අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ymi.today විසින් රචිත ලිපි

මම කිතුනු නොවන කෙනෙකු සමඟ විවාහවීමේ ඵල විපාක

කියවීම: 2 කොරින්ති 6:14 නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

ඔහු මට ප්‍රේම කරනවා. ඔහු ඉතාමත්ම විශේෂයි. මා ගැන සැලකිලිමත් වෙනවා, උපකාර කිරීමට කැමති සහ කරුණාවන්තයි. ඔහු මගේ ඇදහිල්ලට ගෞරව කරනවා සහ ඉඳ හිට මා සමඟ දේවස්ථානයටද පැමිණෙනවා. ඇත්තටම සහකරුවෙකුට තිබිය යුතු ගුණාංග ඔහු ළඟ තිබෙනවා.... එකම දෙය ඔහු කිතුනුවෙකු නොවේ.

මෙම…

කොරෝනාට ලියුමක්

කර්තෘ: ජොඈනා හෝර්, සිංගප්පූරුව

අනේ කොරෝනා,

පසුගිය සෑම දිනක් පාසා මගේ දෙතොල් මිමිනුවේ ඔබ ගැනය, සති ගණන් ඔබ ගැන සිතීම නතර කෙරුමට මට ඉඩක් නොවීය. ඔබ මෑතකදී කළ දේ දැකුමෙන් ඔබ තබන හැම පියවරක්ම, අන්තර්ජාලය හරහා පවා ලුහුබඳින්ට මට සිතක් වීය.

ඔබ තරමට අන් කිසිවෙකු මා සිරගත නොකල බව පැහැදිලිය. කිසිත් නොමැති තැනක සිට ඔබ පැමිණි අයුරු උමතුවක් මෙනි.  මට ඔබ…

කෝවිඩ් 19: ඔබේ නිවස සන්සුන් කරගෙන ජීවිතය ඉදිරියට ගෙනයන්න

කර්තෘ: මිෂෙල් ඔන්ග්, ඕස්ට්‍රේලියාව

චීනය සහ වෙනත් රටවල් පුරා කොවිඩ් -19 ව්‍යාප්ත වීමේ පුවත ඇසූ විට මම සහ මගේ මිතුරන් අපේ ප්‍රියතම අවන්හලට යාම නවතා දැමුවෙමු. එම අවස්ථාවේදී, ඕස්ට්‍රේලියාවේ කිසිදු සිද්ධියක් තහවුරු වී නොතිබූ අතර රජයේ බලධාරීන් මේ වන විටත් වෛරසය පිළිබඳව විමසිල්ලෙන් සිටියහ. එහෙත් අපි කිසිවක් හරි හැටි නොදන්නා නිසා ජනාකීර්ණ අවන්හල් හා සාප්පු සංකීර්ණ වලින් ඈත්ව සිටීම වඩාත් සුදුසු…

අප රෝගවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

කර්තෘ: ජූලියා ලී, සිංගප්පූරුව

වෛද්‍ය සමාජ සේවිකාවක වන මම ශාරීරික දුබලතා හෝ මානසික  දුබලතා හෝ මේ දෙකම ඇති වූ පුද්ගලයින්ට සහාය ලබා දෙමි. මගේ සේවා කාලය තුළ ඔවුන්ගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ රෝගීන් සහ පවුලේ සාමාජිකයන් හමුවේ. මෙන්න එවැනි උදාහරණ කිහිපයක්:

වසර ගණනාවක් ප්‍රතිකාර කළ පසුත් නිවැරදි කළ නොහැකි ස්නායු හානියක් හේතුවෙන් වැඩක් පලක් කළ නොහැකි තරුණයෙක්.…

කොරෝනා වෛරස් වසංගතය: මම භය වෙමි, ඒ ඇයිදැයි මා නොදනිමි

කර්තෘ: ඩැනියෙල් රයන් ඩේ, ඇමරිකා එක්සත් ජනපදය

මම පසුගිය මාස කිහිපයක් තිස්සේ එය එතරම් ගණන් ගත්තේ නැත. මම විහිළු කරමින් කොරෝනා වෛරස් මහා ව්‍යසනය හාස්‍යයට ලක් කළෙමි. නමුත් පසුව ඒ සියල්ල වෙනස් විය. තවද ජනාධිපතිවරයා විශේෂ කතාවක් කළේය. මගේ සමාගම සති කිහිපයක් වසා දැමීම ගැන කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. වසර ගණනාවක සිට මා භාවිතා නොකළ ගුවන් සමාගමකින් මට විද්‍යුත් තැපෑලක් ලැබුණි.…

කොරෝනා වයිරසය: අවතාර පිරි නගරයක භීතියෙන් ජීවත් වීම වැනිය

කර්තෘ: කිම් චියුන්ග්, චීනය

 
කතු වැකිය: ශ්වසන මාර්ගයේ රෝගාබාධ ඇති කරන බෝවන වෛරසයක් වන කොරෝනා වයිරසය (2019-nCoV) 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ වුහාන් නගරයේ දී ව්‍යාප්තිය ඇරඹුනු අතර එතැන් සිට සංචාරකයින් විසින් වෙනත් රටවලට ගෙන යන ලදී. අද වන විට, මෙම වෛරසයෙන් 170 ක් මරණයට පත්ව ඇති අතර, ලොව පුරා සැක සහිත රෝගීන් 7,800 කට වඩා හමුවී ඇත.
පසුගිය දින…

විරැකියාව මධ්‍යයේ දෙවියන්වහන්සේ සෙවීම

කර්තෘ: ජෝයි - ඈන් වුඩ්, බාබඩෝස්

දෙවියන්වහන්සේ දෙස බලා සිටීම පහසු නොවේ. එය බැංකුවක පෝලිමේ දිග සහ අවසාන ඉලක්කය වන මුදල් ගෙවන්නා හෝ අයකැමියා ඔබට දැකිය හැකි පෝලිමක සිටගෙන සිටීම හා සමාන නොවේ. ඔබට බලා සිටීමට සිදු වුවත් අවසානය දැකිය හැකි බැවින් ඔබගේ වාරය අවසානයේ පැමිණෙන බව ඔබ විශ්වාස කරන්නේය.
ඒ වෙනුවට දෙවියන්වහන්සේ දෙස බලා සිටීම වාහන තදබදයක බලා සිටීම වැනි…

තායි ගුහාවේ ගැලවීමේ ව්‍යාපෘතියට මා ආකර්ශණය වූයේ ඇයි?

කර්තෘ: ජොඈනා හෝර්, සිංගප්පූරුව

ලෝකය වටා බොහෝ අය මෙන් තායි යෞවනයන් 12දෙනා සහ ඔවුන්ගේ විසිපස් හැවිරිදි පුහුණුකරු ගළවාගත් බව දැනගත් විට මාද ඉතා සතුටු වීමි. ඔවුන්ව ගළවා ගැනුණේ උතුරු තායිලන්තයේ ගුහාවක සති දෙකක් සිරවී සිටි පසුවය.

ජූනි 23 වන දින ඔවුන් ගැන ආරංචියක් නැතිවූ වේලාවේ සිට “තායි ගුහා මිදීම” ගැන මම මාගේ දුරකථනයෙන් කුමන හෝ පණිවුඩයක් එනතුරු බලා සිටියෙමි.
දින භාගයක…