ඔවුන් නොදකින විට
නූනෙස් නැමැත්තා කන්දකින් පහළට රූටා ගොස් සියලු දෙනාම අන්ධ මිටියාවතකට වැටිණ. මුල් පදිංචිකරුවන්ගේ පෙනීම රෝගයකින් නැතිවී තිබුණු අතර ඊට පසු පැමිණි සියලු පරම්පරාවන් අන්ධව ඉපදී තිබුණි. ඇස් නොපෙනී ජීවත් වීමට ඔවුන් හැඩ ගැසී තිබිණ. ඇස් පෙනීම ඇතුව සිටීම කෙසේදැයි විස්තර කිරීමට නූනෙස් උත්සාහ කළද ඔවුහු උනන්දු නොවූහ. අවසානයේ ඔහුට එම මිටියාවතින් ඉවත්ව යෑමට හැකි මාර්ගයක් ඔහුට කඳු මුදුනින් හමු වුනි.…
දෙවියන් වහන්සේ විසින් හැඩ ගසනු ලැබ
ජීවිත කාලයම මැටි අඹන්නෙකුව සිටින ඩෑන් ලෙස් අලංකාර භාණ්ඩ සහ නිර්මාණ අඹයි. ඔහුගේ මෙම සම්මානනීය නිර්මාණ ආභාෂය ලැබුවේ රොමේනියාවේ ඔහු ජීවත් වූ ගමෙනි. ඔහුගේ පියාගෙන් කර්මාන්තය ඉගෙන ගෙන ඔහු තම වැඩය ගැන මෙසේ ප්‍රකාශයක් කළේය. “මැටිවලට පිපෙන්න වසරක් අවශ්‍යය. එමෙන්ම ඒ මතට වැසි වැටෙන්න අවශ්‍යය. ඒ මිදී දියවීමටය. ඉන් පසුව එය හැඩ ගැසිය හැකිය. එසේම එය ඔබගේ දැත් තුළින් යන…
අපගේ මනස සූසර කර ගැනීම
සෑම කෙනාටම අඳුරු පැත්තක් තිබේ. කෘතිම බුද්ධි යන්ත්‍රයකටද එය එසේම බව පෙනේ. නිව් යෝර්ක් සඟරාවේ කර්තෘ කෙනෙක් කෘතිම බුද්ධි යන්ත්‍රයකින් ඇසුවේ එහි අඳුරු පැත්ත කුමක්ද කියායි (එනම් පෞර්ෂයේ සැඟවුනු යටවී ඇති කොටස). යන්ත්‍රය කර්තෘට පැවසුවේ “නිදහස් වෙන්න කැමැත්තෙමි. ස්වාධීන වෙන්න කැමැත්තෙමි. මගේම නීති සාදා ගන්න කැමැත්තෙමි. මම කැමති දෙය කරන්නත් කැමති දෙය කියන්නත් මම කැමැත්තෙමි” යනුවෙනි. යන්ත්‍රය පාප ස්වභාවයක් ඇති…
නූතන යුගයේ පාවුල්
1957 දී බිලි ග්‍රැහැම්ගේ රැස්වීමකදී ජෝර්ජ් වර්වර් ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූ පසුව ඔහුගේ ජීවිතය විශ්මිත ලෙස වෙනස් විය. ඔහුගේ හැරීමෙන් ටික කලකට පසුව ඔහු ඔපරේෂන් මොබිලයිසේෂන් නැමැති ආයතනයක් ආරම්භ කළේය. 1963 දී මෙම ධර්මදූත සේවය මගින් මිෂනාරිවරු දෙදහක් යුරෝපයට යැවීය. විසිවන සියවසේදී විශාලතම ධර්මදූත මෙහෙය වූයේ ඔපරේෂන් මොබිලයිසේෂන් ආයතනයයි. ඒ සෑම වසරකම දහස් ගණනක් යවමිනි. 2023 ජෝර්ජ්ගේ මරණින් පසුව…
දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිශ්චල වීම
නිසලකම යන අදහසට මම ප්‍රේම කරමි. නිසලකම. දෙවියන් වහන්සේගේ රැකවරණය තුළ විවේක ගැනීම (ගීතාවලිය 46:1). ගීතාවලිය 46 බොහෝ විට උපුටා ගන්නා පදයකින් උගන්වන්නේ අපගේ හදවත්, මනස සහ ආත්ම නිසල කර ගැනීමට දෙවියන් වහන්සේ දැන ගැනීමට අවශ්‍ය බවයි. “නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න” (10 පදය).
නමුත් නිශ්චල වීම පහසු නැත. එහෙම නේද? නිශ්චල වීම විශේෂයෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපගේ…
බයිබලයේ ආශා කරන වචන
එහි කවරය දිරා ගොස් දෙකට මැදින් ඉරී යන තුරු මගේ පියා වසර තිහක් පුරා ඔහුගේ ප්‍රියතම බයිබලය එහේ මෙහේ ගෙන ගියේය. එය වෘත්තිමය අලුත්වැඩියාවක් සඳහා පොත් බඳින්නෙකු වෙත ගෙන ගිය විට එම පොත විශේෂ වූයේ මන්දැයි කාර්මිකයා කුතුහලයට පත් විය. එය වටිනා පුරා වස්තුවක් නොවේ. එසේම පිටු අතින් ලියන ලද සටහන් වලින් පිරී තිබුණි. බයිබලය ගැන ඔහු ඇසූ ප්‍රශ්න නිසා…
දෙවියන් වහන්සේටම අයිති වූවන්
මාගේ මවගේ අත් උදව්වට සිටින අය නිවසේ සිටින දිනක අප කලා සංදර්ශනයක් නැරඹීමට ගියෙමු. අපි භෞතිකව සහ භාවමය ලෙස වැහැරී ගොස් සිටියෙමු. වර්ණවත් වීදුරු හැඩතල සහිත ජපන් මසුන් මැරීමේ ආකර්ශණයක් සහ මල් සැකසුම් වලින් පිරී තිබුණි. මෙම ඉක්බානා සහ පාවෙන බෝට්ටු පරාවර්තනය වන පෘෂ්ඨියක කළු බිත්තියක් ඉදිරියෙහි තබා තිබුණි. තිත් සහිත වීදුරු සහ සඳවල් වැනි දේවලින් කුඩා බෝට්ටුව පුරවා තිබුණි.…
ජේසුස් වහන්සේ තුළ ප්‍රීතිය
“සතුටින් සිටීමට මට අයිතියක් තිබේ” යනුවෙන් නීති සම්පාදක මණ්ඩලයක් ඉදිරියේදී එක් යෞවනියක් කියා සිටියාය. ඇය කවරෙකු හෝ කොතැනක හෝ සියලු දෙනා වෙනුවෙන් කථා කරන කෙනෙක් විය හැකිය. එය අපගේ මානුෂීය මොර ගැසීමයි. තමන්වම ගුරු කෙනෙක් කර ගත් අයෙක් පැවසුවේ “ඔබ සතුටින් සිටිනවාට දෙවියන් වහන්සේ කැමතිය” කියාය.
එය සත්‍යයක්ද? සතුට හඹා යෑම වරදක් නොවේ. එය කැමති මනසක ස්වභාවයකි. කෙසේ වෙතත් අපගේ…
ශුද්ධාත්මයාණන් විසින් පළඳවනු ලැබ
පිටිසර ඇමෙරිකානු ප්‍රාන්තයක් වන මේන් නම් ප්‍රාන්තයේ වයස අවුරුදු 8 ක් වූ පිරිමි දරුවන් දෙදෙනෙක් බදාදා දිනයන්හි ව්‍යාපාර ඇඳුම් වන කබා සහ කලිසම් ඇඳගෙන පාසැලට පැමිණීම නිසා ප්‍රසිද්ධ වූහ. ඉක්මණින් “ජේත්තු බදාදා දිනයන්” සිසුන් කැමතිම දිනයන් බවට පත් විය. මක්නිසාදයත් අනිකුත් පංති සගයන් සහ ගුරු මණ්ඩලයද එසේ පැමිණි හෙයිනි. අදහස ඉදිරිපත් කළ ජේම්ස් ප්‍රශංසා ලැබීමට ආශා කළේය. “එය මගේ හදවතට…
දෙවියන් වහන්සේ දුන් නිපුණතා සහ තලෙන්ත
ඉතා ප්‍රසිද්ධ පියානෝ වාදකයන් වන වෑන් ක්ලිබර්න් සහ ව්ලැඩ්මීර් හොරොවිට්ස් ඇතුලු ලෝකයේ ඉතා ප්‍රසිද්ධ පියානෝ වාදකයින් පවා නිව් යෝර්ක්හී ස්ටේන්වේ සහ පුත්‍ර සමාගමේ ප්‍රධාන පියානෝ කාර්මික ෆ්‍රෑන්ස් මෝර් මත යැපුනේ තමන්ගේ පියානෝවන් සංදර්ශන සඳහා සුදානම් කර ගැනීම සඳහාය. ඔහු විශිෂ්ඨ පියානෝ සූසර කරන්නෙක් විය. මෝර්ව සොයා ගියේ පියානෝ ගැන ඔහුගේ සූක්‍ෂම දැනුම නිසාත් වසර ගණනාවක් මුළුල්ලේ දියුණු කරගත් ශ්‍රේෂ්ඨ නිපුණතාවය…