ප්‍රවර්ගය  |  Uncategorized

පස් වෙනුවට අලංකාරය

එක් සවස් වරුවක මාගේ නිවස අසළ හිස් ඉඩමක දමා තිබූ පස් පේළි කිහිපයක් දුටුවෙමි. එක් එක් පේළියේ කුඩා දළු සහ පොහොට්ටු පිටතට නෙරා තිබුණි. පසුදා උදෑසන එහි අලංකාර රතු ටියුලිප් මල් තිබෙනවා දැක මම නැවතී බැලුවෙමි.

ඊට පෙර සරත් සමයේ චිකාගෝහී දකුණු පළාතේ හිස් ඉඩම්වල දහස් ගණන් ටියුලිප් අල සිටුවා තිබුණි. ඔවුන් රතු තෝරා ගෙන තිබුණේ වැඩි වශයෙන් සුළුතර ජනතාව…

දෙවියන්වහන්සේ කළ දේ ඔවුන්ට කියන්න

මගේ විශ්ව විද්‍යාල මිතුරා වන බිල් ටොබියාස් වසර ගණනාවක් පැසිපික් දූපත්වල මිෂනාරිවරයෙක් ලෙස සේවය කර ඇත. වස්තුව සෙවීමට තම ගම අත්හැර වෙනතක ගිය තරුණයෙක් ගැන ඔහු පවසයි. නමුත් මිතුරෙක් ඔහුව සභාවට ගෙන ගිය අතර එහිදී ඔහු යේසුස් ගැන ශුභාරංචිය අසා ඔහුගේ ගැළවුම්කරුවාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කළේය.

“ගැඹුරු ලෙස අනවින කොඩිවින” කෙරෙහි ඇලී සිටි තම සෙනග වෙත ශුභාරංචිය ගෙන යාමට මෙම…

සිප ගැනීමෙන් නිවැරදි කිරීම

ජෝර්ජ් මැක්ඩොනල්ඩ්ගේ ණැනවත් ස්ත්‍රීය යන උපමාවේ ඔහු ගැහැණු ළමුන් දෙදෙනෙක්ගේ කථාවක් පවසයි. ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය ඔවුන්ද ඇතුලුව සියල්ලන්ටම දුක්බිතකම ගෙන ආවේය. නමුත් ණැනවත් ස්ත්‍රියක් ඔවුන්ව පරීක්‍ෂණ කිහිපයක් තුළින් යවා ඔවුන්ව නැවතත් “ආදරණීය” තත්ත්වයකට ගෙන ඒමට උපකාර කළාය.

ඒ දැරියන් එක් එක් පරීක්‍ෂණය අසමත් වී ලැජ්ජාව සහ තනිකමට මුහුණ දෙන විට ඔවුන්ගෙන් එක් දැරියක් වන රොස්මන්ඩ් තමන්ට තමන්වම වෙනස් කළ නොහැකි බව…

අහස දෙස බලන්න

සෑම කෙනෙක්ම ඉක්මණින් අවදි වීම හෝ දවස අවසානයේ වැඩිපුර නැවතී සිටීම ඇලෙක්ස් ස්මෝලි අපේක්‍ෂා කරයි. මන්ද? ඉර නැගීම සහ බැසීම බලා සිටීමටයි. ස්මොලිට අනුව ඉක්මණින් නැතිවන මොහොතවල් ඉතා අලංකාරය. විශ්මය මතු කරන්නේය. ඔහු විශ්මය වැඩිකරන කාල ගුණික බලපෑම් ගැන ප්‍රධාන පර්යේෂකයාය. නිල් ආකාශ සහ දීප්තිමත් රාත්‍රී දර්ශනවලට වඩා හිරු බැස යාම් සහ නැගීම් සතුට වැඩිකර ධනාත්මක හැඟීම් ඉහළ නංවමින් ආතතිය…

අපගේ ආත්මික තියුණු බව පවත්වා ගැනීම

රොකී චිත්‍රපට මාලාව පවසන්නේ කිසිසේත් අත්නාරින ධෛර්යයකින් බලගැන්වී සිටි නොකළ හැකි දේවල් කර අධිබර පංතියේ වීරයෙක් වූ තරුණ බොක්සිං ක්‍රීඩකයෙක් ගැනය. රොකී තුනෙහි දැනට සාර්ථක රොකී තම ජයග්‍රහණ වලින් උද්ධාමයට පත්වන්නේය. රූපවාහිනී දැන්වීම් ඔහුගේ පුහුණු වීම් කාලය අඩු කළේය. වීරයා දුර්වල වී ප්‍රතිවාදියෙකු අතින් පරාජයට පත් වන්නේය. චිත්‍රපටියේ ඉතිරි කොටසින් දැක්වෙන්නේ ඔහු නැවත තම සටන් ක්‍රමය තියුණු කර ගැනීමට කරන…

ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව පතුරුවාලීම

කරුණාවද පළිගැනීමද? බේස්බෝල් ක්‍රීඩාවේදී දමා ගැසූ බෝලයක් අයිසායාගේ හිසෙහි වැදී ගතවූයේ මොහොතකි. ඔහු තම හිස බදාගෙන බිමට වැටුණි. ඔහුගේ හිස්වැස්ම (හෙල්මටය) නිසා විශාල තුවාලයක් නොවී ඔහු බේරුණු එක ගැන ස්තුතියි. ක්‍රීඩාව නැවත ආරම්භ කළ පසුව බෝලය දැමු අය උවමනාවෙන් නොකළ නමුත් උනු වරදින් කැළඹී සිටින බව අයිසායා දුටුවේය. ඒ මොහොතේදී අයිසායා කළ අසාමාන්‍ය ප්‍රතිචාරය නිසා එම වීඩියෝව සීඝ්‍රයෙන් පැතිර ගියේය.…

අතීතයේ සහ වර්තමානයේ දෙවියන්වහන්සේ

අපගේ දරුවන් හැදී වැඩුණු ඔරිගන් නගරයෙන් පැමිණ දැන් වසර ගණනාවකි. එහිදී අපට බොහෝ මතකයන් තිබුණි. අපගේ දැරියන්ගේ පාපන්දු ක්‍රීඩා, අපගේ පැරණි නිවස, සභා එකතුවීම්, අපගේ මිතුරන්ගේ මෙක්සිකානු ආපන ශාලා වැනි මට අමතක වූ අවස්ථාවන් මෑතකදී ගිය මේ ගමනෙන් මගේ මතකයට නැගුණි . නගරය වෙනස් වූවත් නැවත වරක් එහි යාමට අවශ්‍ය වූ මගේ ආශාව උද්දීපනය කරන්න සුපුරුදු දේවල් ප්‍රමාණවත් විය.

ඉශ්‍රායෙල්වරු…

දෙවියන්වහන්සේව දැන ගැනීමට සැළැස්වීම

කැතරින්ගේ බයිබල් පරිවර්තන කාර්යට හේතුව වූයේ දෙවියන්වහන්සේට සහ සෙනගට ඇති ප්‍රේමයයි. ඔවුන්ගේම මව් භාෂාවෙන් බයිබලය කියවීමෙන් ඉන්දියාවේ කාන්තාවන් දේව වචනය ගැන ගැඹුරු අවබෝධයක් ලබන විට ඇය ප්‍රීති වූවාය. ඇය පවසන්නේ ඔවුන් එසේ කියවන විට “ඔවුන් බොහෝ විට ඔල්වරසන් දී අත්පුඩි ගසන බවය. ඔව්හු යේසුස්වහන්සේ ගැන කියවා “ඕ... මනහරයි” කියා කියන බවය.

වැඩිපුර සෙනගක් ඔවුන්ගේ මව් භාෂාවෙන් බයිබලය කියවීම කැතරින්ගේ ආශාව…

දෙවියන්වහන්සේ කැඳවා සන්නද්ධ කර ඇත

“ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔබගේ කාර්යය නම් ක්ෂනිකව ගුවන් විදුලි වැඩසටහනක් සංවිධානය කිරීමයි” කියා මගේ ප්‍රධානියා මට දැන්වූයේය. මෙය මට අලුත් දෙයක් වූ බැවින් මට බියක් දැණුනි. දෙවියන්වහන්ස, මෙවැනි දෙයක් මම කිසි දිනෙක කර නැත. මට උපකාර කළ මැනව කියා මම යාච්ඤා කළෙමි.

දෙවියන්වහන්සේ මට අවශ්‍ය මූලාශ්‍රද මග පෙන්වීමට සෙනගද අත්දැකීම් ඇති තාක්‍ෂණික කාර්මිකයන්ද නිවේදකයන්ද සැපයූ අතර මට මග හැරී ඇති…

ස්ථානයේ වෙනසක්

2020 දී කොරෝනා වෛරසය පැතිරීම පටන් ගත් කාලයේදීම මගේ මිතුරිය වූ ජොඇනා අංශභාග රෝගය වැළඳී මිය ගියාය. පළමුවෙන් ඇගේ පවුලේ අය දැන්වූයේ ඇගේ සිහිකිරීමේ මෙහෙය සභා ගොඩනැගිල්ලේ පවත්වන බවය. නමුත් සහභාගී වන සෙනග පාලනය කිරීම සඳහා පසුව මල් ශාලාවක පැවැත්වීමට තීරණය කරන ලදී. මාර්ගගත අලුත් දැන්වීමෙන් කියැවුනේ “ජොඈන් වොර්නර්ස් - ස්ථානය වෙනස් විය” කියාය.

එසේය. ඇයගේ ස්ථානය වෙනස් වූයේය. ඇය…