ග්වෙන්ඩලීන් ස්ටුල්ගිස්ගේ විවාහ මංගල්‍යය දිනයේදී ඇය සිහින මැවූ මගුල් ඇඳුම හැඳ සිටියාය. ඉන්පසුව ඇය එය නොදන්නා කෙනෙක්ට දුන්නාය. ඇඳුමක් අල්මාරියක දූවිලි එකතු කරමින් තිබෙනවාට වඩා යමක් ඇති බව ස්ටුල්ගිස් විශ්වාස කළාය. අනෙක් මනාලියෝද එකඟ වූහ. දැන් ඇයගේ සමාජ වෙබ් අඩවියේ බොහෝ ස්ත්‍රීන් මංගල ඇඳුම් දීමටද ලබා ගැනීමටද එකතු වී සිටිති. එක් ත්‍යාගශීලියෙක් පැවසුවේ “මෙම ඇඳුම මනාලියෙක්ගෙන් මනාලියකගේ අත්වලට ගොස් කරන සැමරීම් නිසා කාලය අවසානයේදී දියවී යනු ඇත” කියාය.

ඇත්තෙන්ම දීමේ ආත්මය සැමරීමක් ලෙස සැළකිය හැකිය. “විසුරුවන නුමුත් වස්තුව වැඩි කර ගන්නා කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වළක්වා ගන්නා කෙනෙක්ද ඇත. ත්‍යාගීලි තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය” (හිතෝපදේශ 11:24-25) කියා ලියා තිබේ. අපෝස්තලු පාවුල් මෙම ප්‍රතිපත්තිය අලුත් ගිවිසුමේ ඉගැන්වූයේය. එපීසයේ ඇදහිලිවතුන්ට සමුදෙන අවස්ථාවේදී ඔවුන්ට ආශිර්වාද කරමින් (ක්‍රියා 20:32) ත්‍යාගශීලිත්වයේ වැදගත්කම ඔහු ඔවුන්ට සිහිපත් කළේය. පාවුල් තමාගේම ආචාර ධර්ම ඔවුන්ට උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වීය. “මෙසේ වැඩ කරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද ගැනීමට වඩා දීම ආශිර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය” (ක්‍රියා 20:35).

ත්‍යාගශීලි වීම දෙවියන්වහන්සේව පරාවර්තනය කරයි. “මක්නිසාද දෙවියන්වහන්සේ ……….. දෙන තරම් ලෝකයට ප්‍රේම කළ සේක” (යොහන් 3:16). උන්වහන්සේ අපට මග පෙන්වන ලෙසට අපි උන්වහන්සේගේ තේජාන්විත උදාහරණය අනුගමනය කරමු.