කර්තෘ: මිෂෙල් ඔන්ග්, ඕස්ට්‍රේලියාව

චීනය සහ වෙනත් රටවල් පුරා කොවිඩ් -19 ව්‍යාප්ත වීමේ පුවත ඇසූ විට මම සහ මගේ මිතුරන් අපේ ප්‍රියතම අවන්හලට යාම නවතා දැමුවෙමු. එම අවස්ථාවේදී, ඕස්ට්‍රේලියාවේ කිසිදු සිද්ධියක් තහවුරු වී නොතිබූ අතර රජයේ බලධාරීන් මේ වන විටත් වෛරසය පිළිබඳව විමසිල්ලෙන් සිටියහ. එහෙත් අපි කිසිවක් හරි හැටි නොදන්නා නිසා ජනාකීර්ණ අවන්හල් හා සාප්පු සංකීර්ණ වලින් ඈත්ව සිටීම වඩාත් සුදුසු යැයි සිතුවෙමු.

රෝග ව්‍යාප්තියත්, අනෙකුත් රටවල් භීතියෙන් වෙලී සිටීමත් මධ්‍යයේ ඕස්ට්‍රේලියාව තවමත් සන්සුන්ව පැවතුනි. කෝවිඩ් -19 අපේ වෙරළ කරා පැමිණියත්, ඕස්ට්‍රේලියාවට එය බලපානු ඇතැයි මම පෞද්ගලිකව නොසිතුවෙමි. දුෂ්කර කාලවලදී පවා ජීවිතය ජයගන්නා ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ අපි මේ මුළු තත්ත්වයේදීම තරමක් සැහැල්ලුවෙන් සිටිනු ඇතැයි මම සිතුවෙමි.

නමුත් මම වැරදියි. ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ වෛරස පිළිබඳ විද්‍යාඥ සහ සහකාර මහාචාර්ය ඉයන් මැකේ, ඕස්ට්‍රේලියානුවන්ට සති දෙකක ස්වයං නිරෝධානයක් සඳහා සූදානම් වන ලෙසත්, ටිෂූ රෝල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කරන ලෙසත් උපදෙස් දුන් විට තත්ත්වය වෙනස්වී ඇතැයි මම විශ්වාස කලෙමි. නමුත් කලබල නොවන ලෙස ඔහු අවධාරණය කළේය.

අවාසනාවකට මෙන් එය හරියටම සිදු වූ අතර ඉක්මනින් ටිෂූ රෝල්, විශබීජ නාශක දියර සහ ටිෂූ කඩදාසි සුපිරි වෙළඳසැල් වලින් ඉවතට පියාසර කරමින් තිබුණි. ඕස්ට්‍රේලියානුවන් මෙම  ද්‍රව්‍ය ගොඩගැසීමට පොරකද්දී ප්‍රවෘත්ති මාධ්‍ය සහ සමාජ මාධ්‍යවලද කතාබහ වූයේ ටිෂූ රෝල් ගැනය. අපේ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලේ ඉතිරි ඇසුරුම් තුනෙන් එකක් මිලදී ගත් විට මමත් මගේ නංගිත් වාසනාවන්තියන් බවට පත් විය.

සතියකට පමණ පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් -19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සමහර රටවල් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ලොක් ඩවුන් කර ඇති අතර දෙවන භීතිකාවද ඇති විය. මේ වන විට (මෙය ලියන දිනයේදී) ඕස්ට්‍රේලියාවේ තහවුරු වූ රෝගීන් 375 ක් සිටින අතර, ඉන් 27 ක් සුවය ලබා ඇති අතර මරණ 5 ක් වාර්තා වී ඇත. සාප්පු හා පාසල් වසා දමා ඇති අතර, ලොක් ඩවුන් භීතිය සුපිරි වෙළඳසැල් වෙත මිනිසුන් රොක් කරවන්නේ පැස්ටා, ටින් මාළු, පිටි වැනි කල්තබාගත හැකි ආහාර රාක්ක හිස් කරන පිණිසය.

මේ සියල්ලන් කෙතරම් පිස්සු වැටී ඇත්ද යන යථාර්තය, පසුගිය සති අන්තයේ ඉස්ටුවක් දැමීමට ඌරු මස් ටිකක් සොයා ගැනීමට නොහැකි වූ විට මටත් මගේ සහෝදරියටත් වැටහුනි. “වෙළඳසැල්වල කිසිවක් ඉතිරිව නැත” කියා සුපිරි වෙළඳසැල් දෙකකට ගොස් ඇය මට පණිවිඩයක් එව්වාය.

දිවි ගළවා ගැනීමට උනන්දුවක් ඇති වූ අතර, මම සඳුදා උදෑසන මුලින්ම සුපිරි වෙළඳසැලට ගියෙමි. උදේ 7.20 වුවද සෑහෙන පිරිසක් ඒ වන විටත් ඔවුන්ගේ කරත්ත රාක්ක වටේට තල්ලු කරමින් සිටියහ. මගේ කරත්තය හිස් රාක්ක අතරින් තල්ලු කරමින් සතිය සඳහා මස් සහ නැවුම් පලතුරු පුරවා ගැනීමට උත්සාහ කිරීම පුදුම සහගතය. “නිහඬ පෙදෙසක” චිත්‍රපටයේ දර්ශනයක සිටි එමිලි බ්ලන්ට් මෙන් මට දැනුනි. මිනිසුන් නගරයෙන් පලා යද්දී, බිස්කට් සහ ආහාරයට ගතහැකි කුඩා කැබලි එකතු කරමින් බ්ලන්ට් සහ ඇගේ පවුලේ අය පහසුකම් සහිත වෙළඳසැලක රැඳෙමින් සිටියහ.

අද වන විට කෝවිඩ් -19 මගේ දෛනික සාප්පු සවාරි සැලසුම් කඩාකප්පල් කිරීමට වඩා වැඩි යමක් කර ඇත. මෙම මාස කිහිපය තුළ එය මගේ සියලු සංචාරක සැලසුම් වලක්වා ඇති අතර, රාජකාරි රැස්වීමක සිට මිතුරෙකුගේ විවාහ මංගල්‍යය දක්වා වූ විදෙස් සංචාර කිහිපයක් මට මග හැරීමට හේතු විය. ඉතා මෑතකදී පාස්කු නිවාඩුව සඳහා මගේ මව් රට වන නවසීලන්තයට ආපසු යෑමට උනන්දුවෙන් අපේක්‍ෂා කළ ගමනක් නැවත දින වෙනස්කර ඇත්තේ දෙරටේම රජයන්ගේ නව ගමන් සීමාවන් නිසාය. රට තුළට ඇතුළු වන විදේශීය සංචාරකයින් සඳහා නවසීලන්තය ප්‍රථමයෙන් දින 14 ක ස්වයං නිරෝධානයක් ප්‍රකාශයට පත් කළේ, නවසීලන්ත පුරවැසියෙකු හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකු වුවත්, එකම ස්ථාවරය පිළිබිඹු කරමින්ය. දැන් රජය ඕස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇත්තේ සංචාරය කිරීමෙන් වළකින්න සහ හැකි ඉක්මනින් ඕස්ට්‍රේලියාවට ආපසු යන ලෙසය.

විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සමහරුන් පසුගිය කාලයේ ලැව් ගිනි සමඟ සටන් කර නැවත තම ජීවිත යතා තත්ත්වයට පත්කරගැනීමට උත්සාහා කරද්දී කොවිඩ් -19 ද දැනටමත් නව වසර සඳහා දුශ්කර ආරම්භයක් ලබා දී ඇත.

ප්‍රවෘත්ති නැරඹීම සහ වේගයෙන් හිස් වන රාක්ක දැකිම ඉතා ප්‍රබලව බලපෑ හැක. කලබල වී වේගයෙන් භාණ්ඩ මිලට ගැනීම, අපට කිසි විටෙක අවශ්‍ය නොවන දේවල් රැස් කිරීම වැනි දේට අප හසුවිය හැක. මම සඳුදා සුපිරි වෙළඳසැලේ සිටියදී එහි සිටි අයෙකු ඔහු දැනටමත් ප්‍රමාණවත් තරම් මිල දී ගෙන ඇති මුත් තවත් භාණ්ඩ තොග ගබඩා කිරීම සඳහා අයිතම සොයමින්, ජංගම දුරකථනයෙන් තම මිතුරාට ඔහු ටොන් ගණනක් ගබඩා කර ඇති ආකාරය පවසනවා මට ඇසුණි

නමුත් ඒ වෙනුවට අපි අඩියක් පස්සට තබා ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ සලකා බැලුවහොත්? වසංගතයකට අප ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව බයිබලය ඝෘජුව ආමන්ත්‍රණය නොකළද, මෙවැනි කාලයකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් හැසිරවීම් එහි තිබේ. මෙම අභියෝගාත්මක වාතාවරණය තුළ සන්සුන්ව සිටීමට ප්‍රයෝජනවත් ක්‍රම කිහිපයක් මෙන්න:

  1. ආරක්ෂිතව සිටීම පිළිබඳ රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරන්න

මෙවැනි කාලවලදී, බලධාරීන්ට හෝ ඔවුන් ගන්නා තීරණ වලට ගරු නොකිරීම පහසුය. නමුත් රජය ඔවුන් සමඟ වැඩ කරන ඉහළ සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ කටයුතු කරන අතර ඔවුන් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් දරයි. දෙවියන්වහන්සේ අපට ඉහළින් තබා ඇති මිනිස් නායකයන්ට යටත් වීමට අපව කැඳවනු ලැබූ බව ශුද්ධ ලියවිල්ල පවසයි (රෝම 13:1-2) එබැවින් ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් වලට සවන් දීම අපගේ වගකීමයි.

අපව ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා අපේ රටේ අදාළ රජයන් විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය උපදේශන මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරමු.

  1. සමාජගත වන්න, වෙනස් ආකාරයකින්

පසුගිය දින කිහිපය තුළ රජය 500 කට වැඩි පිරිසක් සිටින රැස්වීම් නැවැත්වූ අතර එය ප්‍රසංග වේදිකාවට බලපෑම් ඇති කළේය. කුඩා කණ්ඩායම් හමුවීම් අප්‍රේල් දක්වා අත්හිටුවන බව මගේ දේවස්ථානය ඉරිදා නිවේදනය කළේය. වෙන කවරදාකටත් වඩා එකිනෙකා දිරිගැන්වීම සහ සහාය දීම අවශ්‍ය වන්නේ හරියටම මෙවැනි කාලවලදී ය.

වීඩියෝ ඇමතුම්වල සිට කෙටි පණිවුඩ දක්වා අපට ඇති බොහෝ තාක්‍ෂණයන් භාවිතා කිරීමට දැන් කාලයයි. එවිට දැනට පවතින විවිධ සීමාවන් කඩ නොකර “හමුවීම්” දිගටම කරගෙන යාමට සහ එකිනෙකා ධෛර්යමත් කිරීමට (හෙබ්‍රෙව් 10:24 -25) හැකි වේ.

  1. භීතිය මධ්‍යයේ පවා අපගේ ජීවිත ජීවත්කරවමු

භීතියට අපගේ හදවත් තුළ හා මනසෙහි හානි ඇති කළ හැකි අතර “ස්වයං නිරෝධානය”, “ලොක් ඩවුන්” සහ “සමාජ දුරස්වීම” වැනි වචන ප්‍රවෘත්ති ආයතන හෝ අනෙකුත් සංවාද වලදී වැඩි වැඩියෙන් භාවිතා වන විට එය එකම විසඳුම සේ පෙනේ. කළ යුත්තේ ගෘහස්ථව අපව සම්පූර්ණයෙන්ම වසා දැමීමයි. වාසනාවකට මෙන් මගේ පිහිනුම් පංතිය තවමත් ඔවුන්ගේ සැසිවාර දිගටම කරගෙන යන අතර, අවලංගු කරන ලද තවත් බොහෝ දේ තිබියදීත් පිහිනුම් පංති තවමත් සිදුවන බව දැන සිටීම සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

බ්‍රිතාන්‍ය ලේඛකයෙකු වන සී. එස්. ලුවිස් වරක් මෙසේ ලිවීය. “අප සියල්ලන්ම පරමාණු බෝම්බයකින් විනාශ වීමට යන්නේ නම් එම බෝම්බය අපට සංවේදී හා මිනිස් ක්‍රියාකාරකම් කරන බව සොයා ගන්න - යාච්ඤා කිරීම, වැඩ කිරීම, ඉගැන්වීම, කියවීම, සංගීතයට සවන් දීම, ළමයින් ස්නානය කිරීම, ටෙනිස් ක්‍රීඩා කිරීම ගැන අපේ මිතුරන්ට කතාබස් කිරීම වැනි - කළ යුත්තේ බියට පත් බැටළුවන් මෙන් එකට එකතු වී බෝම්බ ගැන සිතීම නොවේ. දැන් අපි “පරමාණු බෝම්බය” යන වචනය “කොරෝනා වෛරසය” සමඟ ප්‍රතිස්ථාපනය කර එම උපුටා ගැනීම නැවත කියවමු.

සියලුම හමුවීම් හා රැස්වීම් අවලංගු කිරීමට පෙළඹවීමක් ලෙස අපි සී. එස්. ලුවිස්ගේ පොතෙන් කොටසක් ගෙන අපගේ ජීවිත ඉදිරියට ගෙනයමු. ඔව්, පෙර සූදානමක් සහ සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂක පුරුදු පුහුණු වන්න. නමුත් මිතුරෙකුගේ දුක සැප සොයා බැලීමට බිය වීමට ඉඩ නොදෙන්න.

අපගේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමද අපට වැදගත් වේ. යමෙකු සමඟ ඒ ගැන කතා කිරීමට පෙළඹේ යැයි ඔබට හැඟේ නම් විශ්වාසදායක මිතුරෙකු හෝ සුදුසුකම් ලත් උපදේශකයෙකු සමඟ කතා කරන්න.

  1. අපගේ කාලය ඵලදායී ලෙස භාවිතා කරන්න

අද මා සේවය කරන ආයතනය නිවේදනය කළේ මට නිවසේ සිට දින නියමයක් නොමැතිව වැඩ කිරීමට සිදුවන බවයි. ඇත්තෙන්ම කිව්වොත් නිවසේ සිට වැඩ කිරීමට ඇති අදහස හොඳ බව පෙනේ (ඇඳෙ සිටම මගේ නිදන ඇඳුම පිටින් වැඩට වාර්තා කිරීම සඳහා මගේ ලැප්ටොප් පරිගණකය ක්‍රියා කිරීමේ අදහස සිත් ඇදගන්නා සුළු බව පෙනේ). නමුත් මම දන්නවා කාර්යයාල මේසය නොමැතිවීමේ කාංසිය මේ සියල්ල අවසානයේ මට බලපාන බව.

එයින් කියැවෙන්නේ, නිවසේ සිට වැඩ කිරීමේ හැකියාවක් සමහරුන්ට නොවන බවයි. නමුත් අප වැනි එයට හැකි අය සඳහා සමහර විට මෙය සැමවිටම කිරීමට අවශ්‍ය නමුත් කාලය සොයා ගැනීමට නොහැකි වූ දේවල් කිරීමට කාලය විය හැකිද? නව විනෝදාංශයක් උත්සාහ කරන්න (සමහර විට ගෙතීම?) අවසානයේ එක් එක්කෙනා හමුවීමට තැනින් තැනකට නොගොස් විවේක ගන්න. හොඳ දිගු පොතක් කියවන්න. දිගුකාලීනව අහිමි වූ මිතුරන්ට දිගු ඊමේල් (හෝ ලිපි) ලියන්න. දේව වචනය මෙනෙහි කරන්න.

  1. අවදානමට ලක්විය හැකි අය ගැන සොයා බලන්න, ඔබට උදව් කළ හැකි කිසිවෙකු සිටීද?

සඳුදා උදෑසන සිල්ලර බඩු මිලදී ගැනීම සඳහා කඩිමුඩියේ යන විට මා දුටු එක් දර්ශනයක් නම් (දීප්තිමත් හිස් රාක්ක හැර) වැඩිහිටි පිරිස් පැමිණ ඔවුන්ගේ සිල්ලර බඩු මිලදී ගැනීමයි. පිටි හෝ පැස්ටා වලින් රාක්ක නැවත පුරවා ඇත්දැයි බැලීමට නිමක් නැති චාරිකා කිරීමට ශක්තියක් හෝ තොග මිලට ගැනීමට මුදල් හෝ මෙම පුද්ගලයින්ට නොතිබිය හැකිය. ඔවුන් තෝරාගත් සිල්ලර බඩු සමඟ ඔවුන් දැකීමෙන් මට වැටහුණේ අන් අයගේ අවශ්‍යතා සලකා බැලීමට මෙය කදිම අවස්ථාවක් බවයි. ඇත්තෙන්ම ඇදහිල්ල යහපත් ක්‍රියාවලට සම්බන්ධ නොවන්නේ නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද (යාකොබ් 2: 14-17)?

අසල්වැසියෙකු හෝ මිතුරෙකු ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා කඩයට යාමට අරගලයක යෙදෙන බව ඔබ දන්නේ නම් ඔවුන් වෙනුවෙන් කඩයට යෑමට ඉදිරිපත් නොවන්නේ ඇයි? අපි යේසුස්වහන්සේගේ නියෝජිතයන් වන අතර යමෙකුගේ අවශ්‍යතාවයේදී ඉදිරිපත් වීම හෝ ඇත්තවශයෙන්ම අවශ්‍යතාවය ඇති බව ඔබ දන්නා කෙනෙකුට ඔබේ සැමන් ටින් දෙකක් (ඔබේ පිරී ඉතිරී ගිය ගබඩා කර ඇති රාක්කයෙන්) පිරිනමන්නේ නම් එවා යේසුස්වහන්සේට ආදරය පෙන්වීමේ ක්‍රමයන්ය.

අප ජීවත් වන්නේ අවිනිශ්චිතතාවයේ හා භීතියේ කාලයකය. - මෙම වසංගතය අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහ ලොක් ඩවුන් කිරීමකදී අප සැමට ප්‍රමාණවත් ආහාර ලැබේද යන බිය ඇතිවය. මේ සියල්ල තිබියදීත් අපගේ ජීවිතය ගැන අප කන්නේ කුමක් ද? අප අඳින්නේ කුමක් ද? යන්න ගැන කරදර නොවන්නැයි අපට පවසා ඇති යේසුස්වහන්සේ කෙරෙහි අපට යම් බලාපොරොත්තුවක් ඇත (ලූක් 12: 22-24). සුළු මුදලකට විකුණන ගේ කුරුල්ලන් ගැන සැලකිලිමත් වන මේ යේසුස්වහන්සේම (මතෙව් 10:29) අපගේ භීතීන් හා ව්‍යාකූලත්වය තුළද අපව සිහිපත් කරනු ඇත.

මම වසංගත තත්ත්වයක ජීවත් වේ යැයි කිසි විටෙකත් අනුමාන කර හෝ නොසිතුවද උන්වහන්සේ අප ගැන සලකන බැවින් අපගේ හැම කරදර උන්වහන්සේ පිට තැබිය හැකි බව දැනගැනීමෙන් මම මහත් සැනසීමක් ලබමි (1 පේත්‍රැස් 5: 7). කොපමණ කාලයක් ගත වුවද මම කෝවිඩ් -19 න් පිටතට යන බව පෙනෙනු ඇති බව මෙම සහතිකයයි.