දෙවියන් වහන්සේගේ සැළසුම්? දෙවියන් වහන්සේගේ සෙනඟ!
බයිබල් විදුහලක භාරකාරත්ව අරමුදලට මා බැඳුණු පසු දීර්ඝ කාලීනව එහි සිටි නායකයා ඔහුගේ විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළේය. අලුත් සභාපති කෙනෙක් සෙවීමේ කටයුත්තට සහභාගී වීමට මටද සිදුවිය. එක්ව අපි දීර්ඝ සුදුසුකම් ලැයිස්තුවක් සැකසූවෙමු. එවැනි අත්‍යාවශ්‍ය සංකීර්ණ භූමිකාවකට කෙනෙකු සොයා ගන්නේ කෙසේද?
එසේම කූඩාරමෙහි පහන් රුකෙහි දෙවියන් වහන්සේගේ විශේෂ විස්තර ගැනද මම සිතුවෙමි. මල්ද මල් පෙතිද කොට්ටම්බා මල් වැනි මල්ද අතු හයක්ද…
ජේසුස් වහන්සේට වැඩියෙන් ප්‍රේම කිරීම
ඔවුන්ගේ දේවස්ථානයේ උස කුළුණක් සාදන්නේ මන්ද කියා සාමාජිකයන් ඇසුවෝය. දෙවියන් වහන්සේගේ සම්පත් වලින් කළ හැකි හොඳම දෙය එයද? දිළිඳුන්ට කෑම සැපයීම කෙසේද? සභාපාලක පිළිතුරු දුන්නේ මෙම මුදල් සාමාජිකයින්ගෙන් ලැබුන බවත් ඔවුන්ගේ කැමැත්තට අනුව ඒවා භාවිතා කළ යුතු බවත්ය. ඊට අමතරව ඔහු ජේසුස් වහන්සේව උපුටා දක්වමින් “දිළින්දෝ නම් ඔබ සමඟ නිතරම සිටිති” (ජොහන් 12:8) යනුවෙන් කීවේය.
සභාපාලක ඔහුගේ නොසැලකිලිමත්, සන්දර්භයෙන් බැහැර…
පුරුදු සහ ශුද්ධාත්මයාණන් වහන්සේ
“ඔබ හැදුනෙ වැඩුණේ මේ අවටද?” දන්ත වෛද්‍යවරයාගේ ප්‍රශ්නයට උත්තර දීමට මට නොහැකි වූයේ ඇගේ වෛද්‍ය උපකරණ තවමත් මගේ කටෙහි තිබෙන නිසාය. ඇය විස්තර කළේ 1945 දී පළමු වරට ෆ්ලෝරයිඩ් පානීය ජලයට එකතු කළේ අපගේ නගරය කියාය. දත් කුහර වළක්වන බවට සිතුවිල්ලකි. නමුත් ප්‍රතිකර්මයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ එක් වතුර ලීටරයකට ෆ්ලෝරයිඩ් මිලි ග්‍රෑම් 0.7 ක් පමණි. පුහුණු වෘත්තිකයෙක්ට…
යේසුස් වහන්සේගේ යාච්ඤා
ජේසුනී, ඔබ වහන්සේ මා උදෙසා යාච්ඤා කරන්නේ කෙසේද? මාගේ මිත්‍ර ලූ ඔහුට තිබුණු හැකියාවට වඩා වැඩි දැනීමක් සහ ශක්තියක් අවශ්‍ය වූ තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවක ක්‍රිස්තුස් වහන්සේට හදවතින්ම කළ මොර ගැසීම අසන්නට ලැබෙන තුරු එලෙස ප්‍රශ්න කිරීමට මම කවදා හෝ නොසිතුවෙමි. යාච්ඤාවට සැළකිය යුතු එම ප්‍රශ්නය එකතු කරනවා ඇසීමෙන් පසු යාච්ඤාව ගැන මාගේ අවබෝධයට සහ ක්‍රියාවට අළුත් කොටසක් එක් කර ගැනීමට…
අර්ථය සඳහා කැණීම
වින්සන්ටන් නම් වූ අලුත් බලු පැටියෙක් අපට සිටියි. ඌ සපා කයි. නිදියයි. කෑම කයි. (තවත් එකක් දෙකක් කරයි). ආ, ඔහු හාරයි. වින්ස්ටන් කරන්නේ සාමාන්‍ය හෑරීමක් නොවේ. ගුහා හාරයි. හරියට ඌ සිර ගෙයකින් පලා යනවා වගේ. එය ආවේගශීලීය. දරුණුය. කිළිටිය.
ඒ බල්ලා මෙතරම් හාරන්නේ මන්ද? මම මෑතකදී කල්පනා කෙළෙමි. එවිට මට එය වැටහුණි. මමද හාරන්නෙක්මි. මාව සතුටු කරනු ඇතැයි සිතෙන බොහෝ…
ක්‍රිස්තුස් වහන්සේ සමඟ තරඟය දිවීම
සත් වියැති ටොම් රාක්කයක් මත තිබෙන දිවීමේ තරඟ වලින් තම පියාට ලැබී තිබුණු දිලිසෙන කුසලානයන් අගය කරමින් බලා සිටියේය. “මගේ කාමරයේත් ඉන් එකක් තබා ගන්න ඕනේ” යයි ඔහු සිතුවේය. එම නිසා “තාත්තේ, ඔබගේ එක කුසලානයක් මට ලබා ගන්න පුළුවන්ද?” කියා ඔහු ඇසුවේය. පියා පුදුම පිළිතුරක් දුන්නේය : “නැහැ ටොම්. මේවා මගේය. මම ඒවා උපයා ගත්තෙමි. ඔබත් ඔබටම ඒවා උපයා ගන්න”.…
එක් එක් කාලවලදී දෙවියන් වහන්සේට මෙහෙ කිරීම
තමා විසින්ම කාලෙබ්ව වසර ගණනාවක් ගෝලත්වයට ගොඩ නැගූ පසුව සභා නායකයා විසින් තරුණ කාලෙබ්ගේ උපදේශකයා ලෙස වෙනත් කෙනෙක් පත් කිරීම ගැන මාර්ක්ගේ සිත චංචල විය. නායකයා පැවසුවේ “අවසානයේ කාලෙබ්ට උපදේශකයක් ලැබුනා” යනුවෙනි. මෙපමණ කාලයක් මා කර ඇත්තේ කුමක්ද කියා ඔවුන් සිතුවේ නැද්ද කියා මාර්ක් කල්පනා කළේය. ඔහු කිසිදු විපාකයක් හෝ පිළිගැනීමක් අපේක්ෂා නොකළද, ඔහුට ඇතිවූ වේදනාව වළක්වා ගත නොහැකි විය.…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය
තම පුතා සහ සහෝදරයා වන ටයිලර් සමඟ සබඳතා නැති වුන පවුලකට ටයිලර්ගේ මිනී අළු යැයි සඳහන් මුට්ටියක් ලැබුණි. වයස විසි දෙකක් වූ ඔහු මත් ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගෙන මිය ගිය බව දැන ගන්න ලැබුණි. වසර ගණනාවක් ටයිලර් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ වැරදි තීරණ වලින් දුක් විඳ තිබුණි. නමුත් වාර්තා වූ මත් ද්‍රව්‍ය අධිමාත්‍රාවට පෙර ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පුනරුත්ථාපන වැඩ…
දෙවියන් වහන්සේ එහි සිටින සේක
ඊළඟ දින කිහිපය තුළ මාගේ සීයා මිය යනු ඇත කියා මගේ මිත්තණියට මෘදු ලෙස දැනුම් දුන් විට ඇය කලබල වී කණස්සළු වේයයි අපි කල්පනා කළෙමු. “ඔබ කණස්සල්ලෙන්ද?” කව්දෝ ඇසීය. එසේ කළේ ඇගේ ස්වාමි පුරුෂයාගේ ශාරීරික තත්ත්වය කෙසේද කියා ඇයට ප්‍රශ්න තිබිය හැකි බවත් නැතහොත් ඇගේම අවශ්‍යතාවයන් සඳහා ඇයට උපකාර අවශ්‍ය විය හැකි බවත් සිතමින්ය. ඇය මොහොතක් කල්පනා කර “නැහැ. ඔහු…
ගුහාවක් තුළ තැති ගැන්ම
ඔවුන් මැමොත් ගුහාවට සම්බන්ධ වන දැවැන්ත භූගත පද්ධතිය තුළ මුදා හරින ලද දැඩි උද්‍යෝගයෙන් පිරි යෞවනයන් තුන් දෙනෙකි. ඔවුන් සමඟ මෙම ගල් ගුහා ගැන විශේෂඥයෙක් වූ ෆ්‍රෑන්ක් මාමා සිටියේය. ඔහු වැටෙන තැන් සහ භයානක තැන් ගැන දැන සිටි හෙයින් නිතරම පාහේ “දරුවෙනි, මේ පැත්තෙන්” යයි හඬ නැගුවේය. එසේ වූවත් ඔවුහු ඔහුගෙන් ඈතට ගියහ.
තම හිසෙහි තිබූ එළිය අඩු කර නිශ්චලව…