ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස
1849 දී හෙන්රි (පෙට්ටි) බ්‍රවුන් (වර්ජිනියාවේ වහලෙක් වූ එක්සත් ජනපදයේ මිනිසෙකි) පෙට්ටියකට බැස “වියලි ආහාර” යන්න එහි ලියා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් විසින් ඔහුව රිච්මන්ඩ් සිට ෆිලඩෙල්ෆියාව දක්වා නැව්ගත කළහ. බ්‍රවුන් (අඩි 3 X 2.5 X 2) පෙට්ටියේ පැය 26 ක් ගත කළ අතර වාතය සඳහා කුඩා හිල් තුනක් සකසා තිබුණි. නිදහස වෙනුවෙන් සටන් කළ අය බ්‍රවුන්ව පිටතට ගත් විට නිදහස…
දෙවියන් වහන්සේගේ මුහුණ සෙවීම
බටහිර ඔරිගන්හි 18 අධිවේගයේ සරත් සෘතුවේ ගමන් කරන අයට සතුට ගෙන දෙන විශ්මයකින් පිළිගැනෙන ගස් වලින් ගහණ කඳුකර මාර්ගයේ යෝධ සිනහවෙන් පිරුණු මුහුණක් දක්නට ලැබේ. ප්‍රසන්න මුහුණ පෙනෙන්නේ සරත් සෘතුවේ පමණක්ය. ඉඳිකටු මෙන්වූ ලාච් ගස් වල කෙඳි කහ පාටට හැරේ. ඒ අවට ඇති කොළ පාට ෆර් ගස් වලට පරස්පරවය (ඉන් ඇස් සහ මුඛය නිර්මාණය වේ). ලී සමාගමක් මීටර් තුන් සියයක…
නිවසට යාමට ආශාව
එතල් සහ එඩ් ජීවත් වන්නේ ගල් සහිත කාන්තාර කඳුකරයේය. මතක සටහන් වලින් පිරි ඔවුන්ගේ ගොවිපළ වෙත අප ගිය විට කථාව ළමා කාලයට මාරු විය. ඒ උතුරු ඩකෝටාවේ තණ බිම් වල අසුන් පදිමින් මොන්ටනාහි ගවයින් බලාගත් ආකාරයයි. ඒ බොහෝ කලකට පෙරය. නිවසට යාමට තිබෙන ආශාව ඔවුන්ගේ කට හඬවල් වල මම ඇසීමි.
ගීතාවලිය 137 එවැනි හැඟීමක් ග්‍රහණය කරන්නේය. ඉශ්‍රායෙල් වරුන්ව වහල්කමට බලෙන්…
ජේසුස් වහන්සේ තුළ ප්‍රීතිය
යාම්තම් පෙනෙන හරියාකාරව නොපෙනෙන යමක් සම්පූර්ණයෙන් දැකීමට ඔබට ආශාවක් තිබේද? සී.එස්. ලුවිස් ප්‍රීතියට ආශා කළේය. “අපගේ ආශාව දැනට අපි වෙන්ව සිටින්නේ යයි සිතන විශ්වයේ යමක් සමඟ නැවත සම්බන්ධවීමයි. පිටතින් අප සෑම විටම දකින දොරක ඇතුළත දැකීමය. එය අපගේ සත්‍යය තත්ත්වයේ නිවැරදි මිණුම වන්නේය. අවසානයේදී ඇතුළට ආරාධනය ලැබීම පැරණි වේදවනාවට සුවයක්ය..... සම්පූර්ණ මනුෂ්‍යයා ප්‍රීතිය නැමති උල්පතින් සතුට පානය කිරීමකි” යයි ඔහු…
දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් කැපවී
සිංගප්පූරුවේ සියලු පිරිමින් මෙන් මටද වයස දහඅට වුන විට හමුදාවට සේවය කිරීමට සිදු විය. අනිවාර්ය බැඳීමට එකඟ වීමට මට සිදු විය. මහත් අකමැත්තෙන් වුවද වසර දෙකහමාරක් එය කිරීමට මම එකඟ වීමි. අනිත් බොහෝ පිරිමින් මෙන් අවමය කිරීමට මම උත්සාහ කළෙමි. උපදෙස් අකුරටම පිළපැදීමි. වැඩියෙනුත් නොවේ අඩුවෙනුත් නොවේ.
සමහරු කාර්යයට මුළුමණින්ම කැැපවී අත් දැකීමෙන් බොහෝ දේ එනම් නායකත්වය සහ දරා ගැනීම…
දැඩි සිතක ව්‍යුහය
ඔබගේම හදවත දැකීම මනහරය. මෑතකදී මම දුටුවෙමි. පපුවේ වේදනාව මාව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියේය. ඔහු දුන් පරීක්‍ෂණ වලින් මම මගේ හදවතේ කැල්සියම් තට්ටු මට උවමනා ප්‍රමාණයට වඩා ගොඩ නැගී ඇති අයුරු දුටුවෙමි. එයට වෛද්‍යවරු “ඇතරොස්ලෙරොසිස්” යයි කියති. ධමනි වල ඝණ වීමකි.
මම ආහාර සහ ව්‍යායාම් වල විශාල වෙනසක් කර ඇත්තෙමි. එසේම මම තේරුම් ගත්තේ මාගේ හෘදය සම්බන්ධ කාරණා එක් දිනකින්…
ගැඹුරු මුල්
2025 ලැව් ගිනි වලින් විනාශ වූ ලොස් ඇන්ජලිස් අවට පෙදෙස බැලීමට ගිය නිර්මාණ ශිල්පී ඩග්ලස් කෙන්ට්ට විමතියක් ඇති විය. පිළිස්සී අලුවී ගිය මෝටර් රථ හා පිළිස්සුණු ගොඩනැගිලි අවට ගස් ජීවමානව හරිත වර්ණයෙන් බබළනවා ඔහු දුටුවේය. බොහෝමයක අතු පතර විහිදී කඳ ශක්තිමත්ව ඵල හට ගෙන තිබුණි. කෙසේද?
වර්ෂා සහිත ශීත සෘතු දෙකකට පසු මුල් ගැඹුරට කිඳා බැස තෙතමනය උරා ගෙන අතු…
යහපත් එඬේරාට සවන් දෙමු
මම මගේ මාර්ගගත බැංකු ඇප් එක විවෘත කළ විට මා විසින් නොකරන ලද ඩොලර් 500 බැගින් වූ ආපසු ගැනීම් දෙකක් සිදුවී ඇති බව දුටුවෙමි. මම කලබලයට පත් වීමි. මම බැංකුවට කථා කළෙමි. කවුරුන් හෝ මාගේ අනන්‍යතාවය සොරා ගෙන තිබුණි. බැංකුවේ උපකාරයෙන් මාගේ කීර්ති නාමය නැවත ස්ථාපිත කර ගතිමි. නමුත් එම අත්දැකීම අනාගතයේදී එවැනි සොරකම් වළක්වා ගැනීම පිණිස අවධානයෙන් සිටීමට මට…
දෙවියන් වහන්සේගේ තෙද මහිමය දකිමු
19 වන සිය වසේ කවියෙක් වූ ජෙරාඩ් මැන්ලි හොප්කින්ස්ගේ පද දහහතරේ කවිය වන “දෙවියන් වහන්සේගේ තෙද මහිමය” මඟින් මැවීම බලගැන්වී ඇති මැණිය නොහැකි මාර්ග විස්තර වේ. හොප්කින්ස් දෙවියන් වහන්සේගේ විශ්මිත මහිමය දිලිසෙන අයුරු පහදයි. එය චංචල පිත්තල දෙන දිස්නයක් වැනි බව ඔහු කියයි. නමුත් දෙවියන් වහන්සේගේ අලංකාරය ඒ තරම් කම්පනකාරී නම් බොහෝ අයට එය මඟ හැරෙන්නේ මන්ද? හොප්කින්ස් යෝජනා කරන්නේ…
දෙවියන් වහන්සේ තුළ සරු පස
සෑම වසරකම වසන්ත සමයේ මම අපගේ ඉඩමේ පිපිඤ්ඤ බීජ සිටුවන්නෙමි. බීජ ඉක්මණින් පත්‍ර නිපදවන්නේය. නමුත් ඵල සෑදීමට කාලය අවශ්‍ය වේ. එක් ගිම්හාන සෘතුවක මම බීජ වලට ජලය වත්කර බලා සිටියෙමි. මට පිපිඤ්ඤා කිසිවක් ලැබේදැයි මම ප්‍රශ්න කර ගත්තෙමි. මම බීජ දැම්මා ළඟ වැඩිද? නැත්නම් මම බීජ දමන විට පොළොව නියමිත පරිදි උණුසුම්ව නොතිබෙන්න ඇත්ද? නමුත් එක් දිනක් මම කොළපාට බුබුළක්…