මොළයේ ගෙඩියක් තිබෙන බව සොයා ගත් පසු ක්‍රිස්ටිනා කොස්ටාට පෙණුනේ පිළිකාවට මුහුණ දීම සම්බන්ධ කථා බොහෝමයක් පිළිකාව සමග සටන් කිරීම ගැන කථා කරන බවයි. නමුත් මෙම රූපකය ඉක්මණින් වෙහෙස කරවන බව ඇයට වැටහුණි. තම ශරීරය සමග වසරකට වැඩි කාලයක් සටන් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ඇයට සළකන වෘත්තික කණ්ඩායමට සහ ඇයගේ ශරීරය සහ මොළය සුවය පෙන්වන ආකාරය ගැන දෛනික පුරුද්දක් ලෙස කෘතඥතාවය පුහුණු කිරීම වඩාත් ඵලදායි බව ඇය තේරුම් ගත්තාය. ඇය සෘජුවම අත්දුටුවේ පොර බැදීම කෙතරම් අසිරු වූවත් විශාදියට මුහුණ දීමටද එයට විරුද්ධව සිටීම වර්ධනය කිරීමට අවශ්‍ය ලෙස මොළය නැවත සකස් කිරීමටද කෘතඥතාවයේ පුරුද්දට හැකියාව ඇති බවයි.

කොස්ටාගේ බලවත් කථාව මට සිහිපත් කළේ කෘතඥතාවයේ පුරුද්ද ඇදහිලිවතුන් විසින් වගකීමක් ලෙස නොකරන බවයි. ඇත්තෙන්ම අපගේ කෘතඥතාවයට දෙවියන්වහන්සේ සුදුසු වුවද එය ගැඹුරු ලෙස අපටද යහපත් වන්නේය. අපි “මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව” (ගීතාවලිය 103:2) යයි කීමට අපගේ හදවත් ඔසවන විටදී දෙවියන්වහන්සේ ක්‍රියා කරන මිණිය නොහැකි මාර්ග එනම් සමාව දීම සහතික කිරීමද, අපගේ හදවත්වල සහ ශරීරයේ සුවය සඳහා ක්‍රියා කිරීමද
“ප්‍රේමය සහ දයාව” අත්විඳීමද උන්වහන්සේගේ මැවිල්ලේ ගණන් කළ නොහැකි “යහපත් දේවල්ද” අපට සිහිපත් වන්නේය (3-5 පද).

මෙම ජීවිත කාලය තුළදී සියලු වේදනා සම්පූර්ණ සුවය නොලැබුවද “සදාකාලයෙන් සදාකාලයට” (17 පදය) දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප සමග නිසා වන බැවින් අපගේ හදවත් සැම විටම කෘතඥතාවයෙන් නැවුම් විය හැකිය.