ලෝකයේ අතීශයින්ම සුර්්‍යය රශ්මිය ඇති සහ වියළි රටක තෙල් සඳහා කැණීම් කරන විට කණ්ඩායම් පුදුමයට පත් වූයේ විශාල භූගත ජල ක්‍රමයක් සොයා ගත් නිසාය. එම නිසා 1983 දී “මනුෂ්‍යයා විසින් සාදන ලද විශාල ගංගාව” නම් වූ ව්‍යාපෘතිය පටන් ගැණුනි. ඒ අනුව අත්‍යවශ්‍ය නගරවලට උසස් ප්‍රමිතියෙන් යුත් ජලය යැවීම පිණිස බට තැන්පත් කිරීමේ ක්‍රමය ආරම්භ වුනි. මෙම ව්‍යාපෘතිය පටන් ගන්නා ස්ථානය අසළ “මෙහි සිට ජීවන ධමනිය ගලා යයි” යනුවෙන් සඳහන් දැන්වීමක්ද ප්‍රදර්ශනය කෙරුණි.

අනාගතයේ ධර්මිෂ්ඨ රජෙක් ගැන විස්තර කිරීමට අනාගාතවක්තෘ යෙසායා කාන්තාරයේ ජලය නැමැති රූපකය භාවිතා කළේය (යොසායා 32). රජවරුන් සහ පාලකයින් යුක්ති සහහගතව සහ ධර්මිෂ්ඨකමෙන් පාලනය කරන විට ඔවුහු “වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය” (2 පදය). සමහර පාලකයෝ දීම වෙනුවට ගැනීම තෝරා ගත්හ. කෙසේ වෙතත් දෙවියන්වහන්සේට ගරුත්වය දෙන නායකයෙක්ගේ ලක්‍ෂණ වන්නේ සෙනගට සෙවණ, සරණ, නැවුම්කම සහ රැකවරණය ගෙන ඒමය. යෙසායා පැවසුවේ “ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්‍ෂිතභාවයද වන්නේය” (17 පදය) යනුවෙනි.

යෙසායාගේ බලාපොරොත්තුවේ වචන සම්පූර්ණ අර්ථය සමග යේසුස්වහන්සේ තුළ සම්බවන්නේය.
“උන්වහන්සේම ……. ස්වර්ගයෙන් බස්නා සේක. ……. මෙසේ අපි නිතරම ස්වාමින්වහන්සේ සමග සිටින්නෙමුව” (1 තෙසලෝනික 4:16-17). මනුෂ්‍යයාගේ අත් වලින් “මනුෂ්‍යයා විසින් සාදන ලද විශාල ගංගාව”ද ඒ හා සමානය. දිනෙක ඒ ජලාශයේ වතුරද සිඳී යනු ඇත. නමුත් අපගේ ධර්මිෂ්ඨ රජු අපට නැවුම් බවද කිසිදා සිඳී නොයන ජීවන ජලයද ගෙන එන සේක.