අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

ජාතික කඳවුරු ගසා ගැනීමක්

අපි තරු යට කඳවුරු ගසා ගත්තෙමු. අප සහ බටහිර අප්‍රිකානු අහස අතර කිසිවක් නොවීය. වියළි කාලයේදී කූඩාරමක් අවශ්‍ය නැත. නුමුත් ගින්දර අත්‍යාවශ්‍යය. “ගින්න නිවෙන්න දෙන්න එපා” යයි තාත්තා කීවේ ලීයකින් දර එහාට මෙහාට කරමිනි. ගින්න වන සතුන්ව ඈතින් තැබුවේය. දෙවියන්වහන්සේගේ මැවිල්ල මනහර නමුත් කඳවුර ඇති තැනට දිවියෙක් හෝ සර්පයෙක් එනවාට ඔබ කැමති නොවනු ඇත.

පියා ඝානා ඉහළ කොටසෙහි මිෂනාරිවරයෙක්ව සිටියේය.…

ෂෙබ්නාගේ සොහොන

අයර්ලන්ත කවියෙක් වූ ඩබ්. බී. ඊට්ස් කියා සිටියේ තමාව පැතලි මුදුනක් සහිතවූ “බෙන් බල්බෙන්” නැමැති කන්දේ වළ දමන ලෙසය. මෙය ඔහුගේ අවසන් කවියේ මාතෘකාවද විය. ඔහුගේ කවියේ අවසන් පදය වන
“ජීවිතය සහ මරණය ගණන් නොගන්න. අශ්වාරෝහකයෙනි, පසුකර යන්න” යනුවෙන් ඔහුගේ සොහොනෙහි කොටා තිබුණි.

එහි අර්ථය කුමක්ද යන්න ගැන බොහෝ මත ඇති වී තිබේ. සමහර විට එය ජීවිතය සහ මරණය ගැන…

තනි කටහඬක්

ලෝක මහා යුද්ධය අවසන් කළ පැරිසියේ සාම සමුළුවට පසුව ප්‍රංශ මාර්ෂල් ෆර්ඩිනැන්ඩ් ෆොක් මහත් ශෝකයෙන් ප්‍රකාශ කළේ “මෙය සාමය නොවේ. මෙය වසර විස්සක සටන් විරාමයක් පමණි” කියාය. “මේ යුද්ධය සියලු යුද්ධ වල අවසනායය” යනුවෙන් තිබූ ජනප්‍රිය මතය ෆොක්ගේ මතයට වඩා පරස්පර විරෝධී වූයේය. වසර විස්සක් සහ මාස දෙකකට පසුව දෙවන ලෝක යුද්ධය ඇති විය. ෆොක් නිවැරදි විය.

බොහෝ කාලයකට පෙර…

දෙවියන්වහන්සේගේ සමාදානයේ නියෝජිතයා

සාධාරණය ගැන ප්‍රශ්නය ඇය හොඳින් දැන සිටියේ යයි ඇයට හැඟුණ හෙයින් නෝරා සාමකාමී උද්ඝෝෂණයට ගියාය. සැළසුම් කර තිබූ පරිදි උද්ඝෝෂණය නිශ්චල එකක් විය. උද්ඝෝෂකයින් බලවත් නිසලතාවයකින් නගර මධ්‍යයට ගමන් කළහ.

එවිට බස් රථ දෙකක් පැමිණියේය. නගරයට පිටතින් කලබලකරුවෝ පැමිණියහ. ඉක්මණින් කරැල්ලක් ඇති විය. හදවත බිඳී නෝරා ඉවත්ව ගියාය. ඔවුන්ගේ යහපත් චේතනාවන් ඵල රහිත වූ බවක් පෙණුනි.

අපෝස්තලු පාවුල් යෙරුසලමේ දේව…

යේසුස්වහන්සේ තුළ පුනරුදය

ලෙනාඩොඩා වින්සිව අප දන්නේ පුනරුදයේ මනුෂ්‍යයා ලෙසටය. ඔහුගේ බුද්ධි බලය අධ්‍යාපනය සහ කලාවන් හී බොහෝ ක්‍ෂේත්‍රවලට මග පෙන්වීය. නමුත් ලෙනාඩෝ ලීවේ “අපගේ මෙම දුක්බිත දවස්” කියා සහ විලාප කීවේ “මනුෂ්‍යයන්ගේ සිත් වල අප ගැන කිසිදු මතකයක් ඉතිරි නොකර” මිය යන බව කියායි.

“මම ජීවත්වන්නේ කෙසේදැයි මම සිතද්දී මම ඉගෙන ගත්තේ මිය යන්නේ කෙසේද කියායි” යනුවෙන් ලෙනාඩෝ කීවේය. ඔහු අවබෝධ කර…

සදාකාලික උරුමය

විශාල අවපාතය කාලයේදී දූවිලි බඳුන් වැනි වැලි කුණාටු එක්සත් ජනපදය හරහා හමා යද්දී කැන්සාස් හී හියාවතා නගර වැසියෙක් වූ ජෝන් මිල්බර්න් ඩේවිස් තමාටම නමක් සාදා ගැනීමට තීරණය කළේය. දරුවන් නැති ස්වෝත්සාහයෙන් ධනවත්වූ ඩේවිස්ට සමාජ සේවයට හෝ ආර්ථිකයට ආයෝජනය කරන්න පුලුවන්කම තිබුණි. ඒ වෙනුවට ප්‍රදේශයේ සුසාන භූමියේ සිටවීමට තමාගේ සහ තම මියගිය බිරිඳගේ සම්පූර්ණ උසට සමාන රූප එකොළහක් සාදන ලෙසට පැවරුවේය.…

ලෙවී කථාව පවා

මාතෘකාව වූයේ ලෙවී කථාවය. මට පාපෝච්චාරණයක් කරන්න තිබේ. “මම බොහෝ දේවල් මග හැර කියෙව්වෙමි”. මම මගේ බයිබල් අධ්‍යයන කණ්ඩායමට කීවෙමි. “මම තවදුරටත් කුෂ්ඨ රෝග ගැන කියවන්නේ නැත”.

මගේ මිතුරු ඬේව් කථා කළේ එවිටය. “එම ඡේදය නිසා යේසුස්වහන්සේව විශ්වාස කරන අයෙක් ගැන මම දනිමි” කියා ඔහු කීවේය. තමාගේ මිත්‍රයෙක් වූ වෛද්‍යවරයා අදේවවාදියෙක් වූ බව ඬේව් විස්තර කළේය. ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප…

ගෞරවය ව්‍යාප්ත කරමින්

මැගීගේ තරුණ මිතුරිය සභාවට පැමිණියේ අමුතු ලෙස හැඳ පැළඳ ගෙනය. කිසිවෙක්ට මවිත වෙන්න හේතුවක් නොතිබුණි. මන්දයත් ඇය වෛශ්‍යාවක් වූ බැවිනි. මැගීගේ අමුත්තිය පුටුවේ ඇඹරෙමින්ද පමණට වඩා කොට වූ ඇගේ සාය අදිමින්ද තමා වටාම අත් යවමින්ද සිටියාය.

“ඔබට ශීතලද?” කියා මැගී ඇසුවේ ඇගේ ඇඳුමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටය. “මෙන්න. මගේ සළුව අරගන්න”.

මැගී දුසිම් ගණන් ජනතාවට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ ඔවුන්ට සභාවට…

සුවඳ ලාටුවල අර්ථය

අද බැහැදැකීමේ දිනයයි. “පෙර දිගින් පැමිණි රජුන් තිදෙනා අපය” යන කැරොල් ගීතයෙන් විස්තර වන්නේ ළදරු යේසුස්වහන්සේව බැහැදැකීමට පැමිණි අන්‍යජාතික ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැනයි. ඔවුහු රජවරු නොවූහ. ඔවුහු පෙරදිගින්ද (කලින් විස්තර දක්වා ඇති පරිදි) නොවෙති. එසේම තිදෙනෙක් බවද ස්ථිර නැත.

නමුත් ත්‍යාග තුනක් තිබූ හෙයින් කැරොල් ගීතය සැළකුවේ එකිනෙකා ගෙන ආ ඒවා ලෙසටයි. ණැනවතුන් බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී “... තමුන්ගේ කරඬු හැර රන්ද…

පුත්‍රයාද නැගී සිටිනු ඇත

අර්නස්ට් හෙමිංවේගේ පළමු සම්පූර්ණ දිග නවකථාව පෙන්නුම් කරන්නේ බීමට තදින් ඇබ්බැහි වූ පළමු ලෝක යුද්ධය තුළින් ගිය මිතුරන් කිහිප දෙනෙක් ගැනය. ඔවුහු සත්‍ය වශයෙන්ම සහ සංකේතාත්මකව යුද්ධයේ කැළැල් සහිතව සිටි අතර ඒවා දරා ගැනීමට උත්සාහ කළේ උත්සව, මහත් අවදානම් සහිත ගමන් සහ තැන් තැන් වල නිදා ගැනීමෙනි. වේදනාව නැති කරන පිණිස සෑම විටම මධ්‍යසාරය තිබුණි. කිසි කෙනෙක් ප්‍රීතියෙන් නොසිටියේය.

හෙමිංවේගේ…