දෙවියන්වහන්සේගේ බලය පෙන්වීම
එය අකුණු කුණාටුවක් විය. මගේ හය හැවිරිදි දියණිය සහ මම බිම හිඳ ගෙන වීදුරු දොර හරහා විශ්මිත සංදර්ශනය දෙස බලා සිටියෙමු. ඇය දිගින් දිගටම කියා සිටියේ “වාව්! දෙවියන්වහන්සේ ඒතරම් විශාලයි” කියාය. මටත් එසේම හැඟුණි. අප කෙතරම් කුඩාද දෙවියන්වහන්සේ කෙතරම් බලවත්ද යන්න අප දෙදෙනාටම පැහැදිලි වුනි. “එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?” යනුවෙන් යෝබ්ගේ පොතෙහි වදන් මාගේ මනස…