මැගීගේ තරුණ මිතුරිය සභාවට පැමිණියේ අමුතු ලෙස හැඳ පැළඳ ගෙනය. කිසිවෙක්ට මවිත වෙන්න හේතුවක් නොතිබුණි. මන්දයත් ඇය වෛශ්‍යාවක් වූ බැවිනි. මැගීගේ අමුත්තිය පුටුවේ ඇඹරෙමින්ද පමණට වඩා කොට වූ ඇගේ සාය අදිමින්ද තමා වටාම අත් යවමින්ද සිටියාය.

“ඔබට ශීතලද?” කියා මැගී ඇසුවේ ඇගේ ඇඳුමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටය. “මෙන්න. මගේ සළුව අරගන්න”.

මැගී දුසිම් ගණන් ජනතාවට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ ඔවුන්ට සභාවට ආරාධනා කරමින් සහ එහිදී ඔවුන්ට පහසුවෙන් සිටීමට සැළැස්වීමෙනි. ශුභාරංචිය ඇයගේ මිත්‍රශීලි ක්‍රම තුළින් බැබළුණි. ඇය සියලු දෙනාටම ගරුත්වයෙන් සැළකුවාය.

ආගමික නායකයන් විසින් වෛශ්‍යාකමේ කුරිරු චෝදනාව යටතේ ස්ත්‍රියක්ව යේසුස්වහන්සේ වෙතට ඇද ගෙන ආ අවස්ථාවේදී ඇයට චෝදනා කළ අය ඈ වෙතින් ඉවත්ව යන තුරු ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ අවධානය ඇගෙන් ඉවත් කර තැබුවේය. ඔවුන් පිටව ගිය පසු ඇයට බැණ වැදීමට උන්වහන්සේට හැකියාව තිබුණි. ඒ වෙනුවට උන්වහන්සේ ඇයගෙන් සරල ප්‍රශ්න දෙකක් ඇසූ සේක : “ඔව්හු කොහේද?” සහ “කිසිවෙක් නුඹ වරදට පත් කළේ නැද්ද?” කියාය (යොහන් 8:10). ඇත්තෙන්ම දෙවන ප්‍රශ්නයට පිළිතුර නම් නැත යන්නයි. එම නිසා යේසුස්වහන්සේ ඇයට එක වාක්‍යයකින් ශුභාරංචිය දුන් සේක. “මමත් නුඹ වරදට පත් නොකරමි. පලයන්න. මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කී සේක” (11 පදය).

ජනතාව කෙරෙහි දක්වන හෙළා දැකීම ප්‍රතික්‍ෂේප කරන සියලු දෙනාට ගරුත්වය සහ සමාව දිගු කරන සත්‍යය ප්‍රේමය කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.