Archives: අප්‍රේල් 2020

ඇත්තෙන්ම නිදහස්

අමිස්ටාඩ් යන චිත්‍රපටිය 1839 බටහිර අප්‍රිකානු වහල්ලුන් තමන් රැගෙන යන බෝට්ටුවේ පාලනය අතට ගෙන එහි කපිතාන් සහ සේවකයින් සමහරක් මරා දැමු කථාව විස්තර කරයි. අවසානයේදී ඔවුන් නැවත අල්ලාගෙන, සිරගත කර පසුව උසාවියට ඉදිරිපත් කරන ලදී. අමතක කළ නොහැකි උසාවි දර්ශනයක සින්කේ නම් වහල් නායකයා ඉතාම ආවේගයෙන් යුතුව නිදහස ඉල්ලා කන්නලව් කරයි. සරල වචන තුනක් - විලංගු දැමූ මිනිසෙක් බිඳුනු ඉංග්‍රීසියෙන්…

ඔබ අසලමයි

යෙරුසලමේ තැපැල් කාර්යාලයක සෑම දිනම එහි සේවකයින් බෙදාහැරිය නොහැකි ලිපි ගොඩවල් වර්ග කරමින් ඒවා ලැබිය යුත්තන්ට ලබා දෙන්නට උත්සාහ දරති. ඒවායින් බොහොමයක් ඉතිරි වෙන්නේ “දෙවියන්වහන්සේට ලිපි” යන්නෙන් නම් කරන ලද විශේෂ පෙට්ටියකයි.

සෑම වසරකම මෙවැනි දෙවියන්වහන්සේට හෝ යේසුස්වහන්සේට හෝ ලියන ලද ලිපි දහස් ගණනක් යෙරුසලමට ලැබෙති. මේවා සමඟ කුමක් කරන්නටද කියා සිතාගන්නට බැරිව එක් සේවකයෙක් මෙම ලිපි යෙරුසලමේ බටහිර තාප්පයට…

30 day prayer for corona

යාච්ඤාව

කොරෝනාවට එරෙහි දින 30 යාච්ඤා සටන

අපි ප්‍රශංසා කරමු

සෑම දිනම දහවල් 3.16 ට ශෙලීගේ දුරකථනයේ සීනුව නාද වූ විට ඇය ප්‍රශංසා විවේකයක් ගන්නීය. ඇය දෙවියන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ යහපත්කම මතක් කරගන්නීය. දවස පුරාම ඇය දෙවියන්වහන්සේ සමඟ කථාකරන නමුත් ශෙලි ඉතාමත්ම ආශාවෙන් මේ විවේකය ගන්නේ උන්වහන්සේත් සමඟ ඇයට ඇති සමීප සම්බන්ධතාවය සමරන්නට ඇයට උපකාරි වෙන නිසාය.

ඇගේ ප්‍රීතිමත් භක්තියෙන් දිරිගැන්වී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවට ස්තුති කරන්නට සහ තවමත් ගැළවීම ලබා…

ජල මැදින්

“ද ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්” යන චිත්‍රපටියෙන් අපට කියන්නේ ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කාලයේ නිව්ටන් නයිට්වරයා හමුදාව අතහැර ගිය කණ්ඩායමක් සහ වහල්ලුන් සමහරක් සමග යුනියන් හමුදාවට ආධාර කර යුද්ධයෙන් පසුව වහල් හිමියන්ට විරුද්ධ වුන බවයි. බොහෝ අය නයිට්වරයා වීරයෙක් ලෙස සැළකූ නමුත් ඔහු හමුදාව අතහැර ගිය පසු වහලුන් දෙදෙනෙක් විසින් පළමුව ඔහුගේ ජීවිතය බේරාගන්නා ලදී. හුදෙකලා වගුරුබිමකට ඔහුව ඔසවාගෙන් ගොස් හමුදාවෙන්…