අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

සින්ඩි හෙස් කැස්පර් විසින් රචිත ලිපි

පාද ..... සහ පිඟන් සේදීම

චාර්ලි සහ ජෑන්ගේ පස්වන විවාහ සංවත්සරයේදී ඔවුහු තම පුත්‍රයා වන ජොන් සමග ආපන ශාලාවක උදෑසන ආහාර බෙදා ගත්හ. එදින ආපන ශාලාවේ සේවකයන් අඩු වූ අතර සිටියේ කළමනාකරු, කෝකියා සහ පිළිගන්නිය වේටර්වරිය සහ ඇණවුම් භාර ගන්නිය ලෙස සේවය කළ එක් තරුණ ගැහැණු ළමයෙක් පමණක් විය. ඔවුන් ආහාරය අවසන් කළ පසු චාර්ලි සිය භාර්්‍යයාව දෙසට හැරී “ඊළඟ පැය කිහිපයේදී අපට කළ යුතු…

සෙවණැල්ල සහ දෙවියන්වහන්සේගේ ආලෝකය

ඉලේන්ට පැතිර ගිය පිළිකාවක් ඇති බව සොයා ගත් විට ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන චක් ඇය යේසුස් වහන්සේ සමග සිටීමට යන දවස වැඩිකල් නොවන බව දැන ගත්හ. ඔවුන් එක්ව ගමන් කළ පනස් හතර වැනි වසරේ ගැඹුරුම සහ අසීරුම මිටියාවත් තුළින් ගමන් කරද්දී ගීතාවලිය 23 හි පොරොන්දුව පරිදි දෙවියන්වහන්සේ ඔවුන් සමගය යන පොරොන්දුව ඔවුන් දෙදෙනාම අගය කළහ. ඉලේන් දශක ගණනාවකට පෙර…

අධෛර්යයමත් නොවන්න

මගේ මව ඩොරති හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි කාලයක් මට මතක නැත. බිඳෙනසුලු දියවැඩියා රෝගියෙකු ලෙස වසර ගණනාවක් ඇගේ රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් විය. සංකූලතා (වෙනස්වීම්) වර්ධනය වූ අතර ඇගේ හානි වූ වකුගඩුවලට ස්ථිර ඩයලිසිස් (රුධිරය කාන්දු කිරීමක්) අවශ්‍ය විය. ස්නායු රෝග සහ අස්ථි බිඳීම රෝද පුටුවක් භාවිතා කිරීමට හේතු විය. ඇගේ ඇස් පෙනීම අන්ධභාවයට පත්වීමට පටන් ගත්තේය.

නමුත් ඇගේ ශරීරයෙන්…

පොරොන්දුව ඉටු විය

මම කුඩා කාලයේ සෑම ගිම්හානයකම, මගේ ආච්චි සහ සීයා සමඟ සතියක් විනෝද වීමට මම සැතපුම් දෙසීයක් ගමන් කළෙමි. මා ආදරය කළ ඒ දෙදෙනාගෙන් මා කෙතරම් ප්‍රඥාවක් මා තුළ රඳවා ගත්තද යන්න පසුව මම දැන ගත්තෙමි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දෙවියන්වහන්සේ සමඟ ගමන මගේ තරුණ මනසට තවමත් සිතාගත නොහැකි තරම් විය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔවුන් සමඟ කළ සංවාද වලින්, දෙවියන්වහන්සේ විශ්වාසවන්ත…

නිශ්චලතාවයට කාමරයක්

ඔබ සාමයට සහ නිසලතාවයට කැමති නම් මිනෙසෝටා මිනියපෝලිස්හී කාමරයක් තිබේ. ඔබ එයට ආශා වනු ඇත. එය සියලු ශබ්දවලින් 99.99 ක් උරා ගනී. ඔර්ෆීල්ඩ් රසායනාගාරයේ දෝංකාරයක් නැති ලෝක ප්‍රසිද්ධ කාමරය ලෝකයේ නිශ්චලතම ස්ථානය ලෙස හැඳින්වේ. ශබ්ද නැති මේ ඉඩ කඩ භුක්ති විඳීමට කැමති අයගෙන් වාඩි වී සිටින ලෙසට දන්වා ඇත්තේ ශබ්දය නොමැති කමින් අවධානය නොකැඩෙන පිණිසය. එසේම මෙම කාමරයේ විනාඩි හතලිස්…

කිරීමට හෝ නොකිරීමට

මම කුඩා කාලයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉවත් කළ යුධ ටැංකියක් මගේ නිවස අසල උද්‍යානයක ප්‍රදර්ශනයට තබා තිබුණේය. මෙම යුධ ටැංකියට නැගීම අනතුරුදායක බවට දැන්වීම පුවරු බොහෝමයක් තිබූ නමුත් මගේ මිතුරන් කිහිප දෙනෙක් වහාම මෙම යුධ ටැංකියට නැග ගැනීමට පොරකෑහ. අපේ සමහර අය ටිකක් අකමැත්තෙන් හිටියත් අන්තිමට අපිත් මෙයට නැග ගත්තෙමු. එක් පිරිමි ළමයෙකු විසින් අනතුරු සංඥාව පෙන්වමින් යුධ ටැංකියට නැගීම…

අවශ්‍යතාවයක් දැකීම

මගේ පියාගේ ජීවිතයේ අවසාන දින කිහිපයේදී, එක් හෙදියක් ඔහුගේ කාමරය අසලට පැමිණ, ඔහුගේ රැවුල කපන්නද කියා මගෙන් ඇසුවාය. රේචල් නම් හෙදිය, මගේ පියාගේ මුහුණ හරහා රේසරය ගෙන යද්දී ඇය පැහැදිලි කළේ, “පියාගේ පරම්පරාවේ වැඩිහිටියන් දිනපතා පිළිවෙළකට රැවුල කපන්න කැමතියි” කියාය. මෙම හෙදිය අවශ්‍යතාවයක් දැක, යමෙකුට කරුණාව, ගරුසරු බව සහ ගෞරවය දැක්වීමට ඇගේ සහජ බුද්ධිය මත ක්‍රියා කළාය. ඇය ලබා දුන්…

ඉතා අලංකාරයි

මම ආරෝග්‍ය ශාලාවක ළදරුවන් සඳහා වෙන් කර තිබූ කාමරයක ජනේලයෙන් බැලූ විට අලුත උපන් බිළිඳකු පළමු වතාවට දැක්කෙමි. එකල මම යෞවන වියේ සිටියෙමි. මගේ නොදැනුවත්කම නිසා, හිසකෙස් නැති, කේතුකාකාර හිසක් ඇති, කුඩා රැලි සහිත දරුවෙකු දැකීමෙන් මගේ සිත කැලඹුණි. කෙසේ වෙතත්, අප අසල සිටගෙන සිටී දරුවාගේ මවට, “ඔහු ලස්සනයි නේද?” කියා සෑම කෙනෙකුගෙන්ම ඇසීම නතර කළ නොහැකි විය. මට ඒ…

කාලය ප්‍රමාණවත්ය

මගේ මිතුරාගේ පොත් රාක්කයේ ලියෝ ටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය ග්‍රන්ථයේ අති විශාල වෙළුම් දුටු විට මම පාපෝච්චාරණය කළේ “ඇත්ත වශයෙන්ම මම වෙළුම් කිසි විටෙකත් සම්පූර්ණ කර නැත” කියාය. “හොඳයි” කියා මාටි සිනහසෙමින් තව දුරටත් කීවේ “මම ඉගැන්වීමෙන් විශ්‍රාම ගිය විට දැන් ඔබට එය කියවීමට කාලය ලැබේය” කිවූ මගේ මිතුරෙක්ගෙන් ලැබුණු ත්‍යාගයකි” යනුවෙනි.

දේශනාකාරයා 3 හි පළමු පද අට මීට සමානව…

ඉන්නන් සහ සියල්ල

“එංගලන්තයේ ආරක්‍ෂකයා” ලෙස හඳුන්වනු ලැබූ ඔලිවර් ක්‍රොම්වෙල් දහහත් වන සියවසේ හමුදාපති වරයෙකි. වැදගත් පුද්ගලයන්ගේ චිත්‍ර ඇඳීම ඒ කාලයේ සාමාන්‍ය සිරිතක් වුනි. එසේම පුද්ගලයෙක්ගේ මුහුණෙහි අඩු ආකර්ශණීය අංග නිරූපණය කිරීමෙන් චිත්‍ර ශිල්පියෙක් වැළකී සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. කෙසේ වෙතත් තමාව අධික ලෙස ප්‍රශංසාවට ලක් කෙරෙන චිත්‍රයක් සමග සම්බන්ධ වීමට ක්‍රොම්වෙල්ට අවශ්‍ය වූයේ නැත. ඔහු කලාකරුවාට අවවාද කළේය. “ඔබ මා සිටින ආකාරයටම…