අමුත්තෝ සහ විදේශිකයෝ
මම මාගේ පාපැදිය නවතා කේම්බි්රජ් නගරයේ සිතියම දෙස නැවත බැලීමි.පාරවල් සොයා ගැනීම මාගේ නිපුණත්වය නොවීය. මේ ඓතිහාසික ගොඩනැගිලි අතර තිබූ පාරවල් ජාලයේ මා අතරමංවීමට ඉඩ තිබිණි.
මාගේ ඉංග්‍රීසි ජාතික ස්වාමිපුරුෂයා සමඟ විවාහවී එංගලන්තයට ඇවිත් වැඩි කාලයක් නොවීය. ජීවිතය අනර්ඝ විය යුතුව තිබිණි. එහෙත් ජීවිතය ඔහේ පාවෙනවා යැයි මට සිතණි. මා කට වසාගෙන සිටියදී අන් අය සමඟ හොඳින් මිශ්‍ර වී සිටියෙමි. එහෙත්…
ජීවිතයට පුහුණුවීම
තම ශරීරය සහ මනස උපරිමයටම ගෙන ගිය ස්ත්‍රියක මට මෑතකදී හමුවිය. ඇය කඳු නැග, මරණයට මුහුණ දී, ගිනස් වාර්තාවක්ද බිඳ හෙළා තිබේ. ඇයට දැන් වෙනත් අභියෝගයක් ලැබී ඇත. එ් ඇයගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා හදා වඩාගැනීමය. කඳු තරණයේදී භාවිත කළ ධෛර්යය සහ ඇදහිල්ල දැන් ඇය මාතෘත්වය තුළට වගුරුවන්නීය.
1 කොරින්ති පොතෙහි පාවුල් අපොස්තුළුවරයා තරඟයක නියැලෙන ක්‍රීඩකයෙකු ගැන කථා කරයි. එකිනෙකා…