ඇය කප් කේක්වල ප්ලාස්ටික් ඇසුරුම වාහක පටිය මත පටවා අයකැමි දෙසට යැව්වාය. ඊළඟට උපන් දින කාඩ්පත හා චිප්ස් බෑග් පැමිණියේය. ඇගේ හිසකෙස් වෙහෙසට පත්වූ නළල මතට වැටී තිබුණේය. ඇගේ කුඩා දරුවා ඇගේ අවධානය ගැනීමට දැඩි වෙහෙසක් දැරුවාය. ලිපිකරු මුළු මුදල ප්‍රකාශයට පත් කළ විට මවගේ මුහුණ වෙනස් විය. “අහෝ! මම හිතන්නේ මම ගත් බඩු වලින් යමක් නැවත තැබිය යුතුයි කියායි. නමුත් මේවා ඇගේ දරුවාගේ සාදයටයි”. ඇය සුසුම්ලමින් තම දරුවා දෙස කණගාටුවෙන් බැලුවාය.

ඇය පිටුපස සිටගෙන සිටි තවත් ගණුදෙනුකරුවෙක් මෙම මවගේ වේදනාව හඳුනා ගත්තේය. බෙතානියේ මරියාට යේසුස්වහන්සේ පැවසූ වචනවලින් මෙම දර්ශනය හුරු පුරුදුය. “ඈට පුළුවන් දේ ඈ කළාය” (මාර්ක් 14:8). උන්වහන්සේගේ මරණයට හා භූමදානයට පෙර මිළ අධික සුවඳ විලවුන් බෝතලයකින් උන්වහන්සේව ආලේප කිරීමෙන් පසු මරියා ගෝලයන්ගේ සමච්චලයට ලක් වූවාය. යේසුස්වහන්සේ තම අනුගාමිකයන් නිවරදි කළේ ඇය කළ දේ සමරමිනි. “ඇය හැකි සෑම දෙයක්ම කළා” යයි උන්වහන්සේ පැවසුවේ නැත. නමුත් “ඈට පුළුවන් දේ ඈ කළාය” කියා කී සේක. සුවඳ විලවුන් වල අධික මිළ උන්වහන්සේට අදාළ නොවුනි. මරියාගේ ප්‍රේමය ක්‍රියාවට නැංවීම වැදගත් විය. එය යේසුස්වහන්සේ සමග සම්බන්ධතාවයේ ප්‍රතිඵලයට ප්‍රතිචාරයකි.

ඒ මොහොතේදී මව විරෝධය දැක්වීමට පෙර දෙවන පාරිභෝගිකයා ඉදිරියට නැඹුරු වී ඇගේ ක්‍රෙඩිට් කාඩ්පත යන්ත්‍රයට ඇතුළත් කර එම මිළදී ගෑනීම් සඳහා මුදල් ගෙවීය. එය විශාල වියදමක් නොවු අතර ඇයට එම මාසයේ අමතර අරමුදල් තිබුණි. නමුත් ඒ මවට එය සෑම දෙයක්ම විය. නිර්මල ප්‍රේමයේ ඉඟියක් ඇගේ අවශ්‍යතාවයේදී ගලා ආවේය.