1960 ගණන්වල මැද භාගයේදී මිනිසුන්ගේ මනසට අන්ධකාරය නිසා ඇති වන බලපෑම පිළිබඳ පර්යේෂණ සඳහා දෙදෙනෙක් සහභාගී වූහ. ඔවුන් වෙන වෙනම ගුහා වලට ඇතුළු වූ අතර පර්යේෂකයින් ඔවුන්ගේ ආහාර සහ නිදා ගැනීමේ පුරුදු නිරීක්‍ෂණය කළහ. එක් අයෙක් දින 88 කුත් අනිත් තැනැත්තා දින 126 කුත් සම්පූර්ණ අන්ධකාරයෙහිම රැඳී සිටියහ. මේ දෙදෙනා අනුමාන කළේ ඔවුන්ට කොපමණ කාලයක් අන්ධකාරයේ රැඳී සිටිය හැකිද කියාය. ඔවුන් මාස ගණන් වලින් වෙනස් වූහ. කෙටි කාලයක් තමා නිදා ගන්න ඇත්තේයයි කෙනෙක් සිතුවේය. නමුත් ඔහු පැය 30 ක් නිදාගෙන සිටි බව පසුව දැන ගත්තේය. අන්ධකාරය ව්‍යාකූල බව ඇති කරයි.

දෙවියන්වහන්සේගේ සෙනඟ වහල්භාවයේ අඳුරේ සිටියහ. කුමක් සිදුවේදැයි නොදැන ඔව්හු බලා සිටියහ. අනාගතවක්තෘ යෙසායා අන්ධකාරය ඔවුන්ගේ ව්‍යාකූලත්වයේ චිත්‍රයක් ලෙසත් දෙවියන්වහන්සේගේ විනිශ්චය ගැන කථා කිරීමේ ක්‍රමයක් ලෙසත් භාවිතා කළේය (යෙසායා 8:22). මිට පෙරත් ඊජීප්තුවරුන් වසංගතයක් ලෙස අන්ධකාරයට මුහුණ දුන්හ (නික්මයාම 10:21-29). දැන් ඉශ්‍රායෙල් සෙනගද අන්ධකාරයට මුහුණ දෙති.

නමුත් ආලෝකයක් පැමිණෙනු ඇත. “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය” (යෙසායා 9:2). පීඩාව බිඳී යනු ඇත. සෑම දෙයක්ම වෙනස් කර නව දිනයක් ගෙන ඒමට ‘දරුවෙක්’ පැමිණෙනු ඇත – සමාවේ සහ නිදහසේ දිනයක් (6 පදය).

යේසුස්වහන්සේ පැමිණි සේක. ලෝකයේ අන්ධකාරය ව්‍යාකූල විය හැකි වූවත් අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සමාවේ, නිදහසේ සහ ආලෝකයේ සැනසීම අත්විඳිමු.