මගේ පියාට දිසාව ගැන හොඳ දැනුමක් තිබුණි. මට එය ගැන ඊර්ෂ්‍යාවක් විය. නිමේෂයකින් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඔහු දැන ගන්නේය. ඔහු එම හැකියාව සමග ඉපදී ඇතැයි සිතිය හැකිය. ඔහු සෑම විටම නිවැරදි විය. නමුත් එක් රාතයක ඔහුට වැරදුණි.

ඒ මගේ පියා අතරමංවූ රාත්‍රියයි. ඔහුත් මගේ මවත් නොදන්නා ගමක උත්සවයකට ගොස් එන විට ? බෝ විය. ප්‍රධාන පාරට යන්නට දිසාව දන්නා බවට මගේ පියාට සහතිකයක් විය. නමුත් ඔහු දැන සිටියේ නැත. ඔහු අනෙක් පැත්තට ගියේය. වියවුල් විය. අවසානයේ අසහනයට පත් විය. මාගේ මව ඔහු දිරිමත් කළාය. ඔබගේ දුරකථනයෙන් මාර්ගය අසන්න යයි ඇය කීවාය.

ගීතිකාකරුට අත්දැකීම් සම්භාරයක් තිබුණි. නමුත් දාවිත් ආත්මිකවද හැඟීම්වලද අතරමංවූ බවක් ගීතිකා පෙන්වන්නේය. ගීතාවලිය 143 එවැනි ගිතිකාවකි. ‌‌‌‌ශ්‍රේෂ්ඨ රජුගේ හදවත වියවුල් වී තිබුණි (4 පදය). ඔහු කරදරයක සිටියේය (11 පදය). එහෙයින් ඔහු නැවතී යාච්ඤා කළේය. “මා යා යුතු දිසාව මට පෙන්වන්න” (8 පදය). ඔහු දුරකථනයක් මත නොයැපී ස්වාමින්වහන්සේට මොර ගැසුවේය. “ඔබට මාගේ ජීවිතය භාර දෙමි” (8 පදය).

දෙවියන්වහන්සේගේ හදවතට එකඟවූ මනුෂ්‍යයාට (1 සාමුවෙල් 13:14) පවා විටින් විට අතරමංවූ හැඟීමක් ඇති වූවා නම් අපටද දිසාව දැන ගැනීමට දෙවියන්වහන්සේ වෙත හැරීමට අවශ්‍ය වන බව කීම නුවමණාය.