අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Glenn Packiam

ග්ලෙන් පාක්‍යයම්

..

ග්ලෙන් පාක්‍යයම් විසින් රචිත ලිපි

සේවකයා අසාගෙන සිටී

රේඩියෝව ක්‍රියාත්මකව පැවතියේ නම් ටයිටැනික් නැව ගිලෙන බව ඔවුන් දැනගන්නවා ඇත. සිරිල් එවන්ස් නමින් වෙනත් නැවක ගුවන්විදුලි ක්‍රියාකරුවෙක්, ජැක් පිලිප්ස් නම් ටයිටැනික් නැවේ ගුවන්විදුලි ක්‍රියාකරු හට පණිවුඩයක් දීමට තැත් කර තිබේ. ඒ ඔවුන්ගේ නැවට අයිස් කන්දක් හමුවූ බව දැන්වීමටයි. පිලිප්ස් මගින්ගේ පණිවුඩ යවමින් කාර්යබහුලවී, එවන්ස්ට නිහඬ වෙන්න කියා අපහාසාත්මකව කීවේය. එහෙයින් එවන්ස් ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත කර නින්දට ගියේය. විනාඩි…

ශ්‍රේෂ්ඨ වැඩක්

ඉබේ වැහෙන දොරක් නොවැසී තැබීමට ටේප් කැබැල්ලක් අලවා තිබෙනවා ආරක්‍ෂක නිලධාරියා දැක එය ගළවා දැමුවේය. පසුව ඔහු බලන විට නැවත වරක් දොරට ටේප් කැබැල්ලක් අලවා තිබුණේය. ඔහු පොලිසියට දන්වා ඔවුන් පැමිණ සොරුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක මුලස්ථානය වූ වොෂින්ටන් ඩී සී හි වෝටර්ගේට් ගොඩනැගිල්ලේ රැකියාව කළ තරුණ ආරක්‍ෂක නිලධාරියා තම රාජකාරිය අකුරටම කිරීම හේතුවෙන් විශාලතම…

දෙවියන්වහන්සේගේ ලෝකය වගා කිරීම

“තාත්තේ ඇයි ඔයා වැඩට යන්නේ?”. මාගේ දියණිය එසේ ඇසුවේ ඇය මා සමග සෙල්ලම් කිරීමට ආශා කළ නිසාය. වැඩට නොගොස් ඇය සමග සෙල්ලම් කිරීමට මම කැමැත්තෙමි. නමුත් මාගේ අවධානය යොමු විය යුතු වැඩ ලැයිස්තුවක් රැකියා ස්ථානයෙහි තිබේ. එම ප්‍රශ්නය හොඳ එකකි. අපි වැඩ කරන්නේ ඇයි? අපට සහ අප ප්‍රේම කරන අයට සැපයීම සඳහා පමණද? එහෙත් ගෙවීමක් නැතිවත් අප වැඩ කරන්නේ ඇයි?…

මිළ අධික ප්‍රීතිය

ඩිජිටල් සංගීතය ඇසුණි. අපි සයදෙනාම ක්‍රියාත්මක වූයෙමු. සමහරු පාවහන් දමා ගත්හ. තවත් අය පාවහන් නැතුව දොරෙන් පිටවූහ. තත්පර කිහිපයකින් අපි අයිස්ක්‍රීම් වෑන් එක හඹා ගියෙමු. ඒ ශ්‍රීෂ්ම සෘතුවේ පළමු උණුසුම් දිනය විය. එය සැමරීමට හොඳම ක්‍රමය ශීත මිහිරි අයිස්ක්‍රීම්ය. අප සමහර දේවල් කරන්නේ ඒවා අපට ගෙන එන ප්‍රීතිය නිසා පමණී. යුතුකමක් හෝ විනයක් හෝ නිසා නොවේ.

මතෙව් 13:44-46 හි දක්වා…

අපව අවතක්සේරු කර ගැනීම

තරුණයා තම කණ්ඩායමේ නායකයා විය. වෘතිමය ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූයේ අහිංසක රැවුළවත් හරියට වැඩී නැති දරුවෙකි. ඔහුගේ පළමු මාධ්‍ය සාකච්ඡාව අසාර්ථක එකක් විය. ඔහු සෑම ප්‍රශ්නයක්ම තම පුහුණුකරු සහ කණ්ඩායමට භාර කළේය. ඔහු ඉඳහිට පැවසුවේ තමාගේ රාජකාරිය ඉටු කිරීමට තමා බලාපොරොත්තු වන බවය. එම වසරේ කණ්ඩායම සාර්ථක නොවීය. එය අවසන් වන විට නායකයා මාරු කරනු ලැබීය. ඔහුට දී තිබූ අධිකාරිත්වය…

තේරීම්වල අවසානය

ජංගම දුරකථන සේවයක් හෝ මංපෙත් සිතියමක් හෝ නොමැතිව, අපට මඟපෙන්වන්නට තිබුනේ, මංසන්ධියේ සවිකර තිබූ සිතියමක මතකයක් පමණි. පැයකට වැඩි කාලයක් ගතවූ පසු, අපි වනයෙන් පිටතට ඇවිත් රථ ගාලට ලඟා වූයෙමු. සැතපුම් භාගයක ගමනක් අවසන් කරන හැරවීම් ලක්‍ෂය මඟහැරුනු නිසා අපට සිතුවාට වඩා දුරක් ඇවිදින්නට සිදුවිය.

ජීවිතයත් එසේ විය හැකියි: යම් දෙයක් නිවැරදි ද වැරදි ද කියා අසන්නට පමණක් නොව එහි…

ආශිර්වාදාත්මක රොටී

අපගේ වැඩිමහල් දියණිය යෞවන වයසට පත්වූ විට මාත් මගේ භාර්යාවත් ඇයට සටහන් පොතක් දුන්නෙමු. එම සටහන් පොතෙහි ඇයගේ උපතේ සිට ලියන ලද සටහන් ඇතුලත් විය. ඇගේ රුචි අරුචි, ශබ්ද, එක වාක්‍යයේ කථාබස්, එහි ලියා තිබුණි. පසුව සටහන්, ලිපි ලෙස දිස් විය. අප ඇය තුළ දකින දේවල් සහ දෙවියන්වහ්නසේ ඇය තුළ කරන ක්‍රියාවන්ද එහි ඇතුළත් වුනි. ඇගේ දහතුන් වන උපන් දිනයේදී…

බෙදා ගැනීම පිණිස කැඩී

ඔහුගේ භාර්යාව රිය අනතුරකින් මිය ගිය පසු අපි සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වූයෙමු. සමහර විට ඔහු පිළිතුරු නැති ප්‍රශ්න ගෙන එයි. සමහර විට නැවත ජීවත්වීමට කැමති මතක සටහන් ඔහු පැවසීය. කාලයාගේ ඇවෑමෙන් අනතුර අපගේ ලෝකයේ බිඳුණුකම නිසා ඇති වූවාක් වුනද එහි මධ්‍යයේ දෙවියන්වහ්නසේට ක්‍රියා කළ හැකි බව ඔහු පිළිගත්තේය. වසර කිහිපයකට පසු ඔහු අප සභාවේ පාඩමක් ඉගැන්වීය. ඉන් කියවුනේ දුක සහ…