කර්තෘ: ජොඈනා හෝර්, සිංගප්පූරුව

අනේ කොරෝනා,

පසුගිය සෑම දිනක් පාසා මගේ දෙතොල් මිමිනුවේ ඔබ ගැනය, සති ගණන් ඔබ ගැන සිතීම නතර කෙරුමට මට ඉඩක් නොවීය. ඔබ මෑතකදී කළ දේ දැකුමෙන් ඔබ තබන හැම පියවරක්ම, අන්තර්ජාලය හරහා පවා ලුහුබඳින්ට මට සිතක් වීය.

ඔබ තරමට අන් කිසිවෙකු මා සිරගත නොකල බව පැහැදිලිය. කිසිත් නොමැති තැනක සිට ඔබ පැමිණි අයුරු උමතුවක් මෙනි.  මට ඔබ වැනි කිසිවෙකු පෙර හමු වී නැති බව සහතිකය. ඔබ වැඩපෙන්වමින් සිටී. ඒ ගැන සැකයක් නැත.

නමුත් මේ මොහොතේ, මට ඔබ සමඟ අවංක විය හැකිද?

අපි කිසිදා හමු නොම වේවා යනු මගේ අවංක පැතුමයි.

දැන් හැරී ආපසු බලන විට, මුලින් මා ද අන් කිසිවෙකුද ඔබව බැරෑරුම් ලෙස නොසැලකූ ආකාරය සරදමක්ම විය (කනගාටුදායක ආකාරයකින්). මගේ කණගාටුව බොහෝ අය ඔබට සිනාසෙමින් ඔබේ පැමිණීම සැහැල්ලුවට ගත් අයුරු දකිනවිටය. ඇත්තෙන්ම ඔබට එසේ සලකනු නොලැබිය යුතුය. එසේ වී නම් මේ තරම් මහා විනාශයක් සිදු නොවනු ඇත.

ඔබ මගේ ජීවිතයට බලපෑම් කළ දිනය මට කිසිදා අමතක නොවනු ඇත. ආදරණීය මිතුරියක දින දෙකක් නිරෝධායනය වීමට යන බවට මට ආරංචියක් ලැබුනේ ඔබ ඇය සමඟ සමීපව සිටින්නට ඇතැයි ඔවුන් සැක කළ බැවිනි. ඔබ නිසා මිනිස්සු රෝගී වන බව ඔවුන් පැවසීහ. ස්තුතිවන්ත වන්න, ඔබ ඒ වන විට ඔබේ දුර තබාගෙන සිටි අතර, ඇය හොඳින්ය.

එය ආරම්භය පමණි. ඔබ මගේ රටේ අස්සක් මුල්ලක් පාසා යන්න පටන් ගත් විට, මම ඔබව වඩා හොඳින් දැන හඳුනා ගත්තා. ඔබ විසින් ඇති කළ කරදරය ලොව පුරා ප්‍රවෘත්ති බවට පත් විය. ඔබ සමඟ ගැවසුන මිනිසුන් වැඩි වැඩියෙන් රෝගී විය. නිරායාසයෙන්ම අප සියල්ලන්ම බියට පත් වූ අතර මගේ හමුවීම් මෙන්ම විදේශ චාරිකාවක්ද අවලංගු විය. මන්ද ඒ මිනිසුන් ඔබ මුණගැසීමට අකමැති නිසාය.

නමුත් ඔබ ලොවක් වෙලා ගනු ඇතැයි කිසිවෙකුත් නොසිතුවේය. ඔබට කෙතරම් අවධානය යොමු කළ යුතුද යන්න වැටහුණේ, ඔබ මගේ ජපන් ගමන පාලනය කරන විටය. ඇත්තෙන්ම ඒ නිවාඩුව එනතුරු මම බලන් සිටියා. ඒ නිසයි මම කලබල වුනේ  ඔබ ඇති කළ නොසන්සුන්තාවය නිසා. අපගේ මුළු ගමන් විස්තරය වෙනස් කිරීමට අපට සිදු වුණා. එපමණක් නොව මගේ මිතුරන්ගේ කාර්යබහුල වැඩ කාලසටහන් වලින් පැතූ විවේකයද ඔවුන්ට අහිමි කළා.

මා නිවසේ සිරවී සිටින මොහොතකදී මේ ලිපිය ලියන්නේ,  ඔබේ නපුරු කම ඔබව ඔසවා තැබූ බැවිනි. මා අවසන් වරට පරීක්ෂා කළ විට ලොව පුරා 535,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔබ විසින් ආසාදනය කර තිබුනා. එබැවින් ඔබව අගුලු දැමීමේ උත්සාහයක් නියා, බලධාරීන් අප සියල්ලන්ම “අගුලු දමා” ඇති අතර, අප සියල්ලන්ටම නිවසේ සිට ජනාකීර්ණ ස්ථානවලින් වළකින්න කියා අපව ඔබෙන් ආරක්ෂා කර ගැනීමට උනන්දු වුනා.

ඔබ නිසා කඩ සාප්පු සහ විනෝද ස්ථාන වසා දැමුවා. රටවල් අමුත්තන්ට ඇතුළුවීම තහනම් කර ඇති නිසා ගුවන් සමාගම් ගුවන් ගමන් කපා හැර දැමුවා. දේවස්ථාන ඔවුන්ගේ සේවාවන් වසා දැමුවා. ඒ සියල්ල ඔබට සැඟවී සිටීමට හා විනෝද වීමට අවස්ථාව ලබා දීමට ඔවුන්ට නොහැකි නිසා.

ඔබගේ පැමිණීම මගේ ජීවිතය පමණක් නොව ලොව පුරා බොහෝ දෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ තුළ එවැනි හැකියාවක් ඇති බව කවුද දැන සිටියේ?

නමුත් මම ඔබට සාධාරණ නම්, සම්පූර්ණ වගකීම ඔබට පැවරිය නොහැකි බව මම දනිමි. ඇත්තෙන්ම අපි ඔබ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මුල සිටම ඔබේ ද්‍රෝහී හැසිරීම මැඩපවත්වුවානම් මෙවැනි බලපෑමක් ඔබට කළ නොහැක.

ඇත්තයි, ඔබ අපේ මුළු ජීවිත කාලයම අවුල් සහගත කළා. නමුත් ඔබ කාරණා තුනකට අපගේ දෑස් විවර කළා. එකක් අපට අපගේ ජීවිත පාලනය කළ නොහැක. දෙක, අප ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කළ හැක. තුන. ඔබ අපේ ජීවිත පාලනය කරන්නේ නැත.

මිතුරන් සමඟ හමුවීම්, රැකියාව, නිවස සහ හොඳ සෞඛ්‍යයක් වැනි දේ පවා දවස අවසානයේදී අපට සහතික විය නොහැකි වී ඇත. ඕනෑම මොහොතක මේ සෑම දෙයක් අහිමි විය හැක. මේ දිනවල නිවසේ සිට වැඩ කිරීමට ලැබීම ආශීර්වාදයක්ම විය.

එය පිළිගැනීමට මා අකමැති වුවද ඔබ සමඟ හෝ ඔබ නැතිව අපගේම ජීවිත අද අප ගතකරන ආකාරය සම්බන්ධයෙන් අප සියලු දෙනා වගකිව යුතුය. පුද්ගලිකව මම මෑත දිනවල ආත්මාර්ථකාමිත්වය සහ ආදරය පිළිබඳ බොහෝ උදාහරණ අසා ඇත්තෙමුව. ඇත්ත වශයෙන්ම සංවාදය ගැන ද එයම කිව හැකිය. ආත්මාර්ථකාමී හා වගකීම් විරහිත හැසිරීම් පිළිබඳ කථා රාශියක් ඇත. කිසිවක් සඳහා නොවේ කොරෝනා, ඔබ අපගේ ජීවිත වලට පැමිණ සැබවින්ම අපව පරීක්‍ෂා කර ඇත.

දිනක් මගේ සගයා මට මතක් කර දුන්නේ ඔබ ඇත්තටම අළුත් නවකතාවක් නොවන බවය. ඇත්ත වශයෙන්ම පෙර පරම්පරාවලදී ඔබ වැනි වෙනත් බලපෑම් කරන්නන් සිට ඇත. සමහරු ඔබට වඩා ගැටලු සහගත සහ පළිගන්නා අය විය. නමුත් ඔවුන් විසින් ඇති කරන ලද අවුල් සහගත හා බාධා මධ්‍යයේ වුවද මනුෂ්‍යත්වය අවසානයේදී ජය ගත් අතර එම කාලය තුළ සිදු වූ ශ්‍රේෂ්ඨතම ප්‍රේමය හා පරිත්‍යාගය අපි දුටුවෙමුව.

ඒ වගේම මම දනිමි මේ වතාවේත් එය එසේමය.

මම ඔබෙන් වැළකීමට හෝ ඔබව සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුයැයි මා සිතන තරමටම ඔබ මෙහි ළංව සිටින බව මම දනිමි. නමුත් කොරෝනා, ඔබ අපේ ජීවිත පාලනය කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඔබට එහා මෙහා සැරිසැරීමට අවසර දී ඇත්තේ දෙවියන්වහන්සේ ඔබට ඉඩ දී ඇති තරමටය. නමුත් යම් දිනයක ඔබේ කාලය අවසන් වනු ඇති අතර, ඊළඟ බලපෑම්කරු ඔබේ ස්ථානයට පත්වනු ඇත.

ඒ නිසා මේ අතරතුර මම දිගටම ඔබගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඇස තබාගෙන සිටිමි. නමුත් වඩා වැදගත් දෙය නම් සැබවින්ම පාලනය කරන තැනැත්තා කෙරෙහි මගේ දෑස් යොමු කර සිටීමය. උන්වහන්සේට අවශ්‍ය ඕනෑම මොහොතක මේ සියල්ල අවසන් කළ හැකිය.

මම ඉදිරි සති දෙක සඳහා (හෝ මාස ගණනක්) නිවසටවී කටයුතු කළත්, සෑම දිනක්ම සපළවත්ව ගත කිරීමට උපරිම උත්සාහයක් දරමි. මම මගේ ආශීර්වාද ගණන් කිරීමටත්, මගේ හැකියාවන් හා සීමාවන් තුළ ජීවත් වීමටත් ඉගෙන ගන්නෙමි (මම මේ දිනවල වැඩි වැඩියෙන් ඉතිරි කර ඇත්තෙමි). එමෙන්ම අවස්ථාවක් ඇති සෑම විටකම සහ ඕනෑම තැනක අවශ්‍යතා ඇති අය වෙත ළඟා වන්න උපරිම උත්සාහ කරමි.

කොරෝනා, ඔබ සමඟම සිටියත් මම තවමත් ජීවිත් වෙමි.

ඔබේම විශ්වාසි,

ජෝ