“අම්මා, මී පැණි වල මීමැස්සෙක් ඉන්නවා” කියා මුළුතැන් ගෙයි සිට මගේ දියණිය කෑ ගැසුවාය. මම පුරුදු ආප්තෝපදේශය ක්‍ෂණිකව පැවසුවෙමි : “විනාකිරි වලට වඩා පැණිවලට මැස්සෝ එති”. මම (අහම්බෙන්) පැණි වලින් මැස්සෙක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වුවද මෙම නූතන හිතෝපදේශය මම පාවිච්චි කළේ එහි ගැබ්ව තිබූ ප්‍රඥාව නිසාය. තිත්ත ආකල්පයකට වඩා දයාවන්ත ඉල්ලීම් වලින් සෙනග ආකර්ශණය කර ගත හැකිය.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් හිතෝපදේශ පොත අපට ණැනවත් හිතෝපදේශ සහ කියමන් එකතුවක් ලබා දෙයි. මෙවැනි ආනුභාව සම්පන්න කියමන් දෙවියන්වහන්සේට ගෞරව වන ආකාරයෙන් ජීවත් වන්නේ කෙසේද යන්න ගැන වැදගත් සත්‍යයන් අපට උගන්වමින් අපට මග පෙන්වීමට උපකාර කරයි. අපගේ දුරාවබෝධ වචන අන් අයට බලපැ හැක්කේ කෙසේද යන්න ඇතුළත්ව බොහෝ හිතෝපදේශ අන්‍යොන්‍ය සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරයි. සාලමොන් රජුට ආරෝපණය කර ඇති හිතෝපදේශ කොටසක අසල්වැසියාට විරුද්ධව බොරු සාක්‍ෂි කීමෙන් සිදුවන හානිය ගැන අනතුරු අඟවයි (හිතෝපදේශ 25:18). එසේම කේලාම් කියන දිව සම්බන්ධතා පළුදු කරන බව කියයි (23 පදය). සෑම විටම භාවිතා කරන දබරකාරී වචන වලින් වන බලපෑම ගැන සාලමොන් අවවාද කරයි (24 පදය). රජු පාඨකයන්ව දිරිමත් කරන්නේ අපගේ වචන යහපත් ආරංචි ගෙන එන විට ආශිර්වාදද පැමිණෙන බව කියමිනි (25 පදය).

අපි මෙම සත්‍යයන් අදාළ කර ගැනීමට සොයන විට නිවැරදි පිළිතුර ලබා ගැනීමට අපට උපකාර කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයය (16:1). උන්වහන්සේගෙන් බලගැන්වී අපගේ වචන මිහිරි සහ වෙහෙස නිවන ඒවා විය හැකිය.