යැපීමේ ගෞරවය1
වසංගතයට පසු ලෝකයක කිතුණු ජීවිතයට සහ මෙහෙවරට යතුරක්
ආසිරි ප‍්‍රනාන්දු විසිනි
අප ජීවත්වන සමාජය අපට පවසන්නේ අප ස්වාධීන විය යුතු බවයි. එය අපගේ අනාගතය, වෘතිය, සම්බන්ධතා සහ ආර්ථිකය තීරණය කිරීම වර්ධනය වීමේ කොටසකි. අවාසනාවකට මෙන් මෙම මතය දෙවියන්වහන්සේ මත යැපෙන්නෙකු වීමට වඩා, පරිනත ස්වාධීන පුද්ගලයෙකු වීම කරා මග පාදයි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටත් කීකරු වීමටත් අපට මතක් වන්නේ අප යම් යම් කරදර වලට මුහුණ දෙන විට පමණි.
මෙම ලිපිය තුළින් ආසිරි ප‍්‍රනාන්දු අප හට දෙවියන්වහන්සේ මත යැපීම හා අපගේ කිතුනු සමාජය තුළ සහසහයෝගයෙන් පැවතීම පිලිබද බයිබලීය දැක්ම පැහැදිලි කරයි. කිතුනු ජීවිතයේ ගමනාන්තය කරා යන තුරු අපගේ ඇදහිල්ල ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම කෙරෙහි ගැඹුරින් මුල් බැස ගනීවා.
ස්වයංපෝෂිත බව සහ ඒකිය බව උසුලන යුගයක යැපීම ගැන කථා කිරීම නිෂ්ඵල යයි පෙනේ. බොහෝ දෙනෙකුට යැපීම යනු ගෞරවයක් නොමැති දුර්වලතාවයේ ලකුණකි. කෙසේ වෙතත් යැපීම අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය බව සොබාදහම විසින්ම අපට උගන්වයි. අප මෙලොවට උපදින අවස්ථාවේ අපි සම්පූර්ණ යැපීමේ ස්වභාවයකින් සිටිමු. මිනිස් ශක්තියෙන් විශාල ජයග්‍රහණ අත්කර ගැනීමට පුරසාරම් දොඩවන අයද මහලු වියට එළඹෙන විට අන් අය මත සම්පූර්ණයෙන්ම යැපෙති.
කිතුනුවන්ට යැපීම යනු සියල්ලමය. අපගේ පාපයේ කේන්ද්‍රස්ථානයේ ඇත්තේ දෙවියන්වහන්සේගෙන් මිදුනු උඩඟුකමක් වුවද අපගේ ගැළවීම ලබා ගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැගිටීමේ සම්පූර්ණ ක්‍රියාදාමයේ පදනම මත යැපීම තුළින්ය. අපගේ ශුද්ධකම සහ මෙහෙවරය සඳහා අපි ශුද්ධාත්මයාණන් මත රඳා සිටින්නෙමුව.
කෙසේ වෙතත්, යැපීම යනු දෙවියන්වහන්සේ සමග අපගේ සිරස් සම්බන්ධතාවයේ කොටසක් පමණක් නොව එකිනෙකා සමග අපගේ තිරස් සම්බන්ධතාවල අත්‍යවශ්‍ය අංගයකි. අප දකින පරිදි, වසංගතයකට පසු යුගයක ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ යැපීමේ ආත්මය, ක්‍රිස්තියානි ජීවිතයට සහ මෙහෙවරට ඉතා වැදගත් අංගයක් විය හැකිය.
1. යැපීම සහ දේවරාජ්‍යය
අප එකිනෙකා මත යැපීමේ ස්වභාවය ගලා එන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යැපීමට ඇති ප්‍රමුඛතාවයෙනි. පරණ ගිවිසුමේ යැපීම බොහෝ විට දිළින්දන් සමග සම්බන්ධ වූ කාරණාවකි. උපකාරය පතා දෙවියන්වහන්සේ දෙස බැලීමට අවශ්‍යතාවයන් දිළින්දන් පෙළඹවීය. විශේෂයෙන් ගීතාවලියේ දෙවියන්වහන්සේ දිළින්දන් කෙරෙහි දක්වන විශේෂ සැළකිල්ල දක්නට ලැබේ. (උදා: 9:18, 10:14, 12:5, 34:6).
යේසුස්වහන්සේ මෙලොව කළ පළමු දේශනාවේදී යෙසායා දිවැසිවරයාව උපුටා දක්වමින් “ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක” (ලූක් 4:17-19) යනුවෙන් කී සේක. කන්ද උඩ දේශනාවේද මේ හා සමාන අවධාරණයක් ඇත. ලූක්ගේ අනුවාදයේ “දිළිඳුවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය” (ලූක් 6:20) කියා සඳහන් කොට ඇත. යැපෙමින් සිටින අය වෙතට දෙවියන්වහන්සේ ළඟා වෙමින් සිටින සේක.
“සිතින්” දිළින්දෝ
මතෙව්ගේ ශුභාරංචියේ සිතින් දිළින්දෝ යනුවෙන් පෙන්වා දෙන්නේ ආත්මික යැපීමේ අවශ්‍යතාවයන් ඇති අය ගැනය (5:3). දිළින්දන් ඔවුන්ගේ භෞතික දරිද්‍රතාවය තේරුම් ගෙන දෙවියන්වහන්සේ දෙස බැගෑපත්ව බලන්නාක් මෙන් සිතින් දිළින්දෝ ඔවුන්ගේ ආත්මික දරිද්‍රතාවය2 තේරුම් ගෙන ඔවුන්ගේ ගැළවීම උදෙසා දෙවියන්වහන්සේ වෙතට හැරෙති.
සිතින් දිළින්දෝ යනු ශුද්ධවූ දෙවි කෙනෙක් ඉදිරියේ තමන්ගේ පව්කාරකම පිළිගෙන තමන් ආත්මිකව බංකොළොත් බවත් දෙවියන්වහන්සේ දෙසට හැරෙනවා හැර හැරෙන්නට වෙනත් තැනක් නැති බවත් පිළිගන්නා අය වේ. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමේ මධ්‍යස්ථය වන්නේ පූර්ණ යැපීමයි. දරුවන් හා සමාන යැපීමේ අවශ්‍යතාවය යේසුස්වහන්සේ පෙන්වා දෙන අතර (මතෙව් 8:3) ධනවතුන් ඔවුන්ගේ භෞතික සම්පත් මත යැපීම ගැන තදබල අනතුරු ඇඟවීමක් කරන්නේ ඔවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට අපහසු බව කියමිනි (මතෙව් 19:24).
>>කියවන්න: යැපීම ප්‍රකාශ කිරීම – මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය
එම නිසා යේසුස්වහන්සේගේ උපමාවේ සුංගම් අයකරන්නා ලපැත්තට ගසා ගනිමින් “දෙවියන්වහන්ස පව්කාරයෙක් වූ මට කරුණාකළ මැනව” කියා කීවාක් මෙන් (ලුක් 18:13) අපගේ අසරණකම පිළිගෙන “ඇදහිල්ලෙන් ධනවත්වන පිණිසත් උන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත් දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා ගත් නිසාත් (යාකොබ් 2:5) උන්වහන්සේට ස්තුති කරමු.
අපව පවිත්‍ර කිරීමේ කාර්යය මුළුමණින්ම දෙවියන්වහන්සේගේය (1 තෙසලෝනික 5:23). එබැවින් අපි යටහත්ව ඉතා ඕනෑකමින් දෙවියන්වහන්සේගේ උපකාරය මත රැඳෙන්නේ අපවත් අපගේ ජීවිතවල සිටින අයවත් “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්‍ෂා කරන පිණිස”ය (1 තෙසලෝනික 5:23 සහ පිලිප්පි 1:10).
ක්‍රිස්තුස්වහන්සේ සෑම අතින්ම පරිපූර්ණ වූ නමුත් උන්වහන්සේගේ යැපීමේ ආත්මය ගැන ප්‍රකාශ කළේ “පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය….” (යොහන් 5:19) යනුවෙන් කීමෙනි. ගෝලයන් තෝරා ගැනීමට පෙර මුළු රාත්‍රියේදීම යාච්ඤා කිරීමෙන්ද (ලූක් 6:12) සහ ඔවුන්ගේ පවිත්‍රත්වය උදෙසා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන්ද (යොහන් 17) දෙවියන්වහන්සේ මත යැපීමේ නිහතමානී ආදර්ශයක් උන්වහන්සේ අපට දුන් සේක.
ජීවිතයේ සහ සේවයේ සැබෑ බලය
පාවුල් බොහෝ විට දුර්වල වී සම්පූර්ණ යැපීම දක්වා පීඩනයට ලක් විය (2 කොරින්ති 11:24-28). මෙම යැපීම ඔහුගේ සේවය තුළ දෙවියන්වහන්සේගේ බලය ප්‍රභලව මුදා හැරියේය (2 කොරින්ති 12:9; 1 කොරින්ති 15:10; කොලොස්සි 1:29). හඞ්සන් ටේලර් පැවසුවේ “දෙවියන්වහන්සේගේ සියලු යෝධයන් (බලවතුන්) දෙවියන් වහන්සේ උදෙසා බොහෝ දේ කළ දුර්වල මිනිසුන් වූ අතර ඔවුන් එසේ කළේ දෙවියන්වහන්සේ ඔවුන් සමග සිටින බව සැළකූ බැවිනි” යනුවෙනි.
දුර්වලකමේ සහ යැපීමේ ස්ථානයක සිටින අයට දෙවියන්වහන්සේගේ බලය ලබා ගත හැකිය. චාර්ල්ස් ස්පර්ජන් දේශනාවක් සඳහා දේශනා කූඩුවට නගින විට “මම ශුද්ධාත්මයාණන් විශ්වාස කරමි” “මම ශුද්ධාත්මයාණන් විශ්වාස කරමි” යනාදි වශයෙන් කීප වතාවක්ම තමාටම කියා ගන්නා බව සඳහන් වේ.
අපේ පුතා පාසැලේ පළමු ශ්‍රේනියට ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණයට මගේ බිරිඳ සහ මම සහභාගී වූයෙමු. මගේ මුවින් වචන පිට කිරීමට මම වෙහෙසුණෙමි. මම නිතරම විශේෂයෙන් මෙවැනි නොසන්සුන් අවස්ථාවන්හිදී කථනය සමග පොර බදිමින් සිටියෙමි. පසුව මම මෙම සිදුවීම ගැන කෙනෙක් සමග බෙදා ගත් අවස්ථාවේදී ඔහු තරවටුවක් කරමින් මට කීවේ “ඔබ මේ වන විට මෙම දුර්වලතාවය ජය ගත යුතුව තිබුණි” යනුවෙනි.
මම සිනහසී හිස වැනුවෙමි. විශේෂයෙන් දේශනා කිරීමට හා ඉගැන්වීමට මා හට ලැබී ඇති කැඳවීමේදී දෙවියන්වහන්සේගේ බලය සම්පූර්ණ වන ස්ථානය මෙය බව මම දැන සිටියෙමි. එය මගේ යැපීමේ ස්ථානය වන්නේ දෙවියන්වහන්සේ මගේ උපකාරයට පැමිණෙන විට උන්වහන්සේට සියලු මහිමය ලැබිය හැකි වන හෙයිනි.
>>කියවන්න: දෙවියන්වහන්සේගෙන් මාර්ගය ඇසීම හොඳය. එය ඉතාමත් හොඳය.
සම්මූඛ පරීක්‍ෂණයේදී මෙන් උන්වහන්සේ මට කථනය සමග අරගල කිරීමට ඉඩ දුන්නොත්, මට ගීතිකාකරු සමග මෙසේ පැවසිය හැකිය : “මගේ මාංසයත් සිතත් ක්‍ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වන සේක” (ගීතාවලිය 73:26). මගේ මව සමග ප්‍රශ්නයක් විසඳීමට උත්සාහ කරන විට මගේ පියා “අනේ ස්වාමිනී මට උදව් කරන්න” යනුවෙන් නිශ්චලව යාච්ඤා කළා යයි ඔහු මට පවසා ඇති බව මෙහිදී මට සිහිපත් වේ. ආත්මයෙන් පිරුණු සේවයක් සඳහා ඇති ලොකුම රහස නම් දෙවියන්වහන්සේ මත යැපීමේ හැඟීම කිසි විටෙකත් නැති කර නොගැනීමයි.
2. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ යැපීම
විශ්වයේ මැවුම්කරුවාණෝ මනුෂ්‍යත්වය ලබා ගත් පසු උන්වහන්සේට කෙතරම් යැපෙන්න සිදුවුනාද යන්න පුදුමාකාර දෙයක් නොවන්නේද? උන්වහන්සේගේ මව උන්වහන්සේ ළදරුවෙක්ව සිටිද්දී උන්වහන්සේගේ මලපහ තැවරුණු තුවා මාරු කළාය. උන්වහන්සේට ආහාර සැපයීමට, ස්නානය කිරීමට, ඇඳුම් ඇඳ ගැනීමට සහ කුඩා කාලයේදී උන්වහන්සේට ඉගෙන ගැනීමට උන්වහන්සේ තම දෙමාපියන් මත යැපුණි. උන්වහන්සේගේ මෙළොව දේව සේවය සඳහා කාන්තාවන් මූල්‍යමය වශයෙන් සහයෝගය දුන්හ. උන්වහන්සේගේ දුර්වලම වෙලාවේදී සිමියොන් උන්වහන්සේ වෙනුවෙන් කුරුසිය උසුලාගෙන යාමට උන්වහන්සේට උපකාර කළ අතර කුරුසියේ දැඩි පිපාසයෙන් පෙළුණු උන්වහන්සේට ජලය ඉල්ලා සිටීමට සිදුවුනි. යේසුස්වහන්සේ යැපීමේ හදවතක් පෙන්වූ සේක. විශ්වයේ සියලු සම්පත් තිබූණු ස්වාමින්වහන්සේ පොළොවේදී යැපීම නිදර්ශනයක් කර උන්වහන්සේව අනුගමනය කරන්න අපට ආදර්ශයක් දුන් සේක (1 යොහන් 2:6).
ස්වයං තිරසාරභාවය
හිතෝපදේශ පොතේ කථා කරන්නේ අපි වෙහෙස මහන්සිවී අනාගතය සඳහා ගබඩා රැස් කළ යුතු ආකාරය ගැනය (හිතෝපදේශ 6:6-8). මෙය ජීවත්වීමට ප්‍රශංසනීය ක්‍රමයක් වන අතර එය අපිව ධෛර්යයමත් කරන්නේය. වැදගත් දෙය නම්, මෙම ඡේදවලින් අමතන්නේ වෙහෙස මහන්සිවී වැඩ කිරීමට අකමැති අලසයෙකුගේ ජීවන රටාවටය.
ක්‍රියා 20:34-35 හි පාවුල් තම දෑත් මගින් තමා සහ අවට සිටින අයගේ අවශ්‍යතා සපුරා ලීමට සේවය කළ ආකාරය පැහැදිළි වේ (35 පදය). දෙවියන්වහන්සේ තුළ පොහොසත්වීම වෙනුවට ගබඩා කිරීම ගැන සැළකිලිමත් වූ ධනවත් මෝඩයා පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව මෙය මනාව පැහැදිලි කරයි (ලූක් 12:13-21).
අනෙක් අතට, පිලිප්පිවරුන්ට ලියූ ලිපියේ පාවුල් තමාගේ පෞද්ගලික අවශ්‍යතා ගැන ඔවුන් සැළකිලිමත් වූ ආකාරය ගැන සඳහන් කරයි (පිලිප්පි 4:15-18). ඔහු මෙම යැපෙන සම්බන්ධතාවය සැමරුවේය. එසේම තමන් ගැන සළකනවාට වඩා පිලිප්පිවරුන්ගේ “ගණනට වැඩි වෙන්නාවූ” ඵල ගැන සැළකිල්ලක් දැක්වීය (17 පදය).
පාවුල් සෑහීමට පත් විය! එසේම ඔහුගේම අවශ්‍යතා ගැන කරදර නොවුනි. ඇදහිල්ලෙන් ඔහු පිලිප්පිවරුන්ට පැවසුවේ “මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කර දෙන සේක” (19 පදය) යනුවෙනි. එසේ හෙයින් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පාවුල් තමාගේ අවශ්‍යතා සපුරා ගත් නමුත් බොහෝ දුරට දුගී අයගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දී අවශ්‍යතාවයන් ඇතිවූ විට සහයෝගය දුන් අයව ප්‍රීතියෙන් වැළඳ ගත්තේය.
3. යැපීම සහ ශුද්ධකම:
“සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය” (මතෙව් 5:3) යන පදයෙන් පසු සඳහන් වන්නේ “ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය” (4 පදය) කියාය. යේසුස්වහන්සේ මෙම අවස්ථාවේ කථා කරන්නේ පාපයට ඉතා සංවේදීව ඒ ගැන වැළපෙන අය ගැනයි. යෞවන කිතු මගෙහි එක් තරුණ නායකයෙක්ව ශ්‍රාවකයෙක් කිරීමේ කාර්යයෙහි වසරක් පමණ ගත කළ පසු දිනක් මෙම නායකයා මට පාපයක් ගැන පාපෝච්චාරණයක් කළේය. ඔහුගේ පාපය ගැන මා එක් අතකින් කණගාටු වූ අතර අනෙක් අතට පාපය ගැන දුක් වීමේ ආත්මයක් ඔහුට ලැබීම ගැන ප්‍රීති වූයෙමි. දෙවියන්වහන්සේට විරුද්ධව පව් කිරීම ගැන ඔහු සංවේදී වූ අතර එය එළිදරව් කිරීමට අවශ්‍ය වී (1 යොහන් 1:7-8) ඒ සඳහා උපකාරද පැතුවේය.
“නුඹලාගේ වරද එකිනෙකාට කියාදී” යනුවෙන් යාකොබ් 5:16 හි සඳහන් වන්නේය. අපගේ ශුද්ධකම ලුහුබැඳීමේ ක්‍රියාවේ ඉතාමත්ම වැදගත් අංගයක් නම් පාපයේ බැරෑරුම්කම පිළිගන්නා නමුත් කරුණාවේ දෑස් තුළින් එකිනෙකා දෙස බලන මිතුරන් අපගේ ජීවිතයේ සිටීමය. එහෙත් මේ ආකාරයේ යැපීම නොසළකා හරින කී දෙනෙක් සිටිනවාද? පාවුල්, තරුණ තිමෝතිගෙන් ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව පිරිසිදු සිතින් ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න” (2 තිමෝති 2:22) කියාය.
දේව සේවයේ යෙදී සිටියදී මිතුරන් කිහිප දෙනෙකුගේ උපකාරය පැතුවේ නම් ක්‍රිස්තියානි නායකයින් කී දෙනෙකුට බරපතල සදාචාරාත්මක වැටීම් වළක්වා ගන්න තිබුණාද? එසේම මිතුරන්ගේ ප්‍රඥාවන්ත උපදෙස් (හිතෝපදේශ 27:9) පැතුවා නම් බොහෝ ඉක්මන් අනුවණ තීරණ (බොහෝ විට ජීවිතය වෙනස් කරන) ගැනීම් මග හරවා ගත හැකි වූවා නොවේද?
පව්කාර උඩඟුකම තමන්ගේ මාර්ගයම අනුමත කරමින් දෙවියන්වහන්සේ හෝ මිනිසුන් හෝ මත යැපීම ප්‍රතික්‍ෂේප කරයි. නමුත් අපි දෙවියන්වහන්සේගේ හදවතට ළංවන විට අපි උන්වහන්සේ සහ අනෙක් අය මත යැපීම වැළඳ ගන්නෙමු. මිතුරන් කිහිප දෙනෙකුගේ, නායකයන්ගේ හෝ මණ්ඩලයක හෝ උපදෙස් හා ශක්තිය යටතට පැමිණීම, දේව සේවයේ ආරක්‍ෂාව සහ දිගුකල් පැවැත්ම සඳහා දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද ක්‍රමයක් වැළඳ ගැනීමක් වන්නේය.
තවද තාක්‍ෂණය හේතුකොට ගෙන ලොව අතීශයින්ම සම්බන්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ තනිකම නැමැති වසංගතයක් නිර්මාණය වී තිබේ. සාංකාව, මානසික අවපීඩනය සහ ඇබ්බැහිවීම් යනාදීය අව්‍යාජ සම්බන්ධතාවයන් විනාශ කර දමන්නේය. දේශනාකාරයා කියන්නාක් මෙන් “ඔවුන් වැටුණොත් එක් කෙනෙක් තමාගේ යහළුවා නැගිටුවනවා ඇත” (4:12) එසේ නොමැතිනම් එය කෙතරම් ශෝකජනකද! අපි හිතෝපදේශ 18:24 හි කියන පරිදි “සහෝදරයෙක්ට වඩා සමීප වූ මිතුරා” සොයා ගෙන ගොස් ඔහු මත යැපීම කළ යුතු වන්නේය.
ධර්මප්&#