Archives: ජනවාරි 2024

ක්‍රිස්තුස්වහන්සේට සම්පූර්ණයෙන් යටත් වී

1920 දී චීන සභාපාලකයෙක්ගේ සයවන දරුවා වන ජෝන් සුංට එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමට ශිෂ්‍යත්වයක් ලැබුණි. ඔහු උසස් ගෞරව සහිතව උපාධිය ලබා ශාස්ත්‍රවේදී උපාධියද ආචාර්්‍යය උපාධියද ලබා ගත්තේය. නමුත් අධ්‍යයන කටයුතු කරන අතර තුර ඔහු දෙවියන්වහන්සේගෙන් ඉවත්ව තිබුණි. ඉන්පසුව 1927 එක් රාත්‍රියක ඔහු තම ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට කැප කළ අතර දේශකයෙක් වීමට තමාට කැඳවීමක් ඇති බව ඔහුට දැණුනි.

චීනයේ බොහෝ…

අපගේ රජුන් වන යේසුස්වහන්සේ

ලෝකයේ අතීශයින්ම සුර්්‍යය රශ්මිය ඇති සහ වියළි රටක තෙල් සඳහා කැණීම් කරන විට කණ්ඩායම් පුදුමයට පත් වූයේ විශාල භූගත ජල ක්‍රමයක් සොයා ගත් නිසාය. එම නිසා 1983 දී “මනුෂ්‍යයා විසින් සාදන ලද විශාල ගංගාව” නම් වූ ව්‍යාපෘතිය පටන් ගැණුනි. ඒ අනුව අත්‍යවශ්‍ය නගරවලට උසස් ප්‍රමිතියෙන් යුත් ජලය යැවීම පිණිස බට තැන්පත් කිරීමේ ක්‍රමය ආරම්භ වුනි. මෙම ව්‍යාපෘතිය පටන් ගන්නා ස්ථානය…

සළකමින් බෙදා ගන්න

තරුණ සභාපාලක වරයා සෑම උදෑසනකම යාච්ඤා කරමින් එදින කෙනෙක්ට ආශිර්වාද කරන්න ඔහුව පාවිච්චි කරන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ප්‍රීතිය පිණිස බොහෝ විට එවැනි අවස්ථාවන් උදා වුනි. ඔහුගේ දෙවන රැකියාවේ විවේකයක් තුළ දිනක් ඔහු හිරු එළියේ හවුල් සේවකයෙක් සමග වාඩිවී සිටිද්දී මෙම හවුල් සේවකයා ඔහුගෙන් යේසුස්වහන්සේ ගැන විමසුවේය. සභා පාලක වරයා අනෙකාගේ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු දුන්නේය. විවේචන නොවීය. විවාද…

දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ දීමනාව

මා උගන්වන උසස් විද්‍යාලයේ ලිවීමේ පංතියක ප්‍රශ්න පත්‍ර කිහිපයක් ලකුණු කරමින් සිටියදී එක් විශේෂිත පත්‍රයක් මගේ සිත ගත්තේය. එය ඉතාමත් හොඳින් ලියා තිබුණි. ඉක්මණින්ම මට තේරුම් ගියේ එය ඉතාමත්ම හොඳින් ලියා තිබූ බවයි. කුඩා විමර්ෂණයකින් පෙන්නුම් කළේ එය අන්තර් ජාලයෙන් පිටපත් කර ගෙන ඇති බවයි.

මම සිසුවියට විද්්‍යුත් පණිවුඩයක් යවමින් ඇයගේ වංචාව අසුවී ඇති බව දන්වා සිටියෙමි. ඇයට මෙම විභාග…

වෙහෙස නිවන වචන

“අම්මා, මී පැණි වල මීමැස්සෙක් ඉන්නවා” කියා මුළුතැන් ගෙයි සිට මගේ දියණිය කෑ ගැසුවාය. මම පුරුදු ආප්තෝපදේශය ක්‍ෂණිකව පැවසුවෙමි : “විනාකිරි වලට වඩා පැණිවලට මැස්සෝ එති”. මම (අහම්බෙන්) පැණි වලින් මැස්සෙක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වුවද මෙම නූතන හිතෝපදේශය මම පාවිච්චි කළේ එහි ගැබ්ව තිබූ ප්‍රඥාව නිසාය. තිත්ත ආකල්පයකට වඩා දයාවන්ත ඉල්ලීම් වලින් සෙනග ආකර්ශණය කර ගත හැකිය.

ශුද්ධාත්මයාණන්…