ලෙනාඩොඩා වින්සිව අප දන්නේ පුනරුදයේ මනුෂ්‍යයා ලෙසටය. ඔහුගේ බුද්ධි බලය අධ්‍යාපනය සහ කලාවන් හී බොහෝ ක්‍ෂේත්‍රවලට මග පෙන්වීය. නමුත් ලෙනාඩෝ ලීවේ “අපගේ මෙම දුක්බිත දවස්” කියා සහ විලාප කීවේ “මනුෂ්‍යයන්ගේ සිත් වල අප ගැන කිසිදු මතකයක් ඉතිරි නොකර” මිය යන බව කියායි.

“මම ජීවත්වන්නේ කෙසේදැයි මම සිතද්දී මම ඉගෙන ගත්තේ මිය යන්නේ කෙසේද කියායි” යනුවෙන් ලෙනාඩෝ කීවේය. ඔහු අවබෝධ කර ගත්තාට වඩා ඔහු සත්‍යයට ළංව සිටියේය. මිය යන විදිහ ඉගෙන ගැනීම ජීවත් වීමේ මාර්ගයයි. යේසුස්වහන්සේ ජයග්‍රාහීව යෙරුසලමට ඇතුල්වීමෙන් පසුව (දැන් අපි ගොක් ඉරිදා යනුවෙන් හඳුන්වන දිනය – යොහන් 12:12-19 බලන්න), උන්වහන්සේ කීවේ “ගෝධූම බීජය පොළෙවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි. නුමුත් මළොත් බොහෝ ඵල දෙයි” (24 පදය) යනුවෙනි. උන්වහන්සේගේ මරණය ගැන උන්වහන්සේ කථා කළ නමුත් අප සියල්ලන් ඇතුළත් වන පිණිස එය ව්‍යාප්ත කළ සේක. “තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය. මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛර කරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්‍ෂා කර ගන්නේය” (25 පදය).

අපෝස්තලු පාවුල් ලියා තිබුණේ ක්‍රිස්තුස්වහන්සේ සමග “තැන්පත් කරනු ලැබ” යන්න ගැනය. “මරණය තුළට බව්තිස්මය කරණකොට ගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙනුත් සම්බන්ධ වන්නෙමුව” (රෝම 6:4-5).

උන්වහන්සේගේ මරණය තුළින් පුනරුදය යන තේරුම දෙන නැවත උත්පත්තිය යේසුස්වහන්සේ අපට දෙන සේක. උන්වහන්සේගේ පියාණන්වහන්සේ සමග සදාකාල ජීවනය සඳහා උන්වහන්සේ මාර්ගය සකසා තිබෙන සේක.