ඔහුගේ භාර්යාව රිය අනතුරකින් මිය ගිය පසු අපි සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වූයෙමු. සමහර විට ඔහු පිළිතුරු නැති ප්‍රශ්න ගෙන එයි. සමහර විට නැවත ජීවත්වීමට කැමති මතක සටහන් ඔහු පැවසීය. කාලයාගේ ඇවෑමෙන් අනතුර අපගේ ලෝකයේ බිඳුණුකම නිසා ඇති වූවාක් වුනද එහි මධ්‍යයේ දෙවියන්වහ්නසේට ක්‍රියා කළ හැකි බව ඔහු පිළිගත්තේය. වසර කිහිපයකට පසු ඔහු අප සභාවේ පාඩමක් ඉගැන්වීය. ඉන් කියවුනේ දුක සහ හොඳින් වැළපෙන ආකාරයයි. ඉක්මණින්ම සෙනග තම දුක කියන්නට යන පුද්ගලයා ඔහු විය. සමහර විට දෙන්ට දෙයක් නැතැයි අප සිතන විට දෙවියන්වහන්සේ “මදි දෙය” රැගෙන අවශ්‍ය ප්‍රමාණයටත් “වඩා එය වැඩි” කරන සේක.

සෙනගට යමක් දෙන්න යයි යේසුස්වහන්සේ තම ගෝලයන්ට කී සේක. දීමට යමක් ඇත්තේ නැතැයි ඔව්හු මැසිවිලි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ අවම සැපයුම ගෙන එය වැඩිකර නැවත ගෝලයන්ට දුන්නේ “මම කිව්වේ! නුඹලා ඔවුන්ට කන්ට දෙන්න” (ලුක් 9:13-16) කියා කියන්නාක් මෙනි. ක්‍රිස්තුස්වහන්සේ හාස්කම් කරන සේක. නමුත් උන්වහන්සේ බොහෝ විට අපව ඒවාට සහභාගී කර ගන්නා සේක.

යේසුස්වහන්සේ පවසන්නේ “ඔබ ඉන්නා හැටියට එන්න. ඔබගේ අතෙහි ඇති දෙය මට දෙන්න. ඔබගේ බිඳුණු ජීවිතය, ඔබගේ කථාව, ඔබගේ දුර්වලකම් සහ ඔබගේ අසමත්වීම්, ඔබගේ වේදනාව සහ ඔබගේ පීඩාවන් මාගේ දෑතෙහි තබන්න. එයින් මට කළ හැකි දෙය ගැන ඔබ විශ්මිත වනු ඇත” කියාය. අපගේ හිස්කමින් පූර්ණත්වය ගෙන ඒමට පුලුවන් බව යේසුස්වහන්සේ දන්නා සේක. අපගේ දුර්වලත්වය තුළින් උන්වහන්සේගේ ශක්තිය එළිදරව් කරන්න උන්වහන්සේට පුළුවන.