එය නොකළ යුතු බව ඔහු දැන සිටියේය. එය වැරදි බව මගේ ඥාති පුත්‍රයා දැන සිටි බව මට හොඳට පැහැදිළිය. එය ඔහුගේ මුහුණ පුරා ලියැවී තිබුණි. මා ඔහුගේ වරද පැහැදිළි කිරීමට වාඩිවූ විට ඔහු තම ඇස් තදින් වසා ගත්තේය. ඔහු එහි වාඩිවී ඔහුගේ වසර තුනක තර්ක ශාස්ත්‍රයෙන් කල්පනා කළේ ඔහුට මාව නොපෙනේ නම් මටත් ඔහුව නොපෙනෙන බවයි. එසේම මම ඔහුට පෙනේ නම් දෙබස් සහ ප්‍රතිඵල මග හැරීමට පුළුවන් බව ඔහු සිතන්න ඇති.

ඔහු මට පෙනෙන නිසා එම මොහොතේ මම ප්‍රීති වීමි. ඔහුගේ ක්‍රියාව අනුමත නොකළ හැකි වුවද අප ඒ ගැන කථා කළ යුතුව තිබුණි. අප අතරට කිසිදු බාධාවක් පැමිණෙනවාට මම අකමැති වීමි. මට අවශ්‍ය වූනේ ඔහු මාගේ මුහුණ කෙළින් බලා මම ඔහුට කෙතරම් ‌ප්‍රේමකරනවාද කියාත් ඔහුට සමාව දීමට කෙතරම් උනන්දුවෙන් සිටිනවාද කියාත් ඔහු දැන ගන්නවාටය. ඒ අවස්ථාවේදී ආදම් සහ ඒව ඒදන් උයනේදී දෙවියන්වහන්සේගේ අණ කැඩු විට උන්වහන්සේට කෙසේ දැනෙන්න ඇද්දැයි මට තේරුණි. ඔවුහු තමන්ගේ වරද දැන ගෙන මට මගේ ඥාති පුත්‍රයා පෙනෙන්නාක් මෙන් ඔවුන්ව පැහැදිළිව දකින දෙවියන්වහන්සේගෙන් සැඟවීමට ඔවුහු උත්සාහ කළෝය (උත්පත්ති 3:10).

අප වරදක් කළ බව අපට දැණුන විට අප බොහෝ විට ප්‍රතිඵල මග හැරීමට උත්සාහ කරමු. එයින් අපි පැන දුවමු. වරද වසන්නෙමු. නැතිනම් සත්‍යයට ඇස් වසාගන්නෙමු. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ ප්‍රමිතියට අපව එසවීමට සළස්වතත් උන්වහන්සේ අපව දකින සේක (සොය එන සේක). මක්නිසාදයත් උන්වහන්සේ අපට ‌‌ප්‍රේම  කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සමාව දෙන නිසාය.