බලාපොරොත්තුවක් නැති දේවල්
ඒමි සහ ඇලන්ගේ ළදරු දියණිය ජෙම් ගැන තත්ත්වය බලාපොරොත්තු නැති දෙයක් ලෙස පෙනුණි. ට්‍රයිසෝම්-18 යනුවෙන් හැඳින්වෙන රෝගයත් සමග ඉපදුන ඇය දින හෝ සති කිහිපයකින් මිය යනු ඇතැයි බලාපොරොත්තු විය. වෛද්‍යවරයා පැවසුවේ “ඇයට ප්‍රතිකාර කිරීමෙන් ඵලක් නැත” කියාය. නමුත් ඇයගේ මව පැවසුවේ “ඈ ගැන මට විශාල සිහිනයන් තිබේ” කියාය. ඔව්හු ජෙම්ව නිවසට ගෙන ගොස් ඇයට ප්‍රේම කළහ. සහ ඔව්හු යාච්ඤා කළහ.…
ඔබගේ පියාණන්ට අවශ්‍ය දේ
ස්ටීව් ගස් කපන කියත රැගෙන කැලයට යාමට සැරසුණි. එවිට ඔහුට පස්හැවිරිදි ඕගස්ට්ගේ හඬ ඇසුණි. “තාත්තේ මා එනතුරු සිටින්න. මටත් යන්න ඕනෑ”. ඔහුගේ සෙල්ලම් කියතද අත් වැසුම්ද කණ වැසුම්ද ගෙන ඔහු දොරෙන් පිටවී ස්ටීව් සමඟ ගියේය. ආරක්‍ෂා සහිත දුරකින් ස්ටීව් ඔහුට කොට කිහිපයක් තැබුවේය. විනාඩි දහයකට පසු ඕගස්ට් දැඩි වෙහෙසට පත්විය. සෙල්ලම් කියතකින් කොට කැපීම ඉතා අසීරුය. නමුත් තම පියාට උදව්…
ඇදහිල්ලේ ස්ථිරව සිටීම
වසර කිහිපයකට පෙර දුම්රියට ඇවිද ගෙන යන විට රෞද්‍ර පෙනුමක් ඇති බල්ලෙක් සමඟ කාන්තාවක් මා දෙසට එනවා දුටීමි. මම සුරතල් සතුන් අතර හැදී වැඩුණු හෙයින් ලෝම සහිත මිතුරන්ට බිය නොවීමි. නමුත් මෙම බල්ලා බිය ගෙන දෙන සුළුය. බල්ලා මට ළංවෙත්ම ඌ බුරන්න පටන් ගත්තේය. මම සිනහ සී එය අමතක කරන්න සිතුවෙමි. නමුත් ඔහු මගේ ඇඟට පැන්නේය. මම මොර ගැසුවෙමි. ස්තුති…
ත්‍යාගශීලි හදවතක්
එංගලන්ත මූලික තරඟාවලියේ සෙනෙගාලයේ පාපන්දු තරුවක්වූ සාඩියෝ මේන්, ලොව වැඩිම වැටුපක් ගත් අප්‍රිකානු ක්‍රීඩකයා වූ අතර ඔහු වසරකට ඩොලර් මිලියන ගණනක් උපයා ගත් අයෙක් විය. ඔහු වීදුරුව බිඳුණු අයි-ෆෝනයක් පාවිච්චි කරන ඡායාරූපයක් දැක සමහරු ඔහුට උසුළු විසුළු කළහ. ඔහුගේ ප්‍රතිචාරයේ පැකිලීමක් නොවීය. “මට ෆෙරාරි දහයක්, දියමන්ති අත් ඔරලෝසු විස්සක් සහ ජෙට් යානා දෙකක් අවශ්‍ය මන්ද? මම බඩගින්නේ සිටියෙමි. මම කුඹුරු…
සූදානම්ව සිටින්න
බෙටී සුදානම්ය. ඇය යෞවනියක ලෙස ජේසුස් වහන්සේව අනුගමනය කිරීම ආරම්භ කළ අතර උන් වහන්සේට සේවය කිරීමටද උන් වහන්සේව ප්‍රසන්න කිරීමටද ඇය ජීවිතයේ සෑම අවස්ථාවක්ම යොදා ගත්තාය. ඇය බයිබල් අධ්‍යයනයට, නමස්කාර මෙහෙයන්ට, සහ යාච්ඤා රැස්වීම් වලට සහභාගී වූවාය. ඇය ඉගැන්වීමටද, දූත මෙහෙයන් වලට සහභාගී වීමටද, මොන්ටිසෝරි වල වැඩ කිරීමටද, සභාපාලක ස්වාමිපුරුෂයා සමග එක්ව සේවය කිරීමටද සුදානම්ව සිටි අතර ඇයට ලැබෙන සෑම…
ණැනවත්ව සැළසුම් කිරීම
කුඩා ගමක වෛද්‍යවරයෙක් වන එස්ඩන් තම මිණිබිරිය වන එලීනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ සිහිනයක් ක්‍රියාත්මක කළේය. ඇයට විරූපි වීමේ ආබාධයක් තිබෙන නිසා ඇයගේ අනාගතයට සැපයීම පිණිස වැඩ වලට වැටුප් ලැබෙන ව්‍යාපාරයක් විවෘත කළේය. ඔහුගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට තිබූ බිය නිසා ඔහු ව්‍යාපාරයක් අරඹන ආකාරය ගැන අන්තර්ජාල පාඨමාලාවක් කළේය. ඉන්පසු ඔහුත් ඔහුගේ භාර්යාවත් වයෝමින් නගරයේ පවුලේ බේකරියක් ආරම්භ කළේය. එය දැන් හොඳින්…
හදවත් සැත්කම
වසර ගණනාවකට පෙර දැඩි වචන හුවමාරුවකින් පසුව කැරොලින් සහ මම එකිනෙකා කෙරෙහි සානුකම්පාවෙන් සහ ප්‍රේමයෙන් ගැටළුව නිරාකරණය කර ගතිමු, මම මගේ වැරදි කියා දුනිමි. ඇය මා ගැන යාච්ඤා කළේ එසකියෙල් 36:26 අදාළ කර ගනිමිනි : “මම අලුත් හදක් නුඹලාට දී අලුත් හිතක් නුඹලා තුළ මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහ කොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි”, උන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙළා…
ප්‍රේමයේ භාෂාව
ඩොන් ඩියු, ලිබර් ගොට්, ඩ්‍රාහි බෝස්, අගස්ටේ ඊ. ආදරණීය දෙවියන් වහන්ස. මෙම ප්‍රංශ, ජර්මානු, ස්ලෝවැක්, ග්‍රීක් සහ ඉංග්‍රීසි යාච්ඤා මධ්‍යම ඇතෑන්ස් හි සභාවක් තුළින් එක්සිත්ව රැව් පිළිරැව් දුන්නේ අපගේ දේශවල ජනයා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අසන පිණිස අපගේ මව් භාෂාවන්ගෙන් අප යාච්ඤා කරන විටය. එකතු වීමේ අලංකාරය තීව්ර වූයේ අප පෙන්තකොස්ත දිනයේ එක් රැස්වූ බව තේරුම් ගිය විටය.
පරණ ගිවිසුමේ පෙන්තකොස්ත…
එකා මෙන්
නූතන චිත්‍රයක් සමන්විත වී ඇත්තේ සරල මේසයක ඇඳ ඇති සරල කෝප්ප 13 කිනි. වෙනස් ලෑලි මත ඒවා තබා තිබේ. චිත්‍රයේ නම වන්නේ “ඔවුන් සියල්ලෝ එක් අයෙක් වේවා” යන්නයි. එය එල්ලා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වුල්ෆ්සන් විදුහලේය. එහි සරලභාවය ඇත්තෙන්ම සිද්ධියේ විශේෂත්වය අවධාරණය කරයි. තමන් වහන්සේගේ ගෝලයන් සමග ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනයයි. වඩාත්ම කැපී පෙනෙන කොටසේ ඇති රොටී සහ කුසලානය…
නාස්ති නොවූ වේදනාව
ඇය මාගේ ඇස් දිහා බලා පැවසුවේ “ඔබගේ වේදනාව නාස්ති කරන්න එපා” යනුවෙනි, මගේ මනස එක්වරම යොමු වූයේ මෝටර් රථ අනතුරකින් මිය ගිය ඇයගේ වැඩිහිටි පුත්‍රයාගේ සිහි කිරීමේ මෙහෙය මම පැවැත්වූ ආකාරයටය. ඇය කියන දෙය ඇය හොඳින් දැන සිටියාය. ඇය වේදනාව දැන සිටියාය. දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිසත් අන් අයට උපකාර කරන පිණිසත් එය යොදා ගන්නේ කෙසේදැයි උන් වහන්සේ දන්නා බවද…