Archives: අප්‍රේල් 2024

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැරදිය නොහැක

දැන් වැඩිහිටියෙක් වී සිටින මගේ පුත් සේවියර් පහළ බාලාංශයේ සිටින විට දෑත් විදහා පැවසුවේ “මම ඔබට මෙතරම් ආදරෙයි” කියාය. මමත් මගේ දිගු දෑත් විදහා “මම ඔබට මෙතරම් ආදරෙයි” කියා කීවෙමි. නමුත් ඔහු තම අත් ඉණේ තබා ගෙන “මම පළමුවෙන් ප්‍රේම කළා” යයි කීවේය. මම හිස වැනුවෙමි. “දෙවියන්වහන්සේ ඔබව පළමුවෙන් මගේ ගර්භාෂයේ තැබූ විට මම ඔබට ප්‍රේම කළෙමි” කියා කීවෙමි. සේවියර්ගේ…

අවදිව යාච්ඤා කරන්න

ආත්මික සටන් කරන විට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් යාච්ඤාව බැරෑරුම් ලෙස සැළකිය යුතු වේ. කෙසේ වෙතත් ෆ්ලොරිඩාවේ කාන්තාවක් සොයා ගත්තේ එය අඥානව පුහුණු වීම කෙතරම් භයානකද කියාය. ඇය යාච්ඤා කරන විට ඇස් වසා ගත්තාය. එක් දිනක් රථය පදවද්දී ඇස් වසා ගෙන යාච්ඤා කරමින් සිටි ඇය නවතිනු යන සළකුණ ඉදිරියෙහි නතර කිරීමට අපොහොසත්ව ඇය මංසන්ධියක් හරහා වේගයෙන් ගොස් පාරෙන් ඉවත ඇති ඉඩමකට…

දේවදූත මිතුරන්

වෛද්‍ය පරීක්‍ෂණයකින් පසු තවත් වෛද්‍ය පරීක්‍ෂණයක් යනාදි වශයෙන් බෙව්ගේ කාල සටහන පිරී යද්දී විඩාවෙන් ඈ යටපත් වූවාය. වෛද්‍යවරු ඇයට අනතුරු ඇඟවූයේ ඇයගේ ශරීරයේ කොතැනක හෝ තිබිය හැකි පිළිකාවක් ඔවුන් සොයන බවයි. ඇය දෙවියන්වහන්සේ වෙත හැරී හෝ බයිබලය කියවන විටදී හෝ සෑම දිනකම දෙවියන්වහන්සේ ඇයව දිරිමත් කළේ උන්වහන්සේගේ අභිමුඛයෙන් සහ සමාදානය වර්ධනය කරන උන්වහන්සේගේ පොරොන්දු වලිනි. ඇය අවිනිශ්චිතතාවයන් සමග පොර බැදුවාය.…

කණස්සල්ලේ වල් පැළෑටි උගුල්ලමු

ඉඩමේ පසුපස පාත්තියක බීජ කිහිපයක් සිටුවා මම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටියෙමි. බීජ දින දහයේ සිට දහහතරක් ඇතුළත පැලවෙන බව මම කියවා තිබූ හෙයින් පොළොවට ජලය දමමින් මම නිතරම ඒ ගැන සොයා බැලුවෙමි. ඉක්මණින් කොළ වර්ණ පත්‍රිකා කිහිපයක් පොළොවෙන් මතුවෙනවා මම දුටුවෙමි. නමුත් මාගේ ප්‍රීතිය නැති වූයේ මගේ ස්වාමි පුරුෂයා ඒවා වල් පැළෑටි බව කී විටය. ඉක්මණින් ඒවා උගුලා දමන්න…

යේසුස්වහන්සේ තුළ එක්ව සේවය කිරීම

මයික්‍රොනීසියාවේ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙක් බේරා ගැනීමට ගළවා ගන්නා සේවකයෝ ක්‍රියා කළහ. කණ්ඩායමක් අවශ්‍ය වූයේ බොහෝ සෙයින් පැතිර ගිය සෞඛ්‍ය තර්ජනයක් නිසා ඔවුන් එකිනෙකාට විවෘත වීම සීමා කිරීම අවශ්‍ය වූ නිසාය. අතැර දැමූවන් පළමුවෙන් දුටු ගුවන් නියමුවෙක් ඒ පිළිබඳව ළඟම තිබූ නාවික නැවකට ගුවන් විදුලි පණිවුඩයක් ලබා දුන්නේය. නැව හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ආහාර, ජලය සහ වෛද්‍ය උපකරණ සැපයූහ. පසුව…