අමිස්ටාඩ් යන චිත්‍රපටිය 1839 බටහිර අප්‍රිකානු වහල්ලුන් තමන් රැගෙන යන බෝට්ටුවේ පාලනය අතට ගෙන එහි කපිතාන් සහ සේවකයින් සමහරක් මරා දැමු කථාව විස්තර කරයි. අවසානයේදී ඔවුන් නැවත අල්ලාගෙන, සිරගත කර පසුව උසාවියට ඉදිරිපත් කරන ලදී. අමතක කළ නොහැකි උසාවි දර්ශනයක සින්කේ නම් වහල් නායකයා ඉතාම ආවේගයෙන් යුතුව නිදහස ඉල්ලා කන්නලව් කරයි. සරල වචන තුනක් – විලංගු දැමූ මිනිසෙක් බිඳුනු ඉංග්‍රීසියෙන් නැවත නැවතත් කෙමෙන් වැඩිවන බලයෙන් යුක්තව හඬ නගමින් – අවසානයේ උසාවිය නිහඬ කරවිය. “දෙන්න අපට නිදහස!” යුක්තිය ඉටුවී ඔවුන් නිදහස ලැබුහ.

අද දින බොහෝ අය ශාරීරිකව බන්ධනයට ලක් වීමේ අවධානයට මුහුණ දෙන්නේ නැති වූවත් පාපයේ ආත්මික බන්ධනයෙන් සැබෑ විමුක්තිය ලබාගැනීමට තවමත් අපොහොසත් වී ඇත. යොහන් 8:36 යේසුස් වහන්සේගේ වචන වලින් මිහිරි සහනයක් පිරිනැමේ “එහෙයින් පුත්‍රයා ඔබ සැම නිදහස්කරන්නේ නම් සැබැවින් ඔබ සැම නිදහස්වන්නහුය”. යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකුට සමාව දෙනු ලබන බැවින් සැබෑ විමුක්තියේ උල්පත උන්වහන්සේ බව පෙන්වා දුන් සේක. යේසුස්වහන්සේ සමඟ එතැන සිටි සමහරුන් ඔවුන්ගේ නිදහසට හිමිකම් කීවත් (33පදය) යේසුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ වචන, ආකල්ප සහ ක්‍රියාවන් ඔවුන්ගේ හිමිකම පාවා දුන්නේය.

සින්කේ ගේ ආයාචනය දෝංකාර දෙමින් “මට නිදහස දෙන්න!” කියන අයගේ හඬ අසන්න යේසුස්වහන්සේ ආශාවෙන් බලා සිටින සේක. අවිශ්වාසය හෝ බිය හෝ අසාර්ථකත්වයේ විලංගු දමා ඇත්තන්ගේ හඬ අසන්නට දයානුකම්පාවෙන් යුක්තව උන්වහන්සේ බලා සිටින සේක. නිදහස යනු හදවතේ කාරණයකි. එවන් නිදහසක් වෙන් කර ඇත්තේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත් එතුමන් මෙලොවට එවන ලද්දේ උන්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම තුළින් අපව වෙලා ගෙන ඇති පාපයේ බලය බිඳදැමීමට බවත් විශ්වාස කරන අයට පමණි.