අප සියලු දෙනාටම අයහපත් දේශගුණයට හෝ කළකිරීමට පත්වීමට හෝ යටත් වීමට හෝ සිදුවූ දවස් ඇති බවට සැක නැත. ඇතැම් අයට ජීවිතයේ කිසිදු ප්‍රීතියක් නොමැති බව පෙනී යන හා සියලු දෙයින්ම සිත් කලකිරවන සුලු හා බලාපොරොත්තු සුන් වූ බවක් පෙන්වන දවස්වලට මුහුණ පෑමට සිදුව තිබේ. ඔබව ප්‍රබෝධමත් කිරීමට කිසිවක් නැති බව පෙනී ගියද එය පවතින්නේ සුලු කාලයකට පමණය. තවත් සමහර දිනයන්හි ඔබට යාච්ඤා කිරීමට පවා උනන්දුවක් නොමැති අතර ලෝකයට මුහුණ දීමට හෝ දවස ගෙවා ගැනීමට හෝ ශක්තියක් නැති වන්නටද පුළුවන. අප මුහුණ දෙන එම තත්ත්වය ‘විෂාදය’ ලෙස හැඳින්වීම තද වැඩි වූවත්, ජීවිතයේ එබඳු තත්ත්වයන් අප බොහෝ දෙනෙකු විසින් පසු කර ඇති බව සත්‍යයකි. බලාපොරොත්තු සුන්වීම, සර්ව අශුභවාදය, නොවටිනා බව හා අසරණ බව සමග අපි සටන් කරන විට, අපට එය දිගටම කරගෙන යා හැකිදැයි සිතන්නෙමු. ඇතැම් අය තනිවම හෝ මිතුරු මිතුරියන්ගේ හෝ පවුලේ අයගේ උපකාර ඇතිව ඒවා මඟහැර ගැනීමට සමත් වෙති. තවත් සමහරු වෘත්තීයවේදීන්ගේ සහය ඇතිව ඒවායින් ජය ගන්නා අතර බොහෝ දෙනා ඔවුන්ට හැකි ආකාරයෙන් එම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට උත්සාහ කරමින් බොහෝ මහන්සියෙන් ගමන් කරති.
මෙම සිදුවීම් යුග ගණනක් පුරා සිදු වෙමින් පැවතුනත් ලෝකය මුහුණ දුන් වසංගතය හේතුවෙන් දැන් ඒවා සුලබ තත්ත්වයන් බවට පත්ව තිබෙන බව ඒකාන්තයෙන්ම සැබෑවකි. අප වටා සිටින සියලු දෙනාම සන්සුන්ව සහ ධනාත්මකව සිටීමට වෙර දරති. අපිත් ඒ තුළම එකට සිටිමින් අපගේ අරගල සමග සටන් කරමින් සිටියද අප සිටින්නේ තනිවමය. නමුත් අප සියල්ලන් හටම අල්ලාගෙන සිටිය හැකි එක් ආධාරකයක් තිබේ නම්, ඒ අපගේ දෙවියන් වහන්සේය. උන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේගේ ප්‍රේමය අපට එළිදරව් කරන අතර අප වටා හා අප තුළ ඇති සියල්ල සුනු විසුනු වී ගියද සෙළවිය නොහැකි බලයක්, ශක්තිමත් බලකොටුවක් හා අපට සිටගත හැකි පර්වතයක් වන දෙවියන් වහන්සේ අප සමග සිටින බව අපට සහතික කරන්නේය.
බලාපොරොත්තු සුන්වීම, පැතුම් සුන්වීම හෝ විෂාදය සමග ඔබ පොර බැදීමක නිරතව සිටියි නම් හෝ එවැනි කෙනෙකු ගැන ඔබ දන්නේ නම් හෝ මෙය දිගටම කියවන්නට මම ඔබට ඇරයුම් කරමි. ඔබ සිටින්නේ තනිව නොවන බව ඔබට සහතික වන පිණිස අපි ඔබට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ දෙවියන් වහන්සේ ඔබ සමගය. අප බොහෝ දෙනෙකුද එකිනෙකා නොහඳුනන නමුත් ඔබ මෙන් එකම යුද්ධයක සටන් වැදී සිටින්නෙමු. මෙම කියවීම්ද, බාගත කළ හැකි පොත් පිංචවල් හා වීඩියෝ පට තුළින්ද ඔබට බලාපොරොත්තුවක් ගෙන ආ හැකි අතර දෙවියන් වහන්සේ සමග රැඳී සිටිමින් උමග අවසානයේ ආලෝකය දකින්නට ඔබට පුළුවන. එසේම ඔබට ජීවිතයට මුහුණ දීමට උපකාරයක් වන පිණිස දිනකට එක් වරක් කළ හැකි ප්‍රායෝගික පියවර කිහිපයක්ද අප සතුව ඇත. මෙම සම්පත් අවශ්‍ය සැමට ඒවා ආශිර්වාදයක් වේවා යයි අපි යාච්ඤා කරමු.
දෙවියන් වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන්නේ උන් වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීමට බව දැනගෙන ඔබ නැවත උත්සාහ කරන්න. එය ඔබගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකඩවා ගෙනඑයි. දෙවියන්වහන්සේ කිසිදා වෙනස් නොවෙයි. උන්වහන්සේ කිසිදාක, කිසිදාක, කිසිදාක ඔබ අත් නොහරිනු ඇත!
ගීතිකාකරු දෙවියන් වහන්සේගේ පැමිණීම සහ විශ්වාසවන්තකම අපට මතක් කර දෙයි. ඔහු මානසික අවපීඩනයෙන් පෙළුණු විට, ඔහු කෑගැසුවේ, “ස්වාමිනි, ඇහුම්කන්දී මට කරුණාකළ මැනව. ස්වාමිනි, ඔබ මාගේ ආධාරකාරයා වුව මැනව” කියාය. දෙවියන් වහන්සේ ඔහුට සුවය සහ සැනසීම ලබා දුන් සේක. යේසුස් වහන්සේව විශ්වාස කරන්නන් වශයෙන්, ස්වාමින් වහන්සේ සැමවිටම සමීපව සිටින බවට අපට සහතික විය හැකිය.
දිනපතා අපි අලුත් අභියෝගයන්ට මුහුණ දෙන විට අපව දිරිගැන්වීමට ධෛර්ය්‍යමත් කිරීමේ වචනයක් අපි සැමට අවශ්‍යයි. නමුත් නිවසේ හෝ රැකියා ස්ථානයේ හෝ අපගේ දෛනික වගකීම් ඉටු කරන විට අපට අගය කිරීමේ සහ ප්‍රශංසා කිරීමේ වචනද අවශ්‍ය වේ.
ඔබට මානසික අවපීඩනය සමඟ සාර්ථකව කටයුතු කිරීමට සහ එය ජය ගැනීමට උපකාර වන ප්‍රායෝගික පියවර කිහිපයක් කියවීමට පහත “වැඩිදුර කියවන්න” බොත්තම ක්ලික් කරන්න.
ඉන් ඉවත්ව යන පිණිස, මඟ පෙන්වීමට උන්වහන්සේට පුළුවන.
අපගේ අධෛර්යමත් කාලවලදී, දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බවත්, උන්වහන්සේ පිළිබඳ අලුත් දැක්මක් ඇති ස්ථානයකට අපව ගෙන යාමට අවශ්‍ය බවත් මතක තබා ගනිමු!
කාංසාව යනු අපට දරා ගැනීමට කැඳවා නැති බරකි. ඒ වෙනුවට, අපි ක්‍රිස්තුස් වහන්සේ අප ගැන සැලකිලිමත් වන නිසා අපගේ බලාපොරොත්තුව උන්වහන්සේ මත තැබිය යුතුය (1 පේතෘස් 5:7; පිලිප්පි 4:6-7 බලන්න). අද ඔබේ හදවත බර වී ඇත්නම්, ඔබ උන්වහන්සේට දෙන සෑම බරක්ම දරා ගැනීමට උන්වහන්සේ සූදානම් බව සිහිකරන්න.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. පිලිප්පි 4:6.
Giving up on life or feeling that life has given up on you is a battle millions of people face in struggling with depression. In this booklet, counselor Jeff Olson takes a closer look at the nature and various components of depression. Discover how you can avoid being overwhelmed by the darkness of depression and experience the light of God’s hope for your future.
How can you survive the ride through the ups and downs of life? In this excerpt of his book The Upside Of Down, author Joe Stowell shares wisdom from James 1:2 to help you gain understanding and healing in the midst of trials. Find out how you can build your faith with a new perspective on the hope and joy God gives to bring you through when the going gets tough.