අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Evan Morgan

එවන් මෝර්ගන්

.

එවන් මෝර්ගන් විසින් රචිත ලිපි

දිව්‍යමය පෙළගැස්ම

මම බොහෝ සෙයින් කරදර වී, එහා මෙහා ඇවිදිමින් යාච්ඤා කරන පිණිස  රාත්‍රියේ ඇහැරුණෙමි. ඇත්තෙන්ම මගේ ආකල්පය දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටත්වීමක් වුනේ නැත. එය ප්‍රශ්න කිරීමක් සහ කෝපයෙන් යුක්ත එකක් විය. එයින් මිදෙන්නට නොහැකිව මම වාඩිවී විශාල ජනේලයෙන් රාත්‍රි අහස දෙස බලා සිටියෙමි. බලාපොරොත්තු නැතිවම මගේ අවධානය දඩයක්කාරයා තරු රටාවේ පටිය  - පැහැදිලි රාත්‍රියක බොහෝ විට දිස්වෙන පරිපූර්ණ ලෙස සකසා ඇති තාරකා…

සීනුව

ජැක්සන් කුඩා කාලයේ සිටම ඇමරිකා නාවික හමුදාවේ විශේෂ භටයෙක් වීමට සිහින මැව්වේය. ඒහෙයින් ඔහු වසර ගණනාවක්ම ශාරීරික විනයද ස්වකැපවීම්ද කළේය. පුහුණුවන්නන් විසින් “අපායේ සතිය” ලෙසට හඳුන්වනු ලබන ශක්තිය සහ දරු ගැනිීම උකහා බලන දැඩි පරීක්‍ෂණ තුළින් ඔහු ගියේය.

ජැක්සන්ට කායිකව එම වෙහෙසකාරී පුහුණුව අවසන් කිරීමට නොහැකි වුනි. එසේ හෙයින් ඔහු අකමැත්තෙන් සීනුව නාද කර තමා පුහුණුව අත්හරින බවට ආඥාපතියාව සහ…

ඔබගේ කටහඬ භාවිතා කරන්න

ලෝක පූජිත පියානෝ වාදකයෙකු හමුවීමට මට ආරාධනාවක් ලැබුණි. මම හැදී වැඩුණේ සංගීතය වටකර ගත් පරිසරයකය. පියානෝව සහ වයලීනය වාදනය, සභාවේ සහ වෙනත් ස්ථානවල ගායනා කිරීම වැනි දේ සමග හැදී වැඩුණු නිසා මම මෙම අවස්ථාව ගැන උද්දාමයට පත්වීමි.

මා පියානෝ වාදකයා හමුවීමට පැමිණි විට ඔහුගේ ඉංග්‍රිසි දැනුම අල්ප බව දැන ගතිමි. මා මවිත කරමින් ඔහු මා හට සෙලෝ නැමැති විණාවක් වාදනය…

රාත්‍රී මුර සේවය

මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයෙහි මාගේ ග්‍රීෂ්ම සෘතුව ගෙවී ගියේ කොලරාඩෝහි අලංකාර කදුවැටියක වූ ගොවිපළකය. අමුත්තන් නිදා ගෙන සිටිද්දී ලැව් ගිනි වලින් ඔවුන් බේරා ගැනීම සඳහා කාර්ය මණ්ඩල සේවකයින් මාරුවෙන් මාරුවට රාත්‍රී මුර සඳහා යොදවන ලදී. මුලින් වෙහෙසකාරී ලෙස දැනුණද දෙවියන්වහන්සේගේ තේජස් අභිමුඛයේ නිශ්චලව මෙනෙහි කිරීමට සහ සහනය ලබා ගැනීමට එය හොඳ අවස්ථාවක් විය.

දාවිත් රජු තමාගේ යහනේ සිටත් තමාගේ…