Archives: පෙබරවාරි 2020

රහස

මගේ සුරතල් පූසා වන හෙල්ත්ක්ලිෆ්, ෆෝමෝ යන රෝගයෙන් (යම් දෙයක් මග හැරේය යන භිය) පීඩා විඳීයි. සමහර විට මම අවිශ්වාස කළෙමි. මම සිල්ලර බඩු රැගෙන පැමිණි විට හෙල්ත්ක්ලිෆ් දිව ගෙන අවුත් එහි ඇත්තේ කුමක්දයි ඉව කරයි. මම එළවළු කපද්දී ඌ පස්සා කකුල් දෙකෙන් සිට ගෙන මම කරන දේ බලමින් ඌත් සමග එය බෙදා ගන්නා ලෙසට කන්නලව් කරයි. මම ඇත්තෙන්ම උගේ…

දරා ගැනීමට ඇදහිල්ල

අර්නස්ට් ෂැකල්ටන් (1874-1922) 1914 දී ඇන්ටාටිකාව හරහා ගමන් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුණි. සුදුසු ලෙස නම් කර තිබු ඔහුගේ “දරා ගැනීම” යනුවෙන් හැඳින්වූ නැව වෙඩල් මුහුදේ දැඩි අයිස් තුළ සිරවුණි. ජීවිතය බේරාගැනීම පවා විශාල දරා ගැනීමක් විය. සෙසු ලෝකය සමග සම්බන්ධ වීමට කිසි මාර්ගයක් නැති ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් අසල තිබු එලිෆන්ට් දුපතට ගියහ. කණ්ඩායමේ බොහෝ අය දුපතේ…

බලාපොරොත්තු නොවූ වෙනස

1943 ජනවාරියේ ඌෂ්ණාධික චයිනුක් සුළං දකුණු ඩැකෝටාවේ ස්පියර්ෆිෂ් ප්‍රදේශයට හැමුවේය. ඌෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ අංශක 4 සිට 45 දක්වා (සෙල්සියස් ඍණ 20 සිට 7 දක්වා) වැඩිවිය. එම භයංකාර කාලගුණ වෙනස එනම් අංශක 49 ක් නෙස් වීමට ගත වූයේ විනාඩි දෙකකි. එක්සත් ජනපදයේ පැය 24 ක් තුළ වැඩිම කාලගුණ වෙනස අංශක 103 කි. ඒ 1972 ජනවාරි 15 වන දින ලෝමා මොන්ටානා ප්‍රදේශයේ…

ප්‍රීතියේ සිතුවිලි

“අප හඹා යන්නා දේවල් තුළ” යන බිල් ෂාපිරෝගේ සම්මූඛ පරීක්‍ෂණ පෙළ තුළදී එක් එක් කෙනා තමාගේ ප්‍රීතිය තබා ගන්නා පිණිස ඔහු හෝ ඇය වැදගත්කමක් දෙන එක් දෙයක් ප්‍රකාශ කළෝය.

මමද මට විශාලම ප්‍රීතියක් දෙන වස්තූන් ගැන කල්පනා කිරීමට පෙළඹුණෙමි. එකක් මාගේ මවගේ අත් අකුරින් ලියූ වසර හතලිහක් පමණ පැරණි ආහාර වට්ටෝරුවකි. අනික ආච්චි අම්මාගේ රෝසපාට තේ බොන කෝප්පයකි. අනික් අය…

යේසුස්වහන්සේ කෙරෙහි පොහොසත්වීම

විශාල මූල්‍ය අවපාතය කාලයෙහි ජීවත්වූ මාගේ දෙමාපියන් දරුණු අසීරුතා තුළින් ගියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔව්හු වෙහෙස වී වැඩ කළෝය. කෘතවේදී මුදල් ගබඩාකරුවන් වූහ. නමුත් ඔව්හු කෑදර නොවූහ. ඔවුන්ගේ කාලය, තලෙන්ත, මුදල් තම සභාවට, සමාජ සේවා ආයතවනවලට සහ අවශ්‍යතා ඇති අයට දුන්හ. ඔව්හු තම මුදල් ණැනවත්ව භාවිතා කර සතුටින් දුන්නෝය.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස ඔව්හු අපෝස්තලු පාවුල්ගේ අනතුරු ඇඟවීම සිතට ගත්තෝය.…

යේසුස්වහන්සේ විසින් නිදහස් කරනු ලැබ

“මම මගේ මව සමග බොහෝ කාලයක් ජීවත්වූ අතර ඇය වෙන ගෙයකට ගියාය”. ඒ කේ.සී. ගේ වචනයි. යේසුස්වහන්සේට ජීවිතය භාර කිරීමට පෙර ඔහුගේ ජීවිතය අලංකාර නොවීය. ඔහු තම අබ්බැහිකමට මුදල් සොයා ගත්තේ තම ප්‍රියයන්ගෙන් පවා මුදල් සොරකම් කිරීමෙන් බව ඔහු සෘජුවම පිළිගනී. ඒ ජීවිතය දැන් ඉතිහාසයට එක්වී තිබේ. ඔහු දැන් පවිත්‍රව සිටි කාලය වසර, මාස සහ දින ගණන් වලින් ප්‍රකාශ කරයි.…

සිදුරු කරන ලද ප්‍රේමය

ඇය ඔහුට දුරකථනයෙන් ඇමතුවාය. දුරකථන පණිවුඩ යැව්වාය. දැන් කාර්ලා, ඇගේ සහෝදරයාගේ අගුල් දැමූ ගේට්ටුව ඉදිරිපිට සිටින්නීය. මානසික ආවපාතය සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිකමින් හෙම්බත්ව ඇයගේ සහෝදරයා ඔහුගේම නිවසේ සැඟවී ඉන්නේය. කාර්ලා ඔහු ආශා කරන කෑම වර්ග කිහිපයක් සමග බයිබල් පද කිහිපයක් පාර්සල් කර වැටෙන් එහාට පහත් කළාය.

නමුත් පාර්සලය ඇයගේ ග්‍රහණයෙන් ගිලිහී ගේට්ටුවේ උලක ඇණුනේය. පාර්සලය ඉරී එහි තිබූ දේවල් පස්…

පුරාණ පොරොන්දු

1979 දී ආචාර්ය ගේබ්‍රියෙල් බාර්කේ සහ ඔහුගේ කණ්ඩායම යෙරුසලමේ කනත්තක තිබී රිදී වර්ණ හකුලන පොත් දෙකක් සොයා ගත්තේය. වසර විසි පහක දැඩි නිරීක්‍ෂණ වලින් පසු 2004 දී විද්වතුන් ස්ථිර කළේ ඒවා දැනට ඇති පැරණිම බයිබලීය පිටපත් කියාය. ඒවා වළලා ඇත්තේ ක්‍රි.පූ. 600 දීය. එම පොත්වල සඳහන් දේවල් මගේ සිතට වැදුණේය. ඒ තම සෙනග මත දෙවියන්වහන්සේ වැගිර වීමට බලාපොරොත්තු වූ පූජක…

තමන්ට අයිති ස්ථානයක්

තමන්ගේ ප්‍රථම කාලත්‍රයන් ඛේදනීය ලෙස මිය ගොස් ටික කලකට පසු රොබී සහ සබ්රිනා ප්‍රේමයෙන් වෙලී විවාහ වී ඔවුන් දෙදෙනාගේ පවුල් එකතු කළෝය. ඔවුන් අලුත් ගෙයක් සාදා එයට “හවීලා” යයි නම් තැබූහ. එහි අර්ථය වේදනාවෙන් මිරිකී යමක් නිපදවීමය යන්නයි. වේදනාව තුළින් අලංකාර යමක් පිටතට ගෙන ආ හැකි බව එයින් පෙන්නුම් වන්නේය. ඔවුන් පවසන්නේ එම ගෙය සෑදුවේ අතීතය අමතක කිරීමට නොව අළුවලින්…

අමාරුම ස්ථාන

ජෙෆ් වරක් හෙරොයින් වලට ඇබ්බැහිවී සිටි නගරයේම අද ඔහු තරුණයන්ට සභාපාලකයෙකු ලෙස සිටින්නේය. දෙවියන්වහන්සේ විශ්මිත ලෙස ඔහුගේ ජීවිතය සහ අවස්ථා වෙනස් කළ සේක. “මා කළ වැරදි සහ මා විඳි වේදනාවෙන් තරුණ තරුණියන් බේරා ගැනීමට මට අවශ්‍යය” කියා ජෙෆ් කියයි. “යේසුස්වහන්සේ ඔවුන්ට උදව් කරයි”. දෙවියන්වහන්සේ ඔහුව ඇබ්බැහිකම නැමැති වහල් කමින් මුදවා ගෙන ඔහුගේ අතීතය මකා දමා ඔහුට අනර්ඝ සේවයක්ද දුන් සේක.…