ජේසුස් වහන්සේ අපව මුදා ගත් සේක
දක්‍ෂීණ ධ්‍රවයේ ඇමන්ඩසන් ස්කොට් නම් මුරපළේ සේවයේ යෙදී සිටි සේවකයන් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ඉක්මණින් අවශ්‍ය විය. එක් අයෙක්ට හෘදයාබාධයක් සෑදී තිබූ අතර අනෙකාට ජීවිත තර්ජනයක් වූ තරමට ගැස්ට්‍රික් ගැටළුවක් තිබුණි. ඔවුන් ගළවා ගැනීමට තිබූ එකම ක්‍රමය වූයේ ගළවා ගැනීමේ දූතනයක්ය. දරුණු තත්ත්වයන් සහ අඳුරද සෙල්සියස් අංශක සෘණ 75 (ෆැරන්හයිට් අංශක 103) සහිත පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා තිබුණු කාලගුණයද නිසා සාමාන්‍යයෙන්…
අන් අයට ඉඩ සළසා දීම
සෑම වසරකම මගේ පවුලේ අය බිත්ති දින දර්ශනයක් සැළසුම් කරති. නමුත් දැන් දැන් එය ඉඩ නැති තත්ත්වයකට පත්ව ඇත. සෑම මාසයක්ම අපි කැමතිම ඡායරූප ඇලවීමෙන් සහ වැදගත් දිනයන් සළකුණු කිරීමෙන් අපි එය හැඩ කරන්නෙමු. අපේ පවුල අලුත් සාමාජිකයන් සහ දරුවන් පිළිගන්නා විට අපි ඡායාරූප එක එක ළඟින් තබන්න උත්සාහ කරන්නේ සෑම කෙනෙක්ම ඇතුළත් වන බව සහතික කරමිනි. දැන් අපට බෙදා…
දෙවියන් වහන්සේගේ වස්තුව
වස්තුව යන්න ඇසුණු විට ඔබට මතක් වන පළමු දෙය කුමක්ද? ඔබගේ මනස වතුපිටි වෙතට යා හැකිය. එසේත් නැත්නම් කෙනෙකුට හෝ දෙයකට අයිති ගුණාංගයකට හෝ තත්ත්වයක් ගැන සිතිය හැකිය. උදාහරණයක් ලෙස යම්කිසි ලීයක ගුණාත්මක භාවය එය ගැන අවබෝධයක් ලබා දෙයි. ලීයේ මතුපිට කෙසේද? හැකිලීමට එහි ඇති ප්‍රවණතාවය. එය ජලයට ඔරොත්තු දෙයිද? වෙනත් වචනවලින් කියනවා නම් ඔබට යැපිය හැකි එහි ඇති ගුණාංග…
දෙවියන් වහන්සේ සපයන සේක
මාගේ ආදරණීය මිතුරිය වන සැලීට ඇයගේ එක් මිතුරියකට උපන් දින සාදයක් දීමට අවශ්‍ය වූවාය. ඇයගේ මිතුරිය අසීරු කාලයකින් ගිය බව ඇය දැන සිටියාය. එම නිසා ඇගේ සිත එසවීමට යමක් කළ යුතු යයි සැලී සිතුවාය. කෙසේ වෙතත්, සැලීට රැකියාවක් නොතිබුණු නිසා හොඳ උත්සවයක් සඳහා ආහාර ලබා ගැනීමට ඇයට වැඩිපුර මුදල් නොතිබුණි. එසේ හෙයින් ඇගේ ශීතකරණයේ සහ රාක්කවල යමක් ඇද්දැයි ඇය සොයා…
ජේසුස් වහන්සේ හඳුනා ගැනීම
කාලොට්ටා තරුණ වියේදී අන් අය හඳුනා ගැනීමේ විශිෂ්ඨ දීමනාවක් තම මවට ඇතැයි සිතුවාය. නමුත් විශිෂ්ඨ වූයේ කාලොට්ටාය. ඇයට කලාතුරකින් ඇතිවන ප්‍රොසොපග්නෝසියා යන තත්ත්වය තිබුණි. ඇයට මුහුණු හඳුනා ගැනීමට හෝ මතක තබා ගැනීමට නොහැකි විය.
ජේසුස් වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු ඔවුන් හඳුනා ගත යුතු අයෙකු හඳුනා නොගත් විට ජෙරුසලමේ සිට ගමන් කළ ගෝලයන් දෙදෙනෙකුට එවැනි තත්ත්වයක් තිබුණු බවක් පෙණුනි. දෙදෙනා ඊට…
හිස් වන දුර
මාගේ කුඩා වෑන් රථයේ ඩී.ටී.ඊ. කියා මාපකයක් තිබේ. එහි අර්ථය ටැංකියේ ඇති ඉන්ධන වලින් යා හැකි දුර පෙන්වීමයි. එය මට හරියාකාරව තව යා හැකි සැතපුම් ගණන ලබා දේ. අද බොහෝ අලුත් මෝටර් රථ වල මෙම උපාංගය ඇත. එය පහසුය. මට ඉන්ධන ටැංකිය පුරවා ගැනීමට අවශ්‍ය වන්න පෙර කෙතරම් දුරක් යා හැකි දැයි දැන ගැනීමට එය උපකාර වේ. ඒ මඟ නැවතීමක්…
නිර්භීත තෝරා ගැනීම
ෆ්‍රැන්කෝ සෙෆිරෙලී ජනප්‍රිය ෂෙක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍ය නිෂ්පාදනය කරන්න සුදානම් වෙද්දී ඔහු නිර්භීත තීරණයක් ගත්තේය. ඔහු ප්‍රධාන චරිත දෙකට අලුත්ම නලු නිලි දෙපලක් තෝරා ගත්තේය. ඔහු කියා සිටියේ ෂේක්ස්පියර් මෙම කථාව ලියන කාලයේ එම චරිත වල වයසට ගැළපෙන දෙදෙනෙක් තෝරා ගත් බවයි. අවසානයේදී සෙෆිරෙලි රොමියෝ ලෙස දාහත් හැවිරිදි ලෙනාර්ඩ් වයිටිංද ජුලියට් ලෙස දහසය හැවිරිදි ඔලිවියා හසීද තෝරා ගත්තේය.
ජේසුස් වහන්සේද…
හේතුවක් නැති බිය
<a href="https://www.bible.com/bible/1828/1KI.11.34-39">1 රාජාවලිය 11:34-39</a>;
|
“මම ඔබට ආදරෙයි. මම කවදාවත් ඔබව අත් නාරිමි” යනුවෙන් වූ තම ස්වාමි පුරුෂයාගේ විද්‍යුත් පණිවුඩය ජුලියා ආරක්‍ෂා කර ගත්තේ ඇයට බියක් දැනෙන සෑම විටකම කියවීම සඳහාය. කරදරකාරී ළමා කාලයන් තම ප්‍රියයන් ඇයව අත් හරිවි යන බිය ඇය තුළට දමා ඇත. ඇය බොහෝ විට ඇගේ ස්වාමි පුරුෂයාගෙන් සහතිකයක් ඉල්ලීය. වැඩ අවසන් කර ඔහු නිවසට…
මේසයේ වාඩිවූ ඇරිස්ටෝටල්
දෙවි කෙනෙකු සමඟ මිත්‍රවීමට කිසි කෙනෙකුට නොහැකි බව වරක් ඇරිස්ටෝටල් කීවේය. ඊට හේතුව මිත්‍රත්වයට සමානත්වය අවශ්‍ය වීමයි. ස්වර්ගීය තත්ත්වයෙන් පහළට බැස පහත් මිනිසුන් සමඟ සමාන වන්නේ මොන දෙවියාද?
ඇරිස්ටෝටල් අන්තිම රාත්‍රී භෝජන මේසේ වාඩිවී සිටියේ නම් කුමක් කරනු ඇත්දැයි මම කල්පනා කළෙමි (මතෙව් 26:26-35). එතැන ස්වර්ගීය තත්ත්වය අත්හැර පහත් මනුෂ්‍ය තත්ත්වයට පැමිණි සියල්ලෙහි නිර්මාතෘ ජේසුස් වහන්සේ සිටි සේක (පිලිප්පි 2:6-8;…
පීඩිතයන්ට සැළකීම
ජොසපින් බට්ලර් ප්‍රසිද්ධ දේව සේවකයෙක්ගේ භාර්යාව වූවාය. ඇය “වීදි කාන්තාවන්” යයි බොහෝ විට අසාධාරණ ලෙස චෝදනා ලැබූ අය වෙනුවෙන් පෙනී සිටියාය. සමාජය තුළ ඔවුහු “අවම සැළකිල්ලට” භාජනය වූ අය වූහ. දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් උද්දීපනය වී ඇය 1860 බ්‍රිතාන්‍ය බෝවන රෝග පනතට විරුද්ධව නැගී සිටියේ එහිදී කාන්තාවන්ව බලහත්කාරයෙන් කුරිරු ආක්‍රමණශීලි වෛද්‍ය පරීක්‍ෂණවලට ලක් වන හෙයිනි.
1883 පනත නැවත සළකා බැලීම…