1920 දී චීන සභාපාලකයෙක්ගේ සයවන දරුවා වන ජෝන් සුංට එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමට ශිෂ්‍යත්වයක් ලැබුණි. ඔහු උසස් ගෞරව සහිතව උපාධිය ලබා ශාස්ත්‍රවේදී උපාධියද ආචාර්්‍යය උපාධියද ලබා ගත්තේය. නමුත් අධ්‍යයන කටයුතු කරන අතර තුර ඔහු දෙවියන්වහන්සේගෙන් ඉවත්ව තිබුණි. ඉන්පසුව 1927 එක් රාත්‍රියක ඔහු තම ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට කැප කළ අතර දේශකයෙක් වීමට තමාට කැඳවීමක් ඇති බව ඔහුට දැණුනි.

චීනයේ බොහෝ වැඩි වැටුප් අවස්ථා ඔහු වෙනුවෙන් තිබුණ නමුත් නැවෙන් ගෙදර එන විටදී ඔහුගේ අරමුණු පසෙක තබන්න යැයි ශුද්ධාත්මයාණන් වහන්සේ පෙළඹවීමක් දුන් සේක. ඔහුගේ කැපවීමේ සංකේතයක් ලෙසට ඔහු සියලු සම්මාන මුහුදට දැමූ අතර දෙමාපියන්ට ගරුත්වයක් ලෙස දීමට ආචාර්්‍ය උපාධි සහතිකය පමණක් තබා ගත්තේය.

ගෝලයෙක් වීම ගැන යේසුස්වහන්සේ කී දෙය ජෝන් සුං තේරුම් ගත්තේය. “මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?” (මාර්ක් 8:36). අපි අපවම එපා කර ගෙන පරණ ජීවිතය ඉවත ලා ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ මග පෙන්වීම පසුපස යන්නේ නම් (34-35 පද) එයින් අර්ථවත් වන්නේ උන්වහන්සේ අනුගමනය කිරීමට බාධා වන පුද්ගලික ආසාවන් සහ ද්‍රව්‍යාත්මක ලාභයන් අත්හැරීම වේ. ඊළඟ වසර දොළහක කාලය තුළ ජෝන් චීනය සහ ගිණිකොන ආසියාව මුළුල්ලේම ශුභාරංචිය දේශනා කරමින් දෙවියන්වහන්සේ විසින් දෙන ලද දූතනය මුළු හදින්ම ක්‍රියාත්මක කළේය. අපි කෙසේද? දේශකයන් සහ මිෂනාරිවරුන් වීමට අපට කැඳවීමක් නොතිබෙන්න පුළුවන. නමුත් අප තුළ ක්‍රියා කරන ශුද්ධාත්මය මගින් දෙවියන්වහන්සේ කැඳවන ඕනෑම සේවයක් කිරීමට අප සම්පූර්ණයෙන්ම උන්වහන්සේට යටත් වෙමු.