විශාල අවපාතය කාලයේදී දූවිලි බඳුන් වැනි වැලි කුණාටු එක්සත් ජනපදය හරහා හමා යද්දී කැන්සාස් හී හියාවතා නගර වැසියෙක් වූ ජෝන් මිල්බර්න් ඩේවිස් තමාටම නමක් සාදා ගැනීමට තීරණය කළේය. දරුවන් නැති ස්වෝත්සාහයෙන් ධනවත්වූ ඩේවිස්ට සමාජ සේවයට හෝ ආර්ථිකයට ආයෝජනය කරන්න පුලුවන්කම තිබුණි. ඒ වෙනුවට ප්‍රදේශයේ සුසාන භූමියේ සිටවීමට තමාගේ සහ තම මියගිය බිරිඳගේ සම්පූර්ණ උසට සමාන රූප එකොළහක් සාදන ලෙසට පැවරුවේය.

පුවත් පත් වාර්තාකරුවෙක් වන අර්නි පයිල්ට ඩේවිස් කියා තිබුණේ “කැන්සාස්හී ඔවුන් මට වෛර කරනවා” කියාය. ප්‍රදේශ වාසීන් ඔහුට කියා සිටියේ ඒ මුදල් වලින් ආරෝග්‍ය ශාලාවක්, පිහිණුම් තටාකයක් හෝ උද්‍යානයක් සාදන ලෙසටයි. එසේ වූවත් ඔහු කියා සිටියේ “ඒ මගේ මුදල්. එය මම වියදම් කරන්නේ මට ඕනෑ ලෙසටයි” යනුවෙනි.

ඒ කාලයේ සිටි ධනවත්ම මනුෂ්‍යයා වූ සාලමොන් රජු ලීවේ “…. සම්පත්වලට ඇලුම් වන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි” සහ “දේපළ වැඩිවන විට ඒවා භුක්ති විඳින්නෝද වැඩිවෙති” (දේශනාකාරයා 10-11) යනුවෙනි. සාලමොන් වස්තුවේ දූෂ්‍යකරන ප්‍රවණතාවය හොඳින් අවබෝධ කර ගෙන තිබුණි.

අපෝස්තලු පාවුල්ද වස්තුව ගෙන එන පරීක්‍ෂාවන් හොඳින් තේරුම් ගෙන යේසුස්වහන්සේට කීකරුකමෙන් තම ජීවිතය ආයෝජනය කරන්න තීරණය කර ගත්තේය. රෝම සිරගෙදරදී මරණීය දණ්ඩනය තෙක් සිටියදී ඔහු ජයග්‍රාහීව පැවසුවේ “මක්නිසාද මම දැන් යාග කරනු ලබමින් සිටිමි. …. මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්‍ෂා කළෙමි” (2 තිමෝති 4:6-7) යනුවෙනි.

සදාකාලයට පවතින්නේ අපි ගලෙහි කොටන දෙයක් හෝ අපටම ගොඩ නගා ගෙන තිබෙන දෙයක් හෝ නොවේ. ඒ ප්‍රේම කරන්නේ කෙසේදැයි අපට ඉගැන්වූ තැනන්වහන්සේ වන උන්වහන්සේට සහ එකිනෙකාට අපි ප්‍රේමයෙන් දෙන දෙයිනි.