අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Glenn Packiam

ග්ලෙන් පාක්‍යයම්

..

ග්ලෙන් පාක්‍යයම් විසින් රචිත ලිපි

අසීරු කාලවලදී යාච්ඤා කිරීම

තම පිරිමි දරුවන්ව හදා වඩා ගත් රුසියානු අනාථ නිවාසයේ ඇති බියකරු නිශ්ශබ්දතාවය නිරීක්ෂණය කිරීමෙන් පසුව කර්තෘ සහ දේවධර්මාචාර්ය රසල් මුවර් මෙසේ විස්තර කළේය. ඔවුන් හැඬුවාට කිසිවකු ප්‍රතිචාර නොදක්වන බව දැනගත් නිසා ළදරුවන් හැඬීම නැවැත්වූ බව යමෙක් පැහැදිලි කළේය.

අපි දුෂ්කර කාලවලට මුහුණ දෙන විට, කිසිවෙකු අපට ඇහුම්කන් නොදෙන බව අපටත් දැනෙන්නට පුළුවනි. නමුත්, වඩාත් දරුණු දෙය වන්නේ දෙවියන්වහන්සේ අපගේ මොරගැසීමට…

විලාපයෙන් ප්‍රශංසාවට

මොනිකා තම පුතා නැවත දෙවියන්වහන්සේ වෙත පැමිණෙන ලෙස දැඩි ලෙස යාච්ඤා කළාය. ඇය තම පුතාගේ වැරදි මාර්ග ගැන හඬා වැලපුණ අතර ඔහු ජීවත් වීමට තෝරාගත් විවිධ නගරවල පවා ඔහුව සොයා ගියාය. තත්ත්වය බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබුණි. නමුත් එක් දිනක් එය සිදු විය: ඇගේ පුතාට දෙවියන්වහන්සේ සමඟ බලවත් හමුවක් සිදු විය, ඔහු සභාවේ ශ්‍රේෂ්ඨතම දේවධර්මාචාර්යවරයෙකු බවට පත් විය. අපි ඔහුව…

මුදා ගන්නා දෙවියන්වහන්ස

දේශනා නිදර්ශනයක කොටසක් ලෙස, මම, වේදිකාවේ කලාකාරියෙකු විසින් නිර්මාණය කරන ලද අලංකාර සිතුවම දෙසට ගොස් එහි මැදින් අඳුරු රේඛාවක් ඇන්දෙමි. සභාව භීතියට පත් විය. ඇය නිර්මාණය කළ දේ මා විකෘති කරනවා කලාකාරිය නිහඬව බලා සිටියාය. ඉන්පසුව, ඇය කාරුණිකව නව බුරුසුවක් තෝරා ගෙන, විනාශ වූ සිතුවම විශිෂ්ට කලා කෘතියක් බවට පත් කළාය.

ඇයගේ ප්‍රතිසංස්කරණ කටයුතු මට මතක් කර දෙන්නේ අපි අපගේ…

දෛනික යැපීම

එක් උදෑසනක අපේ කුඩා දරුවන් උදෑසනම අවදිවී තමන්ගේම උදෑසන අහාර වේල පිළියෙළ කිරීමට තීරණය කළෝය. එම සතිය තුළ බොහෝ වැඩ කටයුතු වලට මුහුණ දී වෙහෙසට පත්ව සිටි මම සහ මගේ බිරිඳ එම සෙනසුරාදා අවම වශයෙන් උදෑසන 7 වන තුරුවත් නිදා ගැනීමට උත්සාහ කළෙමු. එක්වරම යමක් බිම වැටෙනවා වැනි මහත් හඬක් මට ඇසුනි! මම ඇඳෙන් පැන මුළුතැන්ගෙයට දිව ගිය අවස්ථාවේදී, කැඩුණු…

නැණවත්ද නොනැණවත්ද?

මට වයස අවුරුදු දහයේදී, තරුණ කණ්ඩායමේ මිතුරෙකුගෙන් නූතන ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක සංගීතය අඩංගු කැසට් පටයක් නිවසට ගෙනාවෙමි. හින්දු නිවසක හැදී වැඩුණු නමුත් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලැබූ මගේ පියා එය අනුමත කළේ නැත. ඔහුට අවශ්‍ය වුණේ අපේ නිවසේ නමස්කාර සංගීතය පමණක් වාදනය කිරීමටයි. එය ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක් බව මම පැහැදිළි කළ නමුත් ඔහුගේ තීරණය වෙනස් නොවිය. ටික වේලාවකට පසු, ඔහු මට…

සැලසුම් සහ කලින් සුදානම් වීම

2000 දී, තැපැල් මාර්ගීකව චිත්‍රපට කුලියට දීමේ අළුතින් ආරම්භ කළ සමාගමක් තම සමාගම ඩොලර් මිලියන 50 කට එවකට ගෘහස්ථ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා කුලියට දීමේ විශිෂ්ටයා වූ බ්ලොක්බස්ටර් සමාගම වෙත විකිණීමට ඉදිරිපත් විය. නෙට්ෆ්ලික්ස් සමාගම වෙත දළ වශයෙන් ග්‍රාහකයින් 300,000 සිටි අතර බ්ලොක්බස්ටර් සමාගමට ග්‍රාහකයින් මිලියන අතිවිශාල ගණනක් සිටියහ. බ්ලොක්බස්ටර් ඔවුන්ගේ කුඩා තරඟකරුවා මිලදී ගැනීමට ලද අවස්ථාව මගහැරගත්තේය. එහි ප්‍රතිඵලය…

අංග සම්පූර්ණ තූර්ය වාදක කණ්ඩායමක් මෙන්

මගේ බිරිඳ සෑම විටම දකින්න කැමතිව සිටි රංගන ශිල්පියෙකුට සවන් දීම සඳහා ප්‍රසංග ප්‍රවේශ පත්‍රවලින් මම ඇයව පුදුමයට පත් කළෙමි. දක්‍ෂ ගායකයා කොලරාඩෝ තූර්ය වාදක කණ්ඩායමත් සමග සහභාගී වූ අතර පසුබිම “රෙඩ් රොක්ස්” හී අසමසම ස්ථානයක විය. එය මුහුදු මට්ටමේ සිට අඩි 6,000 කට වඩා උසින් අඩි 300 ක පාෂාණ දෙකක් අතර ඉදිකරන ලද එළිමහන් රඟ මඬලක් වුනි. මෙම සංගීත…

අන්ධකාරයට මුහුණ දෙමින්

1960 ගණන්වල මැද භාගයේදී මිනිසුන්ගේ මනසට අන්ධකාරය නිසා ඇති වන බලපෑම පිළිබඳ පර්යේෂණ සඳහා දෙදෙනෙක් සහභාගී වූහ. ඔවුන් වෙන වෙනම ගුහා වලට ඇතුළු වූ අතර පර්යේෂකයින් ඔවුන්ගේ ආහාර සහ නිදා ගැනීමේ පුරුදු නිරීක්‍ෂණය කළහ. එක් අයෙක් දින 88 කුත් අනිත් තැනැත්තා දින 126 කුත් සම්පූර්ණ අන්ධකාරයෙහිම රැඳී සිටියහ. මේ දෙදෙනා අනුමාන කළේ ඔවුන්ට කොපමණ කාලයක් අන්ධකාරයේ රැඳී සිටිය හැකිද කියාය.…

උදෑසන මෙන් ජිවත් වෙන්න

මට කාල කලාප හරහා ගුවන් මගින් ගමන් කිරීමට සිදුවූ විට දිගු ගුවන් ගමනක් නිසා ඇතිවන වෙහෙසකාරී බව වළක්වා ගැනීමට මම විවිධ ප්‍රතිකර්ම උත්සාහ කරමි. මම ඒ සියල්ල අත්හදා බලන්න ඇති කියා මම සිතමි. එක් අවස්ථාවකදී මගේ ගුවන් ගමන් ආහාර වේල මා ගමන් කරන කාල කලාපයට අනුව වෙනස් කරන්න මම තීරණය කළෙමි. සෙසු මගීන් සමග රාත්‍රී ආහාරය ගැනීම වෙනුවට මම චිත්‍රපටියක්…

ක්‍රිස්තුස්වහන්සේ තුළ හවුල්කරුවන්

වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් වන අතර ඒ මගින් සුවදායක සබඳතාවල වැදගත්කම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙනු ඇත. 1930 ස් ගණන් වලදී හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන අවුරුද්දේ සිසුන් 268 ක කණ්ඩායමක් සමග පර්යේෂණය ආරම්භ කළ අතර පසුව එය බොස්ටන්හි නගරවාසීන් 456 ක් දක්වා ව්‍යාප්ත වුනි. පර්යේෂකයින් සහභාගී වන්නන් සමග සම්මූඛ සාකච්ඡා පවත්වා ඇති අතර…