටද ඔහු සමග සේවය කරන සහෝදර සේවකයන්ටද ඔහුගෙන් සේවය ලබන්නාවූ අයටද දක්වන ප්‍රේමය කාහටත් පැහැදිළිය. 2004 දෙසැම්බර් මස 26 වන දින රටට කඩා වැදුනු ව්‍යසනයට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුගේ ප්‍රතිචාරය මෙසේ ගොනු කර ඇත. - ඇල්බට් ලී

කියවන්න

දේව වචනය තුළින් අන් අය දිරිමත් කිරීමේ අපගේ සේවයට හවුල්වීමට ඔබත් කැමතිද?

ඔව්, මම උදව් වීමට කැමතියි ඔව්, මම යාච්ඤා කිරීමට කැමතියි